මේ ගල් අගුරු වංචාව තේරෙන්නේ නැහැ ඇත්තම මෝකද්ද වෙලා තියෙන්නේ ?
මුලින් කිව්වා. බල ගල් ගෞරු ගෙනාවේ නැහැ කියලා. ? කිසිම අවුලක් නැහැ කියලා
පස්සේ වැඩේ අතේ මාට්ටු වෙනකොට.
ටෙන්ඩර් කැද්වලා. පිළිවෙලකට දීලා තියෙන්නේ. ටෙන්ඩර් එක අනුව ඒ නිසා කිසිම වංචාවක් වෙලා නැහැ. අපි හෝරැ නෙමේ ලු
කොහොම හරි.
දැන් ඇවිත් තියෙන්නේ බාල ගල් අගුරු.
ප්‍රමිතියෙන් නැති ඒවා ගෙනාවම ඒවට වග කියන්න හරි. අර කම්පනියෙන් වන්දි ගන්න ක්‍රමයක් නැද්ද. ? .
ඇත්තටම ටෙන්ඩර් දාලා බාල බඩු. ඒවලා ඒවට වගා කියන්න කව්රුත් නැද්ද?
හොරකමක් වෙලා නැද්ද ?
--- Copied ----
බාල ගල්අඟුරු සහ බාල විපක්ෂය !
මහින්ද පතිරණ ඇතුළු සුන්බුන් විපස්සේ සැට්ටෙකම වාඩිවෙලා කියවන්න ඕනේ මේක.
මේ ආණ්ඩුව බාල ගල්අඟුරු වලින් ගහපු ගේමක් ගැන විපක්ෂය හෙන සද්දෙට කියාගෙන යනවා අපිට ඇහෙනවා. ඒ කියන කතාව උස්සන් අනුගාමිකයො ටිකතුත් දුවනවා පේනවා.
සරල කතාව මේකයි..,
මේ ආණ්ඩුව අලුතෙන් ගල්අඟුරු ගෙන්වන්න ටෙන්ඩර් කෝල් කරනවා. ලියාපදිංචි සමාගම් 23 ක් ඉන්නවා. ඒකෙන් 10 ක් මිල ගණන් ඉදිරිපත් කරනවා. එතෙක් මෙතෙක් මිල ගණන් වැඩිම ඉදිරිපත් කරපු අවස්ථාව තමයි මේක.
ඊට පස්සේ අවම මිල ගණන් දීපු සමාගම බැලුවහම අපි ඉල්ලලා තිබුණ සියලු සුදුසුකම් එයාලට තියෙනවා.
දකුණු අප්‍රිකානු ඒ සමාගම එහෙන් මෙහෙට ඒවා එවන්න කලින්, ඒවගෙ තත්ත්වය පරීක්ෂා කරන ලෝකෙ පිළිගත් ඊට අදාළ පරීක්ෂණ ආයතයකින් අදාළ ගල්අඟුරු සම්බන්ධව අපි Report එකකුත් ගෙන්න ගන්නවා. ඒ Report වලත් ඒ ගල්අඟුරු අදාල ප්‍රමිතියට අනුකූලයි කියල තියෙනවා.
Gross Calorie Peak Value එක අනුව තමයි, ගල්අඟුරුවල ප්‍රමිතිය බලන්නේ. ඒ කියන්නේ කොච්ව්ර ගල්අඟුරු කිලෝ ප්‍රමාණයකින්ද Turbines කරකවන්න පුලුවන් වගේ අදහසක්.
. ඔය කියන අගය 5900 ට අඩු වුණොත්, ඒ ගල් අඟුරු තොගය Reject වෙනවා. එහෙම දෙකක් වුණා කියන්නේ, එයා සම්පූර්ණයෙන්ම සැපයුම් කරුවන්ගේ ලැයිතුවෙන් ඉවත් වෙනවා.
. ඊට පස්සේ ඔය අගය 5900 යි 6150 යි අතර තිබුණොත්, අපි භාර ගන්නවා. හැබැයි, අදාළ සමාගමට ගිවිසුම ප්‍රකාරව දඬයක් තියෙනවා.
. 6150 ට වැඩි වුණොත්, අපි ඒක දඬයක් නැතුව පාවිච්චිකරනවා.
ඊට පස්සේ, තව සාධක ගොඩක් තියෙනවා.
මේවා පිච්චුවම එකතු වෙන අලු ප්‍රමාණය අනුව..,
ඒක ප්‍රතිශතයක් විදිහට.,
. 11% ට අඩු නම්, අපි පවිච්චි කරනවා.
. 11% - 16% අතරනම්, දඩයක් තියෙනවා .
. 06% ට වැඩිනම්, Reject කරනවා.
. ඔය වගේ ගල්අඟුරු කැටවල ප්‍රමාණයන් අනුව,
. අඩංගු Sulphur ප්‍රමාණය අනුව,
. වාෂ්පශීලීතාවය අනුව
වගේ නිර්නායක කිහිපයක් අනුව මේ තෝරාගැනීම කරනවා, දඩ ගහනවා සහ Reject කරනවා කියන ක්‍රියාවලියක් මේක ඇතුළේ තියෙන්නේ.
මේක මේ මාලිමා ආණ්ඩුව ආවහම දාපු නීතිවත් - මොකවත් නෙවෙයි. අදාළ විශේෂඥයෝ හදපු නිර්නායක ඒ කාලේ ඉඳන් එන.
ඔහොම නිර්නායක දාන්නෙම මේක මේ කර්මාන්ත ශාලාවක හදන එකක් නෙවෙයි, 100% එක කොලිටියට ගන්න. මේක යකුනේ ස්භාවිකව පොළොවෙ තියෙන මූලද්‍රව්‍යයක්.
ඔහොම තමයි මේක ලංකාවට එන්නේ.
මේ බාල ගල්අඟුරු කිය කියා වැළලෙන්නේ, මේකෙ තිබුණ ඔය හොඳම ප්‍රමීතින්වල අඩුකම නිසා, ගහපු දඬ නිසා නම්..,
මීට කලින් මේ මෑත පහුවුන ගෝඨාගේ ආණ්ඩුවයි, රනිල්ගේ ආණ්ඩුවෙනුත් ඔය කියන විදිහටම වැඩේ වෙලා!
. 2020 - 2021 වාර 37 යි දනුණු අප්‍රිකාවෙන් ගේන්නේ. ගහපු දඩය ඩො.මි. 5.355 යි
. 2020 -2021 රුසියාවෙනුත් එනවා , වාර 05 ක්. දඩය ඩොලර් ලක්ෂ 3.735 යි.
. 2021 - 2022 දකුණු අප්‍රිකාවෙන් වාර 29 ක්. දඩය ඩො.මි.8.072 ක්.
ඔය නිකම් අවුරුදු දෙකක විතරයි.!
හොඳම කතාව මේක..,
මීට කලින් රනිල්ගේ ආණ්ඩුවෙන් මෙට්‍රික් ටොන් එකක් රටට ගෙනාවේ , ඩොලර් 120 ට.
මේ හොරු - හොරු කියන ආණ්ඩුව ගේන්නේ ඩොලර් 98 ට. ඩොලර් 22 ක් අඩුවෙන්.
ලංකාවෙ ලොකුම ටෙන්ඩර් එක. මෙට්‍රික් ටොන් මිලියන 2.25 ක් ගේනවා.
නිකමට හිතුවොත්, හොරු - හොරු කියන මේ ආණ්ඩුව කලින් ආණ්ඩු ගෙනාවට වඩා, මේ ගණුදෙණුවෙන් අපේ රටට ඉතිරි කරපු මුදල රු.බිලියන 14.85 ක් විතර. ( රු.14,850,000,000.00 )
මේ ගල්අගුරුවල Quality එක අඩු නිසා ගහපු දඩය ඩොලර් මිලියන 02 ක්. ඒ නිසා, ඩොල්ර් 98 ට ගෙනාපු ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකක දැන් වටිනාකම ඩොලර් 64 යි.
මොනම දෙයක්වත් හරියට කරගන්න බැරුව දශක ගාණක් බොරු කරපු, හොරා කාපු වර්ථමාන විපක්ෂ කණ්ඩායමට කියන්න තියෙන්නේ, ටික කාලයක් උස්සන් යන්න පුලුවන් බොරුවක් හරි කියපල්ලා!
අනුගාමිකයන්ට කියන්න තියෙන්නේ, උඹලා පව්.! අර හොරු ටික නිසා, රටට වෙන හෙනේවත් උඹලට නොපෙනෙන තරම් අන්ධ වෙලා කියලා.
120 ට ගෙනාපු එක 98 ගෙනෙල්ලා, ඒකට දඩත් ගහලා, ඒ 98 ට ගෙනාපු එක 64 ක් වෙන මට්ටමටත් ගෙනෙල්ලා. මේ ආණ්ඩුව හොරු කියන උඹල පිස්සෝ කියනවට වඩා මොනවා කියන්නද.?
ඇත්තටම අපි මේ රට හදන එක ඔය බංකොලොත් විපක්ෂයේ මොකාටවත් නවත්වන්න බැහැ!
එච්චරයි!!
මාතෘභූමියට ජය වේවා!
මගේ රට දිනේවා!!
© නුවන් නිළමුණි