ග්‍රාමසේවකගෙ පුතා
ග්‍රාම සේවක මහතාගේ සිව් හැවිරිදි පුතා ඒ නිවසට යන එන කාගේත් හුරතලයට ලක් විය. වැඩිහිටියන් වඩාත්ම විනෝදයක් ලැබුවේ කුඩා දරුවාගෙන් "ඔයා කවුද" යන ප්රශ්නය ඇසීමෙනි. ඊට හේතුව සෑමවිටම දරුවා "මම තමයි ග්‍රාම සේවක මහත්තයගෙ පුතා" යනුවෙන් ඊට පිළිතුරු දීමයි.
නිතර සිදුවන මේ ප්‍රශ්න කිරීම හා පිළිතුරත්, වැඩිහිටියන් එය අසා සිනාසීමත් ග්‍රාමසේවකගේ බිරිඳගේ අමනාපයට හේතු විය. ඒ නිසා ඇය දිනක් කුඩා දරුවාට මෙසේ පැවසුවාය.
"චී පුතා, එහෙම කියන්ඩ හරි නෑ නෙ. කවුරු හරි හිතන්ඩ පුලුවන් පුතා මහ ආඩම්බර කාරයෙක් කියල. ඒ නිසා මීට පස්සෙ කවුරු හරි ඇහුවොත් පුතා කවුද කියල, ඔයාගෙ නම කියන්ඩ."
එදින සන්ධ්‍යාවේ නිවසට පැමිණියේ ග්‍රාම සේවක මහතාගේ මිත්රයෙකි. කුඩා දරුවාගේ සුරතල් කතාව පිළිබඳ විස්තර නොයෙක් දෙනාගෙන් අසා තිබුණු ඔහු, දරුවාගෙ හිස පිරි මදිමින් මෙසේ විමසීය.
"ආ, මෙයාද ග්‍රාම සේවක මහත්තයගෙ පුතා?"
එවිට මව දෙස බැලූ දරුවා මෙලෙස පිළිතුරු දුන්නේය.
"මමත් මෙච්චර කල් හිතන් හිටියෙ එහෙම තමයි. ඒත් අම්මි කියනව නෑ කියල."