ග්‍රැන්ඩ් රෙනේසන්ස් ඩැම් සහ ඊජිප්තුව - මීළග අප්‍රිකානු යුද්ධය

vgp

Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    eka thama uala mchn.. kamak na hemadama bump dada innath kammali... eka nisa liyanawa idala hitala.. mewa nisa aluth membersla enawa elakiri1ta.. ekath hodak neh.. thanks bro. rep tibba nam godama thama..
    Great Intention. Respect

    කොහොමත් world economy එක African පැත්තට move වෙනවනේ. දැන් china හිටියට. ඒ trend එකේ දේවල් වෙන්නත් පුළුවන් ඔය. Chinath එක දන්නනවා.
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,268
    528
    113
    CS OR DotA map eke
    ඉතියෝපියානු මහා ජලාශය - Grand Ethiopian Renaissance Dam :) :) :) :)

    scaletowidth


    අපි දන්නවා ලෝකේ ජනාවාස බිහි උනේ ගංගා දෙපස.. යුප්‍රටිස්, ටයිග්‍රීස් වගේම නයිල් ගග දෙපසින් තමා නූතන ශිෂ්ඨාගාර ගතවීම් පටන් ගත්තෙ...වසර 7000කට කලින් ඇරඹි ඊජිප්තු ශිෂ්ටාචාරය ලෝකේ බිහි උන ලොකුම ශිෂ්ටාචාර අතරින් 1ක්.. "කෙමෙට්" කියන රට තමයි ඊජිප්තුව උනේ... කෙමෙට් කියල කිව්වෙ කලු පස කියන එක.. අප්‍රිකාවම කාන්තාර වලින් බහුල නමුත් මේ රටේ පස් කලු උනේ නයිල් නදියේ ජලයෙන් පොළොව සරු උන නිසා...:):):)🙏

    nile-reut.jpg


    නයිල් ගගේ වතුර ඉහල පහල යෑම් එක්ක ඊජිප්තුවේ මිනිසුන්ගේ බත් පතේ සයිස්1 පවා වෙනස් උන නිසා නයිල් නදිය දේවත්වයෙන් පිදුම් ලැබුවා.ඊජිප්තුව කියන්නෙ කාන්තාර බහුලම රටක් එරට ජල අවශ්‍යතාවයෙන් 97%ක් දෙන්නේ නයිල් නදියෙන්, රටේ මුළු ජනගහනෙන් 98%ක් ජීවත් වෙන්නේ නයිල් ගග දෙපස... දැන් තේරෙනවනේ නයිල් කියන්නෙ මොන තරම් සම්පතද කියලා ඊජිප්තුවට..:cool::cool::cool::):):):)


    View attachment 94037

    ලෝකේ දිගම ගග විදියට නම් දරන නයිල් නදිය : බ්ලූ නයිල් සහ වයිට් නයිල් කියල ගගවල් 2කින් තමයි පටන් ගන්නේ....:cool::cool::cool::cool::yes:

    d9751a01907e1da5b1aa7d1b10ea1394.jpg


    .බ්ලූ නයිල් ඉතියෝපියාවෙනුත්. වයිට් නයිල් උගන්ඩාවෙ වික්ටෝරියා ජලාශෙනුත් පටන් අරන් සුඩානෙ කාටුම් නගරයෙදි දෙන්න එකතු වෙලා නයිල් හදනවා... නයිල් ජලයෙන් 60%ක් දෙන්නේ ඉතියෝපියානු බ්ලූ නයිල් වලින්... මේ මහා නයිල් නදිය කිලෝමීටර් 6650ක දුරක් රටවල් 11ක් ගෙවාගෙන ගිහින් මධ්‍යදරණී මුහුදට වැටෙනවා... :yes::cool::love:

    View attachment 94041

    ඉතාම ඇත ඉතිහාසෙ ඉදන් මේ නයිල් ගගේ නිල නොලත් පාලකය අයිතිකරු උනේ ඊජිප්තුව... බ්‍රිටිශ් අය මේ කලාපය 1900 ගණන් වලදි යටත් කරගත්තම පවා ඉජිප්තුව ඒ අයිතිය තමන්ට තියාගන්න හුගක් මහන්සි ගත්ත. ඇංග්ලෝ-ඊජිප්තු ගිවිසුම මගින් ඔවුන් නිල අයිතියක් ගත්ත නයිල් ගග ආශ්‍රිතව සියලු ඉදිකිරිම් වල මොනොපොලි එක ඊජිප්තුවට කියලා. මේකට රටවල් සේරම වගේ සයින් කලා ඒ කලාපේ..ඉතින් ඔය විදියට නයිල් අයිති කරගෙන අස්වාන් වේල්ල සහ තවත් ජල ව්‍යාපෘති රැසක් ඔවුන් නයිල් ගග දිගට කරගෙන ආව. හරියට ලංකාවේ මහවැලි ව්‍යාපරේ වගේ..:yes::yes::yes::):):love:

    Blue_nile_map.png


    කාලය ඔහොම ගත වෙලා එද්දි බ්ලූ නයිල් පටන් ගන්න ඉතියෝපියාව පැත්තෙන් අපූරු සිදූවීම් ටිකක් වෙන්න පටන් ගත්තා.. ඉතියෝපියාව කියන්නේ නැගෙනහිර අප්‍රිකානු කලාපයේ වෙනම ඉන්න රටක්.. අනිත් අප්‍රිකානු රටවලට සාපේක්ෂව ඉහලින් ඉදපු රටක්. රටේ ඇතිවුනු ගෝත්‍රික අරගල සහ යුද්ධ තත්වයක් නිසා පල්ලම් බැහැලා ඉදපු රට මැතක ඉදන් වේගවත් දියුණුවක් සංවර්ධනයක් කරා යමින් ඉන්නේ ලෝකේ වැඩිම සංවර්ධන වේගයක් තියන රටවල් අතර මුල් තැනට එමින්.. අප්‍රිකාවේ ලොකුම එයාපෝට්1 හදල ඉවරයි ඔවුන්..එරට ලැන්ඩ්ලොක් රටක් උනත් නාවික හමුදාවක් හදන්න පව වැඩ ක්‍රගෙන යනව ඔවුන්. අප්‍රිකානු කලාපේ දැවැන්තයෙක් විදියට නැගී සිටිනවා.. ලංකාවේ මධ්‍යම කදුකරය වගේ නැගෙනහිර අප්‍රිකාවේ ඉහල බිම වෙන්නේ මේ ඉතියෝපියාව.. :):):):):yes:

    b1533520d4bc23aca004f235f7322539.jpg


    මේ භූමියෙන් විශාල ගංගා ප්‍රමාණයක් හටගන්නවා.. එකක් තම බ්ලු නයිල් කියන්නේ.. කාලයක් තිස්සේ වින්ද දුප්පත් කමින් අලු ගසා දාල නැගිටින මේ රට කල්පනා කලා රටට අවශ්‍ය විදුලි පස්නෙට සහ කෘශිකාර්මික පස්න වලට විසදුමක් විදියට බ්ලුන් නයිල් හරහා ඩැම්1ක් ගහන්න.. ඒ ඩෑම් එකේ නම තමයි ග්‍රැන්ඩ් රෙනේසන්ස් ඩැම්. ඩැම්1 හදන්නෙ ඉතියෝපියානෙ - සුඩාන බෝඩරේ ඉතියෝපියානු භූමිය තුලයි. :):):):)

    View attachment 94043

    නමුත් පොඩි ප්‍රශ්නයක් තියනවා ඒ තම නයිල් ගගට ඉජිප්තු අයිතියක් තියනවනේ යටත් විජිත ගිවිසුම් නිසා.. හැබැයි ඉතියෝපියාව අර 1929 ට්‍රීටි1 සයින් කලේ නෑ... ප්ලැන් හදාගෙන ඉදල 2011 අරාබි වසන්තයේ ඊජිප්තු ආගමනයත් එක්කම ඊජිප්තුව ගිනි ගද්දි මොවුන් සෙනිකව ඩැම්1 හදන්න ගත්තා.. ඊජිප්තුව දන්නේත් නෑ ඉතියෝපියාවේ වෙන වැඩේ.. . ඩැම්1 ගැන කිව්වොත් ඒක තම අප්‍රිකාවෙ තියන ලොකුම හයිඩ්‍රොපවර් ඩෑම්1 හැදුව ලෝකෙ තියන 6වෙනියට ලොකුම1 ... :shocked::shocked::shocked::shocked::shocked::cool:

    View attachment 94044

    සරලව කිව්වොත් ලංකාවෙ වික්ටෝරියා ජලාශේ වගේ 100 ගුණයක් ලොකුයි. අපේක්ෂිත විදුලි බල නිපැයුම මේගාවොට් 6450ක්.. ඒ කරන්ට්1 එරටට වැඩි, එයින් බගයයි එරටට ඕන.ඉතුරු ටික සුඩානෙට විකුණන්නත් ප්ලැන් කරල ඉවරායි..දැන් ඔන්න ඩෑම්1 හදනවා වෙගෙන් වෙගෙන්.මේ ඩැම්1 තමයි ඉතියෝපියාවේ රටේ නුතන පුනුරුදයේ මුදුන් මල් කඩ... ඩැම්1 කන්ට්‍රැක්ටර් ඉතාලි කොම්පැණියක්.. ෆන්ඩින්ග් එරටම සහ යම් මුදලක් චීනෙන්..:yes::yes::yes::yes::cool::cool:

    ranaissance%20dam.jpg


    ටික කලෙකින් ඊජිප්තුව දැනගත්ත මේ ඉතියෝපියාව කරන වැඩේ. වහාම ඉදිකීරීම නතර කරන්න කිව්ව... ඉතියෝපියාව කිව්ව අපේ රටෙන් තමයි ගග එන්නේ. අපේ භූමිය තුල ඕනම ඉදිකිරීමක් කරන්න අපට ඉද තියනවා කියලා.. ඒ වගේම ඇංලෝ-ඊජිප්තු ගිවිසුම එයාල සයින් නොකල බවත් කිව්වා... ඇත්තටම ඉතියෝපියාව මේ ගිවිසුම සයින් කලේ නෑ අනිත් සේරම් රටවල් සයින් කලාට.. මෙහෙම කියල ඉතියෝපියන්ලා දිගටම බැම්ම ගහනවා.. 2020 වැඩේ ඉවර කරන්න හිතාගෙන. ඊජිප්තුව කල වැඩේ ප්‍රොජෙක්ට්1 භාර ප්‍රධාන ඉංජිනේරුවා ඝාතනය කලා,:(:baffled: එරිත්‍රියාවෙ ගරිල්ලන් එවුවා මේ ඩැම්1 විනාශ කරන්න:baffled::confused: , ඒ වගේ පුලුවන් හැමදේම කලා.එකකින් වත් සැලුන් නෑ ඉතියෝපියාව. දිගට මේ වැඩේ කරගෙන ගියා..:D:D:D:P

    View attachment 94045

    ඉතියෝපියානු නොබෙල් ත්‍යාග ලාභි අභී අමෙට් ජනපති කියන්නේ මෙය ඉදිකිරීම අනිවාර්ය බවත් එයින් ඊජිප්තුවට හානියක් නොවන බවයි.. අනික් අතට ඊජිප්තු කයිරෝ පාලනය කියන්නේ නයිල් ගගේ අඩුවන ජල බිංදුවක් පාස ලේ වලින් වන්දි ගන්නා බවයි..

    53469679_303.jpg


    අපි බලමු ඇයි ඇත්තටම මේ ඊජිප්තුව අකමැති මුන්න් ඩැම්1 හදනවට කියලා... :nerd::nerd::nerd:

    ඩැම්1 හදල ඉවර උනාම මේක පුරවන්න නම් නයිල් ජල ප්‍රවාහය නතර කරන්න එපායැ..
    ඩැම්1 වසර 10කින් පුරවනවා නම් ජල ප්‍රවාහයෙන් 15%ක් කපාහරින්න වෙනවා.. එතකොට ඊජිප්තු වගාබිම් 21%කින් පාලු වෙනවා...
    ඩැම්1 වසර 7කින් පුරවනවා වගාබිම් 35%කින් පාලු වෙනවා...:shocked::shocked::shocked::shocked:
    අවුරුදු 5න් පිරෙව්වොත් ඊජිප්තු වගාබිම් 50%කින් ඉවරයි.. මේ මදිවට එන්න එන්න නරක් වෙන දේශගුණය, කාලගුනික විපර්යාස, වේගවත් ජනගහන වර්ධනය වගේ දේවල් ඊජිප්තුවේ තත්වය නරක අතට හරවල තියනවා.. ඊජිප්තුවෙ අවසාන ට්‍රයි1 තමා ඩැම්1 පිරවිමේ වේගය ගැන ඔවුන් සමග එකගතාවයකට පැමිනීම. මොකද එහෙම උනොත් තමා ඊජිප්තුවට යන්තම් හරි ගැලවීමක් තියෙන්නේ.කොහොම උනත් සටහන් වෙලා තියන ලෝක ඉතිහාසෙ ඊජිප්තුව ඇරෙන්න වෙන රටක් නයිල් ගහ හරස් කල පලමු ඉදිකීරිම මෙයයි..:shocked::shocked::shocked::shocked:

    c6284dc7-430a-493e-bdc4-3a262e755963.jpg


    කොහොමින් කොහොම හරි ඩැම්1 ඉදිකිරීම අවසන් වෙන්න තියෙන්න කිට්ටුයි දැන් පහු ගිය මොන්සූන්1න් පස්සේ ඔවුන් ජලාශය පුරවන්න පටන් අරන් තියනවා... ඊජිප්තුව කියන්නෙ මේක නතර කලේ නැති නම් ඔවුන්ගේ හමුද පැමිණ ඩැම්1 විනාස කරන බවක්.. ඉතියෝපියාවේ ප්‍රතිචාරය තමා "ඔව් එන්න අපිත් රෙඩි" කියන එක. මේ නයිල් ගග තමා අප්‍රිකාවේ කන්ෆ්ලික්ට් වල උපත ජීවයේ උපත වගේම්:yes::yes::nerd::eek:

    View attachment 94046

    ඊජිප්තුවට රටක් විදියට මේ මොහොතේ තියන ලොකුම පස්නෙ මේ ඩැම්1...සුඩානය වගේ ඊජිප්තු අවට රටවල් කට වහන් ඉන්නව මොකද ඉතියෝපියාව අඩු මිලට කරන්ට් දීම, සහ සුඩාන ගංවතුර පස්න වලට මේ ඩැම්1න් විසදුමක් ලැබෙන නිසා.. :yes::yes::yes::yes:

    GERD-meeeting-768x430.jpg


    භූ දේශපාලින්ක වශයෙන් ගත්තම බටහිර බලාධිකාරය ඊජිප්තුවට ෆේවර් කරන ගතියක් තියනවා.. පසුගිය ජුනි මාසේ ඊජිප්තුව සෙකියුරිටි කවුන්සිල් මීටින්ග්1ක් කැදවන්න යෝජන කලත් ඉතියෝපියාව එය ප්‍රතික්ශේප කල, ට්‍රම්පච්චි මේ ගැටය ලෙහන්න ඇමරිකන් එන්න කල යෝජනා ඉතියෝපියාව විසින් ප්‍රතික්ශේප කිරීමේ ඵලයක් විදියට ඇමරිකාව සම්බාධක එසවීම දක්වා දික් ගැහිලා තියනවා...අප්‍රිකානු ලීගය ඵල රහිත උත්සාහයක නිරත වන අතර සියල්ලම අතරමග නිමා වෙනවා.. ලෝක ජල අර්බුදයේ අප්‍රිකානු මුහුණත මෙයයි..යුද්ධයකින් කෙලවර නොවී විසදුමකට යා හැකි වේවායැයි අපි පතමු.. :baffled::(:cool::yes::yes:


    තොරතුරු: aljazeera, bbc, caspian report, new york times, ethiopia egypt sites, reddit, RT

    eka husmata kiyewwa. thanks machan