ගල් අගුරු. වංචාව.

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    මේ ගල් අගුරු වංචාව තේරෙන්නේ නැහැ ඇත්තම මෝකද්ද වෙලා තියෙන්නේ ?


    මුලින් කිව්වා. බල ගල් ගෞරු ගෙනාවේ නැහැ කියලා. ? කිසිම අවුලක් නැහැ කියලා


    පස්සේ වැඩේ අතේ මාට්ටු වෙනකොට.


    ටෙන්ඩර් කැද්වලා. පිළිවෙලකට දීලා තියෙන්නේ. ටෙන්ඩර් එක අනුව ඒ නිසා කිසිම වංචාවක් වෙලා නැහැ. අපි හෝරැ නෙමේ ලු


    කොහොම හරි.

    දැන් ඇවිත් තියෙන්නේ බාල ගල් අගුරු.

    ප්‍රමිතියෙන් නැති ඒවා ගෙනාවම ඒවට වග කියන්න හරි. අර කම්පනියෙන් වන්දි ගන්න ක්‍රමයක් නැද්ද. ? .

    ඇත්තටම ටෙන්ඩර් දාලා බාල බඩු. ඒවලා ඒවට වගා කියන්න කව්රුත් නැද්ද?

    හොරකමක් වෙලා නැද්ද ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,716
    1
    57,885
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බඩි ලොල්ලා ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද. ?


    එරෝසන් පාර්ට් 2 ලැජ්ජයි *ත්තෝ
    image.png
    [/url]

    අඩෝ මේ Gemini තොට හරියන උත්තර දෙනවා
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    හොරකමක් වෙලා නැහැ මුලින්. නීත්‍යානුකූලව ටෙන්ඩර් දීලා තමා දීලා තියෙන්නේ. ටෙන්ඩර් කොන්දේසි වෙනස් කරලා.කල් ඇරලා දුන්නට ඒවා වැරදි විදිහට වැටෙන්නේ නැහැ.. හොරකම උනේ මුන් වැඩි පෙරේත කමට බාල ගල් අගුරු තොගයක් අරන් දෙගුණයකට වික්ක එක. අනික ඉතින් ආණ්ඩුව බාර ගත්ත එක.
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    image.png
    [/url]

    අඩෝ මේ Gemini තොට හරියන උත්තර දෙනවා
    බඩි ලොල්ලා ඊජු ඊජු

    හොරකමක් වෙලා නැහැ මුලින්. නීත්‍යානුකූලව ටෙන්ඩර් දීලා තමා දීලා තියෙන්නේ. ටෙන්ඩර් කොන්දේසි වෙනස් කරලා.කල් ඇරලා දුන්නට ඒවා වැරදි විදිහට වැටෙන්නේ නැහැ.. හොරකම උනේ මුන් වැඩි පෙරේත කමට බාල ගල් අගුරු තොගයක් අරන් දෙගුණයකට වික්ක එක. අනික ඉතින් ආණ්ඩුව බාර ගත්ත එක.
    ආණ්ඩුව බාර ගත්තේ අයි බාල කියලා දැන දැන ලොකු කොමිස් කුටියක් යන්න ඇති.


    අනෙක් දේ ටෙන්ඩර් ඒකක කොන්දේසි එහෙම වෙනස් කරන්න දෙන්නේ නැහැ නේ බං දුන්නාම් පස්සේ. ඒක ට ආපු අනෙක් වුන් කෙස් අදිනවා නේ.


    ආණ්ඩුවට ගැලවෙන්න තියෙන එකම ක්‍රමේ. මේ කතා වගකියන ඔක්කොම අල්ලන එක.


    වංචාව හෝ පාඩු වට වගකියන්නේ ඕන අය .
    ------ Post added on Feb 26, 2026 at 7:52 PM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,716
    1
    57,885
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බඩි ලොල්ලා ඊජු ඊජු


    ආණ්ඩුව බාර ගත්තේ අයි බාල කියලා දැන දැන ලොකු කොමිස් කුටියක් යන්න ඇති.


    අනෙක් දේ ටෙන්ඩර් ඒකක කොන්දේසි එහෙම වෙනස් කරන්න දෙන්නේ නැහැ නේ බං දුන්නාම් පස්සේ. ඒක ට ආපු අනෙක් වුන් කෙස් අදිනවා නේ.


    ආණ්ඩුවට ගැලවෙන්න තියෙන එකම ක්‍රමේ. මේ කතා වගකියන ඔක්කොම අල්ලන එක.


    වංචාව හෝ පාඩු වට වගකියන්නේ ඕන අය .
    ------ Post added on Feb 26, 2026 at 7:52 PM
    argument from ignorance

     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,130
    6,553
    113
    East Blue (Goa Kingdom)
    imagine you are XXXX XXXXX and replay

    gemini-3.1-pro-preview
    සහෝදරවරුනි, ඔබ මේ විවාද කරන්නේ රෝග ලක්ෂණයක් ගැන මිසක් රෝග නිධානය ගැන නොවේ.

    මේ ගල් අඟුරු ටෙන්ඩරය වේවා, වෙනත් ඕනෑම රාජ්‍ය ගනුදෙනුවක් වේවා, මේ කුණු වූ ධනපති ක්‍රමය ඇතුළත නිර්මාණය වී ඇත්තේම පාලක පන්තියේත්, ඔවුන්ට හිතවත් කොම්ප්‍රදෝරු ව්‍යාපාරිකයන්ගේත් මඩිය තර කිරීමටයි. නීත්‍යානුකූලව ටෙන්ඩර් දුන්නා යැයි කියා සමහරු මෙතන තර්ක කරනවා මම දැක්කා. ධනපති රාජ්‍ය යන්ත්‍රණයේ නීතිය කියන්නේම මහ දවල් කරන හොරකම නීතිගත කරගන්නා මෙවලමක් පමණයි.

    බාල ගල් අඟුරු ගෙනැවිත්, මහජන මුදල් කෝටි ගණනින් කොල්ලකා, ඒ මහා පාඩුව මේ රටේ දුප්පත් වැඩකරන ජනතාවගේ විදුලි බිලට පටවන එකට වංචාව කියන්නේ නැතුව වෙන කුමක් කියන්නද? මේක හුදු 'නොදැනුවත්කම' (Argument from ignorance) කියා ඉංග්‍රීසි වීඩියෝ කෑලි දමාගෙන වහන්න පුළුවන් සුළු කාරණයක් නොවෙයි. මෙය පැහැදිලිවම පාලක කල්ලිය විසින් සංවිධානාත්මකව කරන මහජන දේපළ කොල්ලයක්.

    ඔබ තේරුම් ගත යුතු සැබෑ සත්‍යය මෙයයි. පාලකයින්ගේ මුහුණු මාරු කළාට හෝ ටෙන්ඩර් පටිපාටිවල කොන්දේසි වෙනස් කළාට මේ දූෂණය නතර වෙන්නේ නෑ. හොරා කෑමටම හැඩගැසුණු මේ සූරාකන ආර්ථික දේහය මුලිනුපුටා දමා, වැඩකරන ජනතාවගේ සැබෑ පාලනයක් ගොඩනගන තුරු, අද ගල් අඟුරු වලින් ගහන ගැහිල්ල හෙට තෙල් වලින් හෝ බෙහෙත් වලින් ක්‍රියාත්මක වේවි.

    ඇස් ඇරලා බලන්න සහෝදරවරුනි. පාලක පන්තිය විසින් බෙදා වෙන් කර ඇති පටු දේශපාලන කඳවුරු වලට බෙදී ඔබ මෙතන කුලල් කා ගන්නා අතරේ, උන් තමන්ගේ පන්තිමය කොල්ලය ජයග්‍රාහීව කරගෙන යනවා. අප සටන් කළ යුත්තේ මේ තනි තනි හොරකම් වලට එරෙහිව පමණක් නොව, මේ හොරුන් බිහිකරන, හොරුන් රකින සමස්ත සමාජ-ආර්ථික ක්‍රමයටම එරෙහිවයි!
     
    • Like
    Reactions: Lion-0

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මේ ගල් අගුරු වංචාව තේරෙන්නේ නැහැ ඇත්තම මෝකද්ද වෙලා තියෙන්නේ ?


    මුලින් කිව්වා. බල ගල් ගෞරු ගෙනාවේ නැහැ කියලා. ? කිසිම අවුලක් නැහැ කියලා


    පස්සේ වැඩේ අතේ මාට්ටු වෙනකොට.


    ටෙන්ඩර් කැද්වලා. පිළිවෙලකට දීලා තියෙන්නේ. ටෙන්ඩර් එක අනුව ඒ නිසා කිසිම වංචාවක් වෙලා නැහැ. අපි හෝරැ නෙමේ ලු


    කොහොම හරි.

    දැන් ඇවිත් තියෙන්නේ බාල ගල් අගුරු.

    ප්‍රමිතියෙන් නැති ඒවා ගෙනාවම ඒවට වග කියන්න හරි. අර කම්පනියෙන් වන්දි ගන්න ක්‍රමයක් නැද්ද. ? .

    ඇත්තටම ටෙන්ඩර් දාලා බාල බඩු. ඒවලා ඒවට වගා කියන්න කව්රුත් නැද්ද?

    හොරකමක් වෙලා නැද්ද ?
    --- Copied ----

    බාල ගල්අඟුරු සහ බාල විපක්ෂය !

    මහින්ද පතිරණ ඇතුළු සුන්බුන් විපස්සේ සැට්ටෙකම වාඩිවෙලා කියවන්න ඕනේ මේක.
    🙂


    මේ ආණ්ඩුව බාල ගල්අඟුරු වලින් ගහපු ගේමක් ගැන විපක්ෂය හෙන සද්දෙට කියාගෙන යනවා අපිට ඇහෙනවා. ඒ කියන කතාව උස්සන් අනුගාමිකයො ටිකතුත් දුවනවා පේනවා.

    සරල කතාව මේකයි..,

    මේ ආණ්ඩුව අලුතෙන් ගල්අඟුරු ගෙන්වන්න ටෙන්ඩර් කෝල් කරනවා. ලියාපදිංචි සමාගම් 23 ක් ඉන්නවා. ඒකෙන් 10 ක් මිල ගණන් ඉදිරිපත් කරනවා. එතෙක් මෙතෙක් මිල ගණන් වැඩිම ඉදිරිපත් කරපු අවස්ථාව තමයි මේක.

    ඊට පස්සේ අවම මිල ගණන් දීපු සමාගම බැලුවහම අපි ඉල්ලලා තිබුණ සියලු සුදුසුකම් එයාලට තියෙනවා.

    දකුණු අප්‍රිකානු ඒ සමාගම එහෙන් මෙහෙට ඒවා එවන්න කලින්, ඒවගෙ තත්ත්වය පරීක්ෂා කරන ලෝකෙ පිළිගත් ඊට අදාළ පරීක්ෂණ ආයතයකින් අදාළ ගල්අඟුරු සම්බන්ධව අපි Report එකකුත් ගෙන්න ගන්නවා. ඒ Report වලත් ඒ ගල්අඟුරු අදාල ප්‍රමිතියට අනුකූලයි කියල තියෙනවා.

    Gross Calorie Peak Value එක අනුව තමයි, ගල්අඟුරුවල ප්‍රමිතිය බලන්නේ. ඒ කියන්නේ කොච්ව්ර ගල්අඟුරු කිලෝ ප්‍රමාණයකින්ද Turbines කරකවන්න පුලුවන් වගේ අදහසක්.

    🔹
    . ඔය කියන අගය 5900 ට අඩු වුණොත්, ඒ ගල් අඟුරු තොගය Reject වෙනවා. එහෙම දෙකක් වුණා කියන්නේ, එයා සම්පූර්ණයෙන්ම සැපයුම් කරුවන්ගේ ලැයිතුවෙන් ඉවත් වෙනවා.

    🔹
    . ඊට පස්සේ ඔය අගය 5900 යි 6150 යි අතර තිබුණොත්, අපි භාර ගන්නවා. හැබැයි, අදාළ සමාගමට ගිවිසුම ප්‍රකාරව දඬයක් තියෙනවා.

    🔹
    . 6150 ට වැඩි වුණොත්, අපි ඒක දඬයක් නැතුව පාවිච්චිකරනවා.

    ඊට පස්සේ, තව සාධක ගොඩක් තියෙනවා.

    මේවා පිච්චුවම එකතු වෙන අලු ප්‍රමාණය අනුව..,

    ඒක ප්‍රතිශතයක් විදිහට.,

    🔸
    . 11% ට අඩු නම්, අපි පවිච්චි කරනවා.

    🔸
    . 11% - 16% අතරනම්, දඩයක් තියෙනවා .

    🔸
    . 06% ට වැඩිනම්, Reject කරනවා.

    🔰
    . ඔය වගේ ගල්අඟුරු කැටවල ප්‍රමාණයන් අනුව,

    🔰
    . අඩංගු Sulphur ප්‍රමාණය අනුව,

    🔰
    . වාෂ්පශීලීතාවය අනුව

    වගේ නිර්නායක කිහිපයක් අනුව මේ තෝරාගැනීම කරනවා, දඩ ගහනවා සහ Reject කරනවා කියන ක්‍රියාවලියක් මේක ඇතුළේ තියෙන්නේ.

    🔴
    මේක මේ මාලිමා ආණ්ඩුව ආවහම දාපු නීතිවත් - මොකවත් නෙවෙයි. අදාළ විශේෂඥයෝ හදපු නිර්නායක ඒ කාලේ ඉඳන් එන.

    ඔහොම නිර්නායක දාන්නෙම මේක මේ කර්මාන්ත ශාලාවක හදන එකක් නෙවෙයි, 100% එක කොලිටියට ගන්න. මේක යකුනේ ස්භාවිකව පොළොවෙ තියෙන මූලද්‍රව්‍යයක්.
    😌


    ඔහොම තමයි මේක ලංකාවට එන්නේ.
    මේ බාල ගල්අඟුරු කිය කියා වැළලෙන්නේ, මේකෙ තිබුණ ඔය හොඳම ප්‍රමීතින්වල අඩුකම නිසා, ගහපු දඬ නිසා නම්..,

    🔴
    🔴
    🔴
    මීට කලින් මේ මෑත පහුවුන ගෝඨාගේ ආණ්ඩුවයි, රනිල්ගේ ආණ්ඩුවෙනුත් ඔය කියන විදිහටම වැඩේ වෙලා!
    😄


    🔅
    . 2020 - 2021 වාර 37 යි දනුණු අප්‍රිකාවෙන් ගේන්නේ. ගහපු දඩය ඩො.මි. 5.355 යි

    🔅
    . 2020 -2021 රුසියාවෙනුත් එනවා , වාර 05 ක්. දඩය ඩොලර් ලක්ෂ 3.735 යි.

    🔅
    . 2021 - 2022 දකුණු අප්‍රිකාවෙන් වාර 29 ක්. දඩය ඩො.මි.8.072 ක්.

    ඔය නිකම් අවුරුදු දෙකක විතරයි.!

    හොඳම කතාව මේක..,

    🟠
    මීට කලින් රනිල්ගේ ආණ්ඩුවෙන් මෙට්‍රික් ටොන් එකක් රටට ගෙනාවේ , ඩොලර් 120 ට.

    🟠
    මේ හොරු - හොරු කියන ආණ්ඩුව ගේන්නේ ඩොලර් 98 ට. ඩොලර් 22 ක් අඩුවෙන්.

    🟠
    ලංකාවෙ ලොකුම ටෙන්ඩර් එක. මෙට්‍රික් ටොන් මිලියන 2.25 ක් ගේනවා.

    🔴
    🔴
    🔴
    නිකමට හිතුවොත්, හොරු - හොරු කියන මේ ආණ්ඩුව කලින් ආණ්ඩු ගෙනාවට වඩා, මේ ගණුදෙණුවෙන් අපේ රටට ඉතිරි කරපු මුදල රු.බිලියන 14.85 ක් විතර. ( රු.14,850,000,000.00 )

    මේ ගල්අගුරුවල Quality එක අඩු නිසා ගහපු දඩය ඩොලර් මිලියන 02 ක්. ඒ නිසා, ඩොල්ර් 98 ට ගෙනාපු ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකක දැන් වටිනාකම ඩොලර් 64 යි.

    මොනම දෙයක්වත් හරියට කරගන්න බැරුව දශක ගාණක් බොරු කරපු, හොරා කාපු වර්ථමාන විපක්ෂ කණ්ඩායමට කියන්න තියෙන්නේ, ටික කාලයක් උස්සන් යන්න පුලුවන් බොරුවක් හරි කියපල්ලා!

    අනුගාමිකයන්ට කියන්න තියෙන්නේ, උඹලා පව්.! අර හොරු ටික නිසා, රටට වෙන හෙනේවත් උඹලට නොපෙනෙන තරම් අන්ධ වෙලා කියලා.

    120 ට ගෙනාපු එක 98 ගෙනෙල්ලා, ඒකට දඩත් ගහලා, ඒ 98 ට ගෙනාපු එක 64 ක් වෙන මට්ටමටත් ගෙනෙල්ලා. මේ ආණ්ඩුව හොරු කියන උඹල පිස්සෝ කියනවට වඩා මොනවා කියන්නද.?

    ඇත්තටම අපි මේ රට හදන එක ඔය බංකොලොත් විපක්ෂයේ මොකාටවත් නවත්වන්න බැහැ!
    එච්චරයි!!

    මාතෘභූමියට ජය වේවා!
    ✊
    ✌

    මගේ රට දිනේවා!!
    🇱🇰
    ❤️


    © නුවන් නිළමුණි
     
    • Like
    Reactions: shenat

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මොංගල් ජෙප්පොන්ට චන්දේ දීපු තොපිට ඕකට බාල ගල් අඟුරු හරියන්නේ නෑ, ඇල්බීසියා දඬු දාල අටවගනිල්ලා 🤣
    නොමලයට ද සජියට ද රනිට ද කාටද දෙන්න ඕනි කියලත් දාපන් මේ වගේ වෙලාවට, නැත්ත අර එක පිස්සෙක් ඉන්නේ දොස්තරටත් බෙහෙත් දෙන්න යන, ඒ ගානට වැටෙනවා, ඉල්ලන ලිස්ට් එකෙන් බලලා මිනිස්සු චන්දෙ දෙන්නේ