ග්‍රීක දේව කතා-Part 1

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
ග්‍රීක දේව කතා-Part 1

මුලින්ම කියන්න ඕනේ ග්‍රීක දේව කතා ගැන එක එක පොත් වල විවිධ විදියට සටහන් වෙලා තියනවා.ඒවාට හරියටම සම්මතයක් නෑ.කතෘගෙන් කතෘට කතාවෙ අන්තර්ගතයේ පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්.:yes::yes: මං translate කලේ Michelle M. Houleගෙ GODS AND GODDESSES IN GREEK MYTHOLOGY කියන පොතෙන්.

දැනට මං threads කිහිපයක් දාන්න හිතාගෙන ඉන්නේ ඔක්කොම කතා පිළිවෙලට එන විදියට..:rolleyes::rolleyes:
හරි දැන් කතා සෙට් එක මුල ඉදන් පටන්ගමු.:cool:

විශ්වය ආරම්භයේදී තිබුනේ අහසත් පොළවත් මිනිසුන්වත් දෙවියන්වත් මුකුත්ම නැති හිස් අවකාශයක් විදියට. ඒ යුගයෙදි අඩුම තරමේ කාලය කියන දේ වත් පැවතුනේ නෑ. ක්‍රමක්‍රමයෙන් ඒ අවකාශය අහස, පොළව, සහ මුහුද කියන කොටස් 3ට වෙන් වුනා. Gaia (mother to all),කියන දෙව්දුව බිහිවෙන්නේ ඔය වෙන් වීම සිදුවුනාට පස්සෙ. Gaia කිසිම මවකට දාව උපන් කෙනෙක් නෙමෙයි. කෙටියෙන් කිවුවොත් ස්වයංජාතයි. Gaia මේ ලෝකය තමන්ට අවශ්‍ය විදියට ලස්සන කරන්න පටන් ගත්තා. කදු, නිම්න,සාගර, ගංගා, ඇළ දොළ එකතු කරලා චිත්‍ර ශිල්පිණියක් වගේ ලෝකේ බොහොම සුන්දර විදියට නිර්මාණය කළා. :) :)

Gaia
gaiagod.gif


Gaia ට ලොකු උවමනාවක් තිබුනා මේ විදියට ගොඩනගපු ලෝකය පාලනය කරන්න සහ ජනගහනය ඇතිකරන්න අවශ්‍ය දරු පරපුරක් හදාගන්න.:yes: ඒ ආසාව කොච්චරක්ද කිවුවොත් ඇය තමන් විසින්ම ගැබ් ගත්තා.:confused: Gaia ට ලැබුන පළවෙනි දරුවා තමයි ඒ කාල සීමාවෙදි අහසට අධිපති දෙවියො වුනු Uranus කියන්නේ (පස්සෙ කාලෙක Zeus දෙවියො ඒ තැන ගත්තා.ඒ කතාව ඊළග thread එකකින්). Uranus බලයෙන්, හැකියාවෙන් සෑම අතින්ම Gaiaට සමානයි. Uranus සහ Gaia දෙන්නා එකතු වෙලා මේ ලෝකෙට දරුවන් බිහිකරන්න පටන් ගන්නවා.:yes:

Uranus & Gaia
282ed740.jpg


Uranus ට දාව Gaia ට ඉපදුන පළවෙනි ළමයි තුන්දෙනා “Hundred-handed Ones” කියන monsterල. ඔවුන්ට හිස් 50ක් සහ අත් 100ක් තිබුනා. මේ කියන Hundred-handed Onesල කොච්චර සතුරෝ ගාණක් එක්ක සටන් කලත් මහන්සියට පත්වෙන් නෑ කියලයි කියන්නේ. Gaia තමන්ට බිහිවුන මේ ළමයි ගැන කොච්චර ආඩම්බර වුනත් Uranus ට බයක් තිබුනා කවදහරි දවසක ඔවුන් තමන්ව අභිබවා යයි කියලා.ඔය හේතුව නිසා Uranus මේ දරුවන්ට බලකළා නැවත Gaia ගේ කුසට යන්න කියලා.:angry::angry:

Hundred-handed Ones
4307919.jpg


ඊළගට Gaia, Hundred-handed Ones වගේම ශක්තිමත් බලසම්පන්න Cyclopes කියන ළමයි 3 දෙනා බිහි කලා. Cyclopsලගේ නළල හරි මැද එක ඇහැක් විතරක් පිහිටලා තිබුනා. බැලුබැල්මට භයානක පෙනුමක් තිබුන Cyclopsලට හොද ශිල්පීය හැකියාවක් තිබුනා.ඒ කියන්නේ Cyclops ලට ඕනෑම නිර්මාණයක් කරන්න හැකියාව තිබුනා.Cyclops ල තමයි පහුකාලෙක Zeus දෙවියන්ට thunderbolt කියන බලගතු weapon එක හදලා දෙන්නෙත්. :yes:

Cyclops
Polyphemus.gif


Uranus කලින් වතාවේ වගේම මේ බිහිවුන ළමයින්ටත් වෛර කළා.:dull::baffled:තමන්ගේ පාලන බලය උදුරාගනියි කියල බය වුනා. ඒ නිසා Uranus, Cyclopsලව ගැටගහලා Tartarus කියන ගැඹුරු අගාධයේ හිරකරනවා.Tartarus වලින් ගොඩ ඒම බොහොම අමාරුයි. මොකද ඒක වට වෙලා තියෙන්නෙ ගිනි පිරුණු Phlegethon කියන ගංගාවෙන් සහ විශාල පවුරු 3කින්. ඒ නිසා Uranus හිතනවා තමන්ට දැන් බයක් සැකක් නැතුව නිදහසේ ඉන්න පුළුවන් කියලා.

Tartarus
KAHf1eD.jpg


ඔය අතරේ Hundred-handed Ones සහ Cyclops කියන දෙගොල්ලොම නැති උන ශෝකයෙන් උන්නු Gaia, Titans කියන නමින් හැදින්වෙන දෙවියන් 6 දෙනා සහ දෙව්දූවරු 6 දෙනාට උපත ලබාදෙනවා.Titansල Gaiaට කලින් ලැබුන දරුවන්ට වඩා වෙනස්. ඔවුන් මිනිස්සුන්ට ගොඩක් සමාන ගති ලක්ෂණ ඇතුවයි ඉපදුනේ. දෙවිවරු හය දෙනා තමයි Oceanus, Hyperion, Iapetus, Cronus, Crius, Coeus. දෙව්දූවරු Tethys, Theia, Mnemosyne, Rhea, Themis, Phoebe කියලයි හැදින්වෙන්නේ.

Titans
titan-gods-th.png


Uranus ගෙ බලයට තිබුන කෑදරකම නිසා Hundred-handed Ones ල වගේම Titansලවත් නැවත Gaiaගේ කුස ඇතුළෙම රදවලා හිර කලා.:angry::angry: Uranus ගෙන් තමන්ගේ දරුවන්ට දිගින් දිගට වෙන කරදර ඉවසන්න බැරි තැන Gaia, Uranus ව මරන්න සැලැස්මක් හදනවා.ඔය සැලැස්ම ක්‍රියාත්මක කරන්න තමන්ගේ කුසේ ඉන්න ළමයින්ගෙන් උදව් ඉල්ලන Gaiaගේ සහයට එන්නේ Titans ලගෙ බාලම සහෝදරයා වෙන Cronus.

Cronus (Kronos)
13001492.png


එක දවසක Uranus Gaia ළගට එද්දී Cronus Gaiaගේ ගර්භාෂයෙන් එළියට පැනලා Uranus ව මරලා දානවා. මරන්න යොදාගන්නේ දෑකැත්තක්. මැරෙන මොහොතෙදි Uranus Cronusට ශාපකරනවා. ඒක ඉතාම බලවත් ශාපයක්. "Cronus නුඹ මට කරපු දේම කවදාහරි දවසක නුඹේ ළමයෙකුත් නුඹට කරනවාමයි" කියල ඒ ශාපයෙන් කියවුනේ.

කොහොමහරි ඔය සිද්ධියෙන් පස්සෙ Gaia ගේ ළමයින්ට නිදහසේ ජීවත් වෙන්න ඉඩ ලැබුනා. Titans සහ Hundred-handed Ones ලා Gaia ගේ කුසෙන් එළියට අවා. Tartarus වලට පිටුවහල් කරපු Cyclopes ලත් නිදහස් වුනා. Gaia ගේ දරුවන් තුන්ගොල්ලොම Cronusට රජකම දෙන්න තීරණය කළා. Cronus තමන්ගේ Titan සොහොයුරියක් වුන Rhea ව විවාහ කරගෙන බොහොම සාමකාමිව ලෝකයේ පාලනය ගෙනගියා. ඒ පාලන කාලය හැදින්වෙන්නෙ ලෝකයේ තිබුන ස්වර්ණමය යුගය හැටියට.:yes::yes::yes:

Cronus & Rhea
pics09.gif


අවාසනාවකට වගේ තමන්ගේ පියා වෙන Uranus මැරෙන මොහොතෙදි තමන්ට කරපු ශාපය Cronus ගෙ හිතේ වද දුන්නා. Cronus ට ඒ ශාපයෙන් ගැලවෙන්න ලැබෙයිද? ඒ ගැන දැනගමු ඊළග ත්‍රේඩ් එකෙන්..:yes::yes::yes:
 

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    Ithuru tikath daamu...
    You must spread some Reputation around before giving it to IsuruP123 again.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නියමයි බන්.:Dදිගටම ඇදගෙන යමන්.....:yes:ඉතිහාසය ගැන යම්තාක් දේවල් ටිකක් දැනගත්තා :nerd:
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Ela machan ithuru tikat ikmanata dapan.
    mage asama scen ekak thamai Greek mythology.
    Clash of Titan eke cronus kiyanne gal yodayekne ban :oo:
    rep 6+
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඉතාමත් වැදගත් ..... ඉතුරු ටිකත් ඉක්මනට දාපන් ...... ෆිල්ම් බැලුවට හරියට පොතක් වත් කියවලා නැනේ ඔය ග්‍රීක ඉතිහාසේ ගැන

    20+
    :yes:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    harima age athi wedak!! Poseidon ganath wishata karanna (Y)

    good work mate really inresting

    Ithuru tikath daamu...
    You must spread some Reputation around before giving it to IsuruP123 again.

    ado patta math asai me seen walata :D
    ++

    wow ... lassanai thawa liyanna...

    supiri wedak macho.... digatama karagena yamu........

    නියමයි බන්.:Dදිගටම ඇදගෙන යමන්.....:yes:ඉතිහාසය ගැන යම්තාක් දේවල් ටිකක් දැනගත්තා :nerd:

    ela machan digatama liyanna rep++

    Ela machan ithuru tikat ikmanata dapan.
    mage asama scen ekak thamai Greek mythology.
    Clash of Titan eke cronus kiyanne gal yodayekne ban :oo:
    rep 6+

    Thanx machan laa... :yes::yes::yes:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    Ela machan ithuru tikat ikmanata dapan.
    mage asama scen ekak thamai Greek mythology.
    Clash of Titan eke cronus kiyanne gal yodayekne ban :oo:
    rep 6+
    :D poddak google search karala balapan..eka ekkenaa thamanta hithena widiyata ee charitha nirmaanaya karanwa machan :) kawuruth attata dakala naa ne ;) :yes:

    ඉතාමත් වැදගත් ..... ඉතුරු ටිකත් ඉක්මනට දාපන් ...... ෆිල්ම් බැලුවට හරියට පොතක් වත් කියවලා නැනේ ඔය ග්‍රීක ඉතිහාසේ ගැන

    20+
    :yes:

    Thanx machan... :yes::yes::yes: