තතො ත්වං, බාහිය, න තෙන.
යතො ත්වං, බාහිය, න තෙන; තතො ත්වං, බාහිය, න තත්ථ.
යතො ත්වං, බාහිය, න තත්ථ; තතො ත්වං, බාහිය, නෙවිධ න හුරං න උභයමන්තරෙන.
එසෙවන්තො දුක්ඛස්සා.
බාහිය, යම් දිනෙක ඔබට (තණ්හා, දිට්ඨි, මාන වශයෙන්) එහි පැවැත්මක් නැත්ද, එදිනට ඔබ ඒ නිසා නොපවතී.
බාහිය, යම් හෙයකින් ඔබ ඒ නිසා නොපවතීද, එදිනට ඔබ එහි (එනම් අරමුණෙහි) නොපවතී.
බාහිය, යම් හෙයකින් ඔබ එහි නොපවතීද, එදිනට ඔබ මෙලොවද නැත, පරලොවද නැත, දෙඅතරද (දෙලොව අතරද) නැත.
දුකෙහි කෙළවර (නිවන) මෙයම වේ.