ගව මස් කැම අනුමත කරනවාද ?

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    ගව මස් කැම අනුමත කරනවාද ?

    කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
    පිරිපුන් මිනිසුන් වැඩුණේ බලයෙනි ඈගේ
    ඒ කළ ගුණ නො දන්න හිස් මිනිසුන් වාගේ
    එපා එපා මස් කන්නට කිරි අම්මාගේ//

    අහිංසක තිරිසන් ගවයාටත් පණයි තියෙන්නේ
    එවන් සතකු අහෝ අකාලයේ කිමද මරන්නේ
    ටිකක් හිතල බලනු ඌ පිරිසුදු තණ කොළ කන්නේ
    නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ

    කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගව මස් උයලා
    බලනු තුන්සිය හැටපහ වැඩි කර තිස්පහ යොදලා
    ගණන දොළොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
    ඔබට තේරුණා ද ඔබ කළ පව් දුර දිග නොබලා

    මුදල් තණ්හාවෙන් සමහරු ගවයා විකුණන්නේ
    අහිංසක සතෙකුගෙ ඉරණම ඉන් පසු විසඳෙන්නේ
    යළිත් ඒ මුදලින් මස් ගෙනවිත් රස කර කන්නේ
    තමන් විකුණපු ගවයාගේ මස් බව නෑ ඔහු දන්නේ

    ගිතෙල් මී කිරි එළකිරි පස්ගෝරස සපයන්නේ
    ඉවතලන පොහොරින් මහ එළවළු කොටු සරු වන්නේ
    මෙවන් සතෙකුගෙ මස් නො කන අයට සෙත සැලසෙන්නේ
    එවන් පිරිසුදු හදවත් තුළ දෙවියන් වැඩ ඉන්නේ”


    600980_607679412582979_744442385_n.jpg


    1265640331D52W46.jpg
     

    divithuru

    Active member
  • Mar 1, 2012
    425
    48
    28
    ටිකක් හිතල බලනු ඌ පිරිසුදු තණ කොළ කන්නේ
    නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ ????
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම ඉන්නෙ යුරොපේ හො වෙනත් සීත අධික රටකනම්, ගව මස්, බැටලු මස්, එලු මස්, අශ්ව මස් ඔය ඔනා මගුලක් කනවා.. මොකද ඉක්මනට ඇගට ප්‍රොටින් ලැබෙනවා එලවලු වලට වඩා උශ්නත්වයත් එක්ක.. හැබැයි මම ඉන්නෙ ලන්කාවෙ නිසා එහෙම සීතකුත් නැතිත් නිසා සන්ස්කෘතිකමය වශයෙන් ගවයාට සලකන නිසාත් මම කන්නෙ නැ..
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මම ඉන්නෙ යුරොපේ හො වෙනත් සීත අධික රටකනම්, ගව මස්, බැටලු මස්, එලු මස්, අශ්ව මස් ඔය ඔනා මගුලක් කනවා.. මොකද ඉක්මනට ඇගට ප්‍රොටින් ලැබෙනවා එලවලු වලට වඩා උශ්නත්වයත් එක්ක.. හැබැයි මම ඉන්නෙ ලන්කාවෙ නිසා එහෙම සීතකුත් නැතිත් නිසා සන්ස්කෘතිකමය වශයෙන් ගවයාට සලකන නිසාත් මම කන්නෙ නැ..
    :yes::yes: