ගෙවත්ත බැද සිටි එළ ගවයෙකුව සොරකම් කරගෙන ගොස් එම සතාට ලිංගික හිංසාවක් කළ බව කියන අයෙකුව පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
කොට්ටුකච්චිය - ගල්කුලම, කන්දයාය ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු වන මොහු විවාහකයෙකු බවත්, දරුවන් දෙදෙනෙකු සිටින බවත් වැඩිදුරටත් වාර්තා වේ.
ගල්කුලම - කන්දයාය පදිංචි 66 හැවිරිදි කාන්තාවකගේ ගෙවත්තේ බැද සිටි එළ වැස්සියව හොර රහසේ ලදු කැලෑවකට ගෙන ගොස් සැකකරු විසින් ලිංගික පීඩාවක් සිදු කර ඇති බවට ඇය පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත.
ඒ අනුව සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මෙසේ සොරකම් කොට ලිංගික හිංසනයට ලක්කර ඇත්තේ අසල්වාසී නිවසේම සිටි එළ ගවයා බවද වාර්තා වේ.
කෙසේ නමුත් මේ ආකාරයෙන් ලිංගික හිංසනයට පත්ව ඇති එළ ගවයා රෝගී තත්ත්වයෙන් පසුවන බවද පැමිණිලිකාරිය පොලීසිය හමුවේ පවසා ඇත.