ග්‍රීක දේව කතා-සියුස් දෙවියන්ගේ ප්‍රේම ක&#3501

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
ග්‍රීක දේව කතා-සියුස් දෙවියන්ගේ ප්‍රේම ක&#3501

අද ඉඳන් එක එක දෙවිවරු ගැන කතා මාලාවක් දාන්න හිතාගෙන ඉන්නේ.වැඩත් එක්ක එක දිගටම ත්‍රෙඩ් දාන්න අමාරුයි.ඒ නිසා සොරි වෙන්න ඕනේ.:sorry::sorry:

ඉස්සල්ලම අපි සියුස් දෙවියන්ගෙන් පටන් ගමු.
කලින් දාපු ත්‍රෙඩ් එකකින් සියුස් ඇතුළු ඔලිම්පියන් දෙවිවරු එකතු වෙලා Cronus සහ ටයිටන්වරුන්ව පරාද කරපු හැටි ගැන කතා කලා.මේ ත්‍රෙඩ් එක වෙන් වෙන්නේ සියුස් දෙවියන්ගේ ප්‍රේම කතා ගැන කියන්නයි.

සියුස් දෙවියන්ගේ කෙළවරක් නැති ප්‍රේම සම්න්බන්ධතා ගැන ග්‍රීක සාහිත්‍යයේදි ගොඩක් කතාබහට ලක් වෙනවා.සියුස් දෙවියෝ දිව්‍ය සහ මනුෂ්‍ය කාන්තාවන් කියන දෙගොල්ලෝ එක්කම හරිහරියට සම්බන්ධතා පවත්වනවා.ඉස්සල්ලම සියුස් දෙවියන්ගේ බිරියන් ගැන පොඩි විස්තරයක් කරලා පස්සේ සියුස් දෙවියන්ට දාව එයාලට සහ අනිත් අයට ලැබුන දරුවෝ ගැන කියන්නම්.

සියුස් සහ මේටිස් (Metis)
Hesiod කියන ග්‍රීක කවියාට අනුව සියුස් ගේ පළවෙනි බිරිඳ වෙන්නේ මේටිස්.ඇය ඉතාම ප්‍රඥාසම්පන්න දෙවඟනක්.Cronus විසින් ගිල දාපු සියුස් දෙවියන්ගේ සහෝදර සහෝදරියන්ව එළියට වමාරවපු දියරය සියුස් ට දුන්නෙ මේටිස් ලු.මේටිස් කියන්නේ Oceanus ගේ දියණියක් (Poseidon දෙවියන්ට කලින් සාගරයට අධිපති දෙවියන් හැටියට ග්‍රීක වැසියෝ සැලකුවේ Oceanus දෙවියන්ව ලු.ඔලිම්පියන් දෙවිවරුන්ගේ ආගමනයත් එක්ක පුරාණ ග්‍රීක් වැසියෝ Poseidon දෙවියන්ව මුහුදු, ගංගා ජලයට අධිපති දෙවියන් විදියට සලකන්න ගත්තාට පස්සේ, Oceanus දෙවියන්ගේ නම ටිකෙන් ටික ග්‍රීක සාහිත්‍යයෙන් වියැකිලා ගියාලු )

Zeus and Metis
Zeus_Ingres.jpg

මේටිස් ට සියුස්ට දාව දරුවෙක් උපදින්න ඉන්නවා.ඒ ලැබෙන්න ඉන්න දරුවා බොහොම බුද්ධිමත් දරුවෙක් කියලා කියන Uranus සහ Gaia, ඒ දරුවා ඇත්තමට ඉපදුනොත් සියුස්ට තර්ජනයක් වෙයි කියලත් කියනවා.පළවෙනියට දුවක් සහ දෙවෙනියට පුතෙක් ලැබෙයි කියල කියන්නේ.ඒ දෙන්නම සියුස්ට වඩා ගොඩක් බලවත් වෙයි කියලා Uranus සහ Gaia අනාවැකි කියනවා.මේක අහලා භය වෙන සියුස් කරන්නේ මේටිස් ව ගිල දාන එක.එහෙම ගිලපු නිසා මේටිස් ගේ තියන බුද්ධියත් අර උපදින්න හිටිය දරුවා ගේ බුද්ධියත් දෙකම සියුස්ට උරා ගැනෙනවා.මේ අතරෙ සියුස්ට බොහොම දරුණු හිසේ කැක්කුමක් එනවා.සියුස් ගේ ඔළුවට Hephaestus ගේ කෙටේරියෙන් ගහන පාරක ප්‍රතිඵලයක් විදියට කලින් කිවුව දෙව් දුව ඉපදෙනවා.ඒ තමයි ඇතීනා දෙවඟන.ඇය බිහිවෙන්නේ සම්පූර්ණයන්ම වැඩුනු කෙනෙක් විදියට හිස්වැසුම ඇතුළු සියළු සන්නාහ වලින් සැරසිලා.ඇතීනා එළියට එන්නේ සියුස්ගේ නළල හරහා ලු.කලින් කිවුව විදියට දරුණු තර්ජනයක් නොවුන ඇතීනා දෙවඟන සියුස්ට පක්ෂපාතීව හිටියා කියලයි කියන්නේ.

Athena
pallas-athena-stone-figure-vienna-6773978.jpg

Encyclopedia of Greek and Roman Mythology පොතට අනුව මේටිස් ට පස්සෙ ඊළඟට සියුස් දෙවියන්ගේ බිරිඳ වෙන්නේ ඔහුගේ නැන්දණියක් වෙන තෙමිස් (Themis).සියුස් දෙවියන්ගේ තුන්වෙනි බිරිඳ වෙන්නේ මුහුදු අප්සරාවියක් වෙන Eurynome. ඇයත් Oceanus දෙවියන්ගේ සහ Tethys දෙවඟනගේ දියණියක්.ඊට පස්සේ සියුස් දෙවියන්ගේ බිරිඳ වෙන්නේ Demeter.ඔවුන් දෙන්නාගේ දියණිය තමයි Persephone.(එයා ගැන කලින් ත්‍රෙඩ් එකක් දැම්ම මතක ඇති) ඊළඟට සියුස් දෙවියන්ගේ පස්වෙනි බිරිඳ වෙන්නේ ඔහුගේම නැන්දණියක් වෙන ටයිටන් දෙවඟනක් වෙන Mnemosyne.ඊටත් පස්සේ සියුස් දෙවියන්ගේ හයවෙනි බිරිඳ වෙන්නේ Leto දෙවඟන.අවසානෙට සියුස් දෙවියන්ගේ හත්වෙනි බිරිඳ වෙන්නේ හේරා (Hera) දෙවඟන.
සියුස් දෙවියන්ට දාව මේ කියපු බිරියන්ට සහ අනියම් පෙම්වතියන්ට බොහොම බලසම්පන්න දරුවන් උපදිනවා.ඒ අයගේ ලිස්ට් එකක් ත්‍රෙඩ් එකේ අන්තිමට දාල ඇති.

සියුස් සහ හේරා
බොහොමයක් ග්‍රීක සාහිත‍ය ගැන ලියවුනු පොත් වල හේරා ව සියුස්ගේ බිරිඳ විදියට දිගටම හඳුන්වනවා.සියුස් දෙවියෝ බොහොම සල්ලාල චරිතයක් නිසා හේරාට හැමදාම ඊර්ෂ්‍යාවෙන් තරහෙන් තමා ඉන්න වුනේ.සියුස් දෙවියෝ හේරාව කැමති කරගන්නේ හොඳටම තෙමිලා වෙවුල වෙවුලා ඉන්න කුකුළෙක් විදියට වෙස් වලාගෙන ගිහින් ලු.මේ අසරණ වෙලා ඉන්න සතා විදියට ඉන්නේ සියුස් කියල නොදන්න හේරාට කුකුළා ගැන දුක හිතෙනවා.ඒ නිසා හේරා කුකුළව අරගෙන තමන්ගේ ඇඟේ උණුසුම ලැබෙන විදියට තුරුළු කරගන්නවා.එතකොටම සියුස් දෙවියෝ තමන්ගේ සැබෑ ස්වරූපයට ඇවිත් හේරාට බල කරනවා තමන්ව විවාහ කරගන්න කියලා.අන්තිමේදි මේ දෙන්නාගෙ විවාහය ඔලිම්පස් කඳු මුදුනෙදි සිදුවෙනවා.

Zeus and Hera
zeus-hera.jpg

හේරා දෙවඟනව විවාහ කරගත්තට පස්සෙත් සියුස් දෙවියන්ගේ ස්ත්‍රීලෝලි ගතිය නැති වුනේ නෑ ලු.ඒ නිසා හේරා දෙවඟනට හැමදාම වුනේ ඊර්ෂ්‍යාවෙන් සහ තරහින් පිපිරි පිපිරි සියුස් දෙවියන්ගේ සම්බන්ධකම් වලට ඇහැ ගහගෙන ඉන්න.එහෙම ඉන්න වෙලාවක හේරා ගේ තරහ නිසා කරපු දේක ප්‍රතිඵලයක් විදියට දෝංකාරය ඇති වුන හැටි කලින් ත්‍රෙඩ් එකක කිවුවා.සියුස් දෙවියන්ගේ අනියම් ප්‍රේමවන්තියන්ට කරදර කරනවට අමතරව සියුස් දෙවියන්ට දාව ඔවුන්ට උපදින දරුවන්ටත් හේරා දෙවඟන හිංසා කළා ලු.ඒ විදියට දිගින් දිගටම හේරාගේ හිංසාවට ලක් වුන කෙනෙක් හැටියට හෙරකල්ස් (ග්‍රීක්ස්)/හර්කියුලීස් (රෝමන්) ව හඳුන්වනවා.

සියුස් දෙවියන්ගේ වෙස් වලා ගැනීම්
මේ විදියට සියුස් දෙවියන් කෙළවරක් නැතුව දේව සහ මනුෂ්‍ය ස්ත්‍රීන් දෙගොල්ලොම අයිති කරගන්න අපූරු උපක්‍රමයක් යෙදුවා.පොත් වල සඳහන් වෙන විදියට එක එක ස්ත්‍රීය ළඟට යද්දි වෙනස් වෙනස් ස්වරූප අරගෙන ඔවුන්ව රවට්ටලා තමයි බඳින්න එහෙමත් නැත්නම් සංවාසයේ යෙදෙන්න කැමති කරගෙන තියෙන්නේ.

හේරා දෙවඟන ළඟට ගියෙ තෙමිලා වෙවුලන කුකුළෙක් විදියට වෙස් වලාගෙන.ළෙඩ ළඟට යන්නේ හංසයෙක් විදියට වෙස් වළාගෙන.අනිත් අය ළඟට වෙස් වලාගෙන ගිය හැටි පහළ තියනවා.
දෙවඟන හෝ ස්ත්‍රීයගේ නම සහ වෙස් වලාගත් විදිය පිළිවෙලින් කිවුවොත්: Leto- වටු කුරුල්ලෙක්, Europa- වෘෂභයෙක්, Antiope- satyr, Danae- රත්‍රන් වැස්සක්

Antiope & Zeus
amphion1-4014.jpg

මේ අයට අමතරව සියුස් දෙවියන්ට Ganymede කියන පිරිමි ළමයා ගැනත් සිතක් පහළ වෙනවා.රාජාලියෙක් විදියට වෙස් වලාගෙන ඔහු ළඟට යන සියුස් දෙවියෝ ඔහුව තමන්ගේ cup-bearer විදියට පත් කරනවා.

Zeus and Ganymede
jupiter-ganymede-albani.jpg

සියුස් දෙවියන් සමහර අවස්ථාවලදි මනුෂ්‍ය/ දේව ස්වරූප වලිනුත් ගියා කියල කියන්වා.Artemis දෙවඟන වගේ වෙස් වලාගෙන Callisto ළඟටත්, Amphitryon විදියට වෙස් වලාගෙන Amphitryon ගේ බිරිඳ වෙන Alcmene ළඟටත් ගිය සියුස් දෙවියන් ඔවුන්වත් තමන් එක්ක ඉන්න පොලඹවා ගත්තා.

දැන් අපි සියුස් දෙවියන්ට දාව දෙවඟනන් සහ මනුෂ්‍ය කාන්තාවන්ට උපන් දරුවන් ගැන බලමු.දෙවඟන හෝ මනුෂ්‍ය ස්ත්‍රිය ගේ නම සහ සියුස් ට දාව උපන් දරුවෝ ලිස්ට් එක පහළින් තියනවා.
මුලින්ම දෙවඟනන් ගෙන් පටන් ගමු.

Hera - Ares, Hebe, and Eileithyia
Eurynome – The Three Graces (goddesses of charm, beauty, and creativity)
Leto- Apollo & Artemis
Semele - Dionysus
Maia (Atlas සහ Pleione දෙදෙනාගේ දුව)- Hermes
Mnemosyne (Memory)- Muses ලෙස හැඳින්වෙන දූවරු නම දෙනා
Taygete(ඇට්ලස් දෙවියන්ගේ දුවක්)- Lacedaemon
Themis (Law)-Horae (Seasons), Eunomia (Wise Legislation), Dike (Justice),Eirene (Peace), and the Fates (Atropos, Clotho, and Lachesis)

මනුෂ්‍ය ස්ත්‍රීන් සහ අප්සරාවියන්
Callisto- Arcas
Aegina -Aeacus
Io- Epaphus
Antiope (King Nycteus of Thebes ගේ දුව)-Amphion සහ Zethus (දෙන්න නිවුන්නු ලූ)
Danae (Acrisius ගේ දුව)-Perseus
Europa –Epaphus, Minos, Rhadamanthys, and Sarpedon
Leda (Tyndareus ගේ බිරිඳ) –Pollux & Helen
Niobe (Tantalus සහ Laodice අප්සරාවිය ගේ දුව)- Argos (founder of the city of Argos)
Semele- Dionysus

Thetis කියන මුහුදු අප්සරාවියටත් සියුස් ගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා.(මේ දරුවා සියුස් දෙවියන්ගේමද නැත්නම් Poseidon ගෙද කියලා ප්‍රශ්නයක් තිබුනා ලූ) ඒ දරුවට තමන්ගේ පියාව අභිබවා යන්න තරම් බලවත් කෙනෙක් වෙයි කියලා දැනගන්න සියුස් දෙවියෝ Thetis ව මනුෂ්‍යයෙක් වෙන Peleus ට බන්දලා දුන්නා ලු.Thetis ට ලැබෙන දරුවා Achilles පහු කාලෙදි ට්‍රෝජන් යුද්ධයට සහභාගි වුනා (ඒක ටිකක් දිග කතාවක්).

මේ අයට අමතරව ලිබියාවේ රැජිනක් වුන Lamia එක්කත් සියුස් දෙවියන්ගේ සම්බන්ධයක් තිබුනා ලු.සියුස් දෙවියන්ට දාව Lamia ලැබු දරුවන් හැමෝවම හේරා මරලා දැම්මා කියලත් ඒ දුකට Lamia ළමයින්ව ගිල දමන අමනුෂ්‍ය ආත්මයක් වුනා කියලත් කතාවක් තියනවා.

මෙච්චර කල් කියාගෙන ආව කතා වල හිටිය අයට අමතරව අද අළුතින් එකතු වුන අය ගැන සහ සියුස් දෙවියන්ගේ සියළුම බිරින්දෑවරුන් සහ සංවාසයේ යෙදුනු අය ගැන විස්තර එකින් එක දාන්න ගියොත් මේ ත්‍රෙඩ් එක දිග වැඩි වෙනවා.ඒ අය ගැන ඉස්සරහට කියන්න බලාපොරොත්තු වෙනවා. (ත්‍රෙඩ් එකක් දාන්න තරම් විස්තර නැති අයව හලලා දාන්න ඉන්නේ)

සැ.යු. මේ කියන නම් ගම් සහ නෑකම් සමහර පොත් වල තියන හැටි නෙවෙයි අනිත් එවයේ තියෙන්නේ.එකතු කරල ලියන්න ගිහින් මටත් ටිකක් මඤ්ඤං වගේ.ඒ නිසා වැරදි තියනවා නම් කියන්ඩෝ…
P.S. PM dhanna welawak nathooo... :sorry::sorry::sorry:
 
yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo

    Thetis කියන මුහුදු අප්සරාවියටත් සියුස් ගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා.(මේ දරුවා සියුස් දෙවියන්ගේමද නැත්නම් Poseidon ගෙද කියලා ප්‍රශ්නයක් තිබුනා ලූ) ඒ දරුවට තමන්ගේ පියාව අභිබවා යන්න තරම් බලවත් කෙනෙක් වෙයි කියලා දැනගන්න සියුස් දෙවියෝ Thetis ව මනුෂ්‍යයෙක් වෙන Peleus ට බන්දලා දුන්නා ලු.Thetis ට ලැබෙන දරුවා Achilles පහු කාලෙදි ට්‍රෝජන් යුද්ධයට සහභාගි වුනා (ඒක ටිකක් දිග කතාවක්).

    එහෙම නෑ මචන්. සියුස්, පොසයිඩන් දෙන්නම එයාට ඇහැ ගහගෙන හිටියා. නමුත් "පුතා තාත්තට වඩා බලවත් වන" අනාවැකිය නිසා ඇයට අත වත් තිබ්බෙ නෑ. මනුෂ්‍යයෙකුට බන්දල දීල දෙන්නම අත පිහද ගත්තා. අන්තිමට Achilles Peleus ට වඩා බලවත් වීම පමණක් සිදු උනා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඔය කියන හාදය ඇකිලිස් ව තීටීස් උපන්න ගමන් දකුණු කකුලේ වලලුකර ගාවින් අල්ලලා ස්ටයික්ස් නදියේ ගිල්ලවනවා. ඒ නිසා ඇකිලිස් ගේ සිරුර කිසිම මිනිස් ආයුධයකින් සිදුරු කරන්න බැරුව යනවා. නමුත් අර අල්ලපු තැන විතරක් වතුර නොගෑවුනු නිසා එතන කමා වීක් පොයින්ට් එක පොර ගේ.......
    ට්‍රෝජන් යුද්ධයේ දී ඇකිලිස් අග්මෙම්නන් සහ මැනියෝලස් රජුට පක්ෂ ග්‍රීක සේනාවේ ප්‍රධානියා වෙනවා. ගෑණු හුටප්පරයක් නිසා අග්මෙම්නන් එක්ක ඇර ගන්න හාදයා යුද්දෙට නොයා ඉන්න කොට හොදම යාළුව වන ප්‍රෙෙට්‍රා්ලකස් ඇකිලිස් ගේ රන් යුද සැට්ටය ඇදන් යුද්ධයට යනවා. නමුත් එහෙම යන් පෙට්‍රෝලකස් ප්‍රියම් රජු ගේ පුත් අශ්ව දමනයෙහි මහා සමතා වන හෙක්ටර් අතින් මිය යනවා. තමන් ගේ මිතුරා ගේ ලේ වල පලිය ගන්න ඇතිලස් හෙක්ටර් මරලා තමන් ගේ අශ්ව කරත්තයේ බැදන් ඇද ගෙන යන කොට ප්‍රියම් රජතුමා තමන් ගේ පුතා ගේ සිරුර බරට සමාන රන් දීල අරගන්නවා. නමුත් මේ සිද්ධියෙ දී ඇකිලස් ට කෙලලෙක් සෙට් වෙනවා, කුමාරියක්. මේ කේස් එක නලවන්න යන ඇකිලිස් ට අති ශූර ධනුර්ධරයෙක් වන හෙක්ටර් ගේ මල්ලී පැරිස් හයිඩ්‍රා කියන සතා ගේ ලේ වලින් විස කවපු ඊයක් විදිනව හරියට ම අර වලලු කරට.......

    මේ චමත්කාර අන්දරය ඉසුරු සහෝදරයා මතු යම් දාක පළ කරනු ඇතැයි කියා සිතනවා.......
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඔය කියන හාදය ඇකිලිස් ව තීටීස් උපන්න ගමන් දකුණු කකුලේ වලලුකර ගාවින් අල්ලලා ස්ටයික්ස් නදියේ ගිල්ලවනවා. ඒ නිසා ඇකිලිස් ගේ සිරුර කිසිම මිනිස් ආයුධයකින් සිදුරු කරන්න බැරුව යනවා. නමුත් අර අල්ලපු තැන විතරක් වතුර නොගෑවුනු නිසා එතන කමා වීක් පොයින්ට් එක පොර ගේ.......

    හෝමර්ගේ ඉලියඩ් සම්ප්‍රදායට අනුව මේක පිළිගැනෙන්නේ නෑ. ඉලියඩ් වලදී අකිලිස්ගේ කිහිල්ල අසල තුවාල වෙනවා.

    මෙන්න මේ කෑල්ලෙ source එක කියන්න පුළුවන්ද? උඩ කෑල්ල ඉලියඩ් වල තියනවා.
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    හෝමර්ගේ ඉලියඩ් සම්ප්‍රදායට අනුව මේක පිළිගැනෙන්නේ නෑ. ඉලියඩ් වලදී අකිලිස්ගේ කිහිල්ල අසල තුවාල වෙනවා.

    මෙන්න මේ කෑල්ලෙ source එක කියන්න පුළුවන්ද? උඩ කෑල්ල ඉලියඩ් වල තියනවා.

    Achilles’ death occurs outside the scope of the Iliad, when he is shot by an arrow from the skilled archer Paris, helped by the hand of Apollo.

    Knowing that Achilles was destined to be a hero who would win glory but also die in battle, she bathed the infant in the river Styx, trying to make him invulnerable to wounds. But the heel by which she held the child remained dry, and it was from an arrow wound in that heel that Achilles eventually died. The arrow was shot by either Apollo or Paris, in a battle near the end of the Trojan War.

    Later legends (beginning with a poem by Statius in the 1st century AD) state that Achilles was invulnerable in all of his body except for his heel. Because of his death from a small wound in the heel, the term Achilles' heel has come to mean a person's point of weakness.
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ela
    rep ++

    එහෙම නෑ මචන්. සියුස්, පොසයිඩන් දෙන්නම එයාට ඇහැ ගහගෙන හිටියා. නමුත් "පුතා තාත්තට වඩා බලවත් වන" අනාවැකිය නිසා ඇයට අත වත් තිබ්බෙ නෑ. මනුෂ්‍යයෙකුට බන්දල දීල දෙන්නම අත පිහද ගත්තා. අන්තිමට Achilles Peleus ට වඩා බලවත් වීම පමණක් සිදු උනා..

    එල එල මචන් .rep+

    ඔය කියන හාදය ඇකිලිස් ව තීටීස් උපන්න ගමන් දකුණු කකුලේ වලලුකර ගාවින් අල්ලලා ස්ටයික්ස් නදියේ ගිල්ලවනවා. ඒ නිසා ඇකිලිස් ගේ සිරුර කිසිම මිනිස් ආයුධයකින් සිදුරු කරන්න බැරුව යනවා. නමුත් අර අල්ලපු තැන විතරක් වතුර නොගෑවුනු නිසා එතන කමා වීක් පොයින්ට් එක පොර ගේ.......
    ට්‍රෝජන් යුද්ධයේ දී ඇකිලිස් අග්මෙම්නන් සහ මැනියෝලස් රජුට පක්ෂ ග්‍රීක සේනාවේ ප්‍රධානියා වෙනවා. ගෑණු හුටප්පරයක් නිසා අග්මෙම්නන් එක්ක ඇර ගන්න හාදයා යුද්දෙට නොයා ඉන්න කොට හොදම යාළුව වන ප්‍රෙෙට්‍රා්ලකස් ඇකිලිස් ගේ රන් යුද සැට්ටය ඇදන් යුද්ධයට යනවා. නමුත් එහෙම යන් පෙට්‍රෝලකස් ප්‍රියම් රජු ගේ පුත් අශ්ව දමනයෙහි මහා සමතා වන හෙක්ටර් අතින් මිය යනවා. තමන් ගේ මිතුරා ගේ ලේ වල පලිය ගන්න ඇතිලස් හෙක්ටර් මරලා තමන් ගේ අශ්ව කරත්තයේ බැදන් ඇද ගෙන යන කොට ප්‍රියම් රජතුමා තමන් ගේ පුතා ගේ සිරුර බරට සමාන රන් දීල අරගන්නවා. නමුත් මේ සිද්ධියෙ දී ඇකිලස් ට කෙලලෙක් සෙට් වෙනවා, කුමාරියක්. මේ කේස් එක නලවන්න යන ඇකිලිස් ට අති ශූර ධනුර්ධරයෙක් වන හෙක්ටර් ගේ මල්ලී පැරිස් හයිඩ්‍රා කියන සතා ගේ ලේ වලින් විස කවපු ඊයක් විදිනව හරියට ම අර වලලු කරට.......

    මේ චමත්කාර අන්දරය ඉසුරු සහෝදරයා මතු යම් දාක පළ කරනු ඇතැයි කියා සිතනවා.......

    pattai machan....

    Thanks machan laa... :yes::yes::yes:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Achilles’ death occurs outside the scope of the Iliad, when he is shot by an arrow from the skilled archer Paris, helped by the hand of Apollo.

    Knowing that Achilles was destined to be a hero who would win glory but also die in battle, she bathed the infant in the river Styx, trying to make him invulnerable to wounds. But the heel by which she held the child remained dry, and it was from an arrow wound in that heel that Achilles eventually died. The arrow was shot by either Apollo or Paris, in a battle near the end of the Trojan War.

    Later legends (beginning with a poem by Statius in the 1st century AD) state that Achilles was invulnerable in all of his body except for his heel. Because of his death from a small wound in the heel, the term Achilles' heel has come to mean a person's point of weakness.

    Yes, Achilles is not invulnerable in The Iliad (he gets wounded and 'dark blood' comes out). In later traditions, (what you mentioned and even in the epic 'Fall of Troy') he is invulnerable.

    I specifically wanted to find the source of that bit of story our good friend dath kimbula mentioned (Achilles' death linked to a girl he meets during the time period mentioned in 'The Iliad'). She can't be Cressida
    either.

    I've never heard of such a story. His death is sometimes linked to some girl/girls months AFTER that time period (after Memnon is killed, Amazons are killed etc.)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෝමර්ගේ ඉලියඩ් සම්ප්‍රදායට අනුව මේක පිළිගැනෙන්නේ නෑ. ඉලියඩ් වලදී අකිලිස්ගේ කිහිල්ල අසල තුවාල වෙනවා.

    මෙන්න මේ කෑල්ලෙ source එක කියන්න පුළුවන්ද? උඩ කෑල්ල ඉලියඩ් වල තියනවා.
    කෙල්ල ගේ සීන් එක තිබ්බේ පැරණි නුවණ සගරාවක......
    ඉලියඩ් වල එහෙම එකක් නම් මතක නෑ තමා.......:dull:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Achilles ගේ invulnerability එක ගැන තව දෙයක් කියන්න ඕන. Iliad වල සම්ප්‍රදාය අනුව invulnerability කියන්නේ 'ශරීරය සිදුරු කරන්න බෑ' කියන එකට වඩා 'මරන්න බෑ' කියන එකයි.

    උදාහරණයක් ලෙස Trojan හමුදාවේ ඉන්න Aeneas කියන රණශූරයා invulnerable කියල ගන්න පුළුවන්. සියලුම දෙවිවරු එක සිතකින් ඔහුව ආරක්ෂා කරනවා. කිසි කෙනෙකුට ඔහු මරන්න බෑ. Diomedes කියන ග්‍රීක වීරයා ඔහු මරන්න හදනකොට ඉස්සෙල්ලා Aphrodite (his mother) පැනල රැකගන්නවා. ඇයට තුවාල කරල එලවා දැම්මට පස්සෙ Apollo පැනල රැකගන්නවා. අන්තිමට Diomedes වැඩේ අත්හැර දානවා. දවස් කීපයකට පස්සෙ Achilles ඔහුව මරන්න යනවා. එතකොට දෙවියො ඔහු අතුරුදහන් කරනවා. අකිලිස් පරාදයි.

    ග්‍රීක හමුදාවේ මේ වගේ කෙනෙකුට ඉන්නේ ඇතීනාගේ ප්‍රියතම රණශූරයා වන Diomedes විතරයි. Diomedes කියන්නේ හෙක්ටර්ව දෙපාරක් පරද්දපු, Ajax ව එක් වරක් පරද්දපු අකිලිස්ට පමණක් දෙවැනි වන රණශූරයා.

    ඔහුව දෙවියන්ටත් මරන්න බෑ. ඇතීනා ඔහු හැමවිටම රැකගන්නවා. ඔහු මරන්න උත්සහ කරන Ares (god of war) ට Diomedes ගෙන් බඩ හරහා හෙල්ල පාරක් කන්න වෙනවා. (පස්සෙ කාලෙක ඔහු ඉතාලියේ නඟර ගණනාවක් ඉදිකරනවා. පසුව ඇතීනා ඔහු අමරණීයත්වයට පත්කරනවා. නමුත් Trojan War ගැන කිසිම Hollywood Movie එකක මේ චරිතය නෑ.)