ග්‍රීක දේව කතා-Part 2

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
ග්‍රීක දේව කතා-Part 2

අපි කලින් thread එකෙ Cronusට කරපු ශාපය ගැන කතා කලා.

ඔය ශාපය Cronus ට දිවා රෑ නැතුව මතක් වුනා. එක දවසක් Rhea, Cronus ගේ බිරිද, ඇවිත් කියනවා තමන්ට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. තාත්තාගේ ශාපය හිතේ තියන් ඉන්න Cronus ඕක ඇහුවම හොදටම කලබල වෙනවා. තමන්ගේ දරුවෙක්ගේ අතින් මැරුම් කන්න තියන බයට Cronus කරන්නේ Rhea ට ලැබෙන පළවෙනි දරුවව ගිලදමනවා. ඔය විදියටම Rheaට ඊළගට බිහිවෙන ළමයි 4 දෙනාවම Cronus ගිලදානවා.:angry::angry::angry: දරුවන්ට වෙන අසාධාරණේ නිසා ගොඩක් තරහින් ඉන්න Rhea කවදාහරි ඒ ළමයින්ව එළියට ගන්න හිතාගන්නවා. හයවෙනි වතාවටත් ගැබ් ගන්න Rhea සැමියව රවට්ටලා 6වෙනි දරුවා වත් බේරාගන්න හිතාගෙන සැලසුමක් හදනවා.:yes::yes:

Rhea and Cronus
pics09.gif


කාලේ ගෙවිලා ගිහින් හයවෙනි දරුවා ලැබෙන්න කිට්ටු වෙද්දි Rhea බොරුවට අගවනවා තමන්ට දරුවා ලැබුනා කියලා. ඕකට රැවටෙන Cronus කලින් විදියටම ළමයව ගිලින්න එද්දි Rhea ළදරුවෙක් විදියටම ලස්සනට රෙදි වලින් ඔතපු ගලක් දෙනව Cronus ට. Cronus ඒකට රැවටිලා ගිලලා දානවා. තමන්ගේ ජීවිතයට, බලයට තියන ආසාව වැඩිකමට රැවටුනා කියලවත් Cronus ට දැනෙන්නෙ නෑ.:no::no:

ඇත්තටම දරුවා ලැබෙන්න කාලේ ළංවෙද්දි Rhea,Crete කියන දූපතට පළායනවා.එහෙදි Rhea බිහිකරනවා Zeus කියල බොහොම ලස්සන ශක්තිමත් දරුවව.ඉපදුන ගමන් Zeus දිහා බලන Rhea හිතනවා මොහු කවදාහරි දවසක බොහොම බලසම්පන්න දෙවි කෙනෙක් වේවි කියල.:yes::yes: Zeus ව Cronus ළගට අරන්ගියොත් අනිත් ළමයින්ට කලා වගේම ගිලල දායි කියන බයට Rhea කරන්නේ Zeus ව Crete වලම තියලා යන එක. Zeus ට කිරිදෙන්න එළුදෙනක් ටත් හදාවඩාගන්න කියල nymphs ලටත් බාර දීලා Rhea ආයෙත් Cronus ළගට යනවා.මේ වෙනකම් ඔය සිද්ධවුන කිසිම දෙයක් Cronus දන්නෙ නෑ.:no::no:

Zeus with nymph and goat
ignaz-stern-the-nymph-adrastia-and-the-goat-amalthea-with-the-infant-zeus.jpg


Zeus තරුණවියට පත්වුනාම Rhea ඔහුව Cronus ගේ සේවකයෙක් හැටියට බදවගන්නවා. Cronus තවමත් දන් නෑ මේ ඉන්නේ තමන්ගෙම පුතා කියලා.එක දවසක් Zeus ගෙනත් දීපු වයින් එකක් බොන Cronus ට හොදටම අසනීප වෙලා වමනය කරනවා. Cronus මීට කලින් ගිල දාපු ළමයි 5දෙනාවයි (Poseidon, Hades, Hera, Demeter, Hestia) අර ගලයි ඔක්කොම වමාරනවා. බඩ ඇතුළේ උන්න ළමයි එළියට එන්නෙ සම්පූර්ණයෙන් වැඩුන අය විදියට.:yes::confused: සහෝදර සහෝදරියෝ එකිනෙකාව හරියට දකින්නෙත් එළියට ආවට පස්සෙයි. උපන් දා ඉදන්ම දිවාලෝකය නොදැක්ක මේ අය ලැබුන නිදහසෙන් බොහොම සන්තෝස වෙනවා.ඒත් එක්කම මතක් වෙනවා ඔක්කොටම කලින් තමන්ගෙ පියා ගෙන්, ඒ කියන්නේ Cronus ගෙන් ගැලවෙන්න ඕනේ එහෙම නැත්නම් ආයේ ගිලලා දායි කියලා.:dull:

එහෙම හිතන මේ තරුණ දෙවිවරු Mount Olympus වලට පළායනවා. ඒ නිසා ඔවුන්ට Olympian gods කියන නම ලැබෙනවා. Olympian gods ල ඉස්සල්ලම කලේ Titanලට විරුද්ධව යුධ ප්‍රකාශ කරන එක. එහෙම කරන්න හේතු දෙකක් තිබුනා. එකක් තමන්ගේ ජීවිත Titanලගෙන් බේරගන්න එක. අනිත් හේතුව ලෝකයේ පාලන බලය අල්ලගන්න එක.
ප්‍රතිඵලය වෙන්නේ Titans සහ Olympians කියන දෙවිවරු දෙගොල්ලන් අතරේ බොහොම දරුණු යුද්ධයක් ඇති වෙන එක.Titans ලා සටනේ මුල හරියෙදි දිනන පැත්තට බරවෙලා හිටියේ. ඒක වෙනස් වෙන්නේ Titans ලා කීපදෙනෙක් පිල් මාරු කරල Olympian gods ලගෙ පැත්තට ගිය නිසා. ;);)

Prometheus තමයි ඉස්සල්ලම පිල් මාරු කලේ. Prometheus ප්‍රසිද්ධ වෙලා උන්නේ අනාගතය දකින්න පුළුවන් දෙවි කෙනෙක් විදියට. ඔහුට පෙනුනා සටන අවසානෙදි ජය ගන්නෙ Olympians ල කියල.ඔය හේතුව නිසා Prometheus ගෙ සහෝදරයා Epimetheus ත් Olympian දෙවිවරුන්ගෙ පැත්තට එනවා.:rolleyes:

Prometheus
Heinrich_fueger_1817_prometheus_brings_fire_to_mankind.jpg


ඔය විදියටම Cyclops සහ Hundred-handed Ones ලත් Olympians ලට එකතු වෙනවා. සටනේදී Olympians ලගෙ නායකය වුන Zeus දෙවියෝ Cyclops ලට කියනවා තමන්ගේ සේනාවට හොද ආයුධ හදලා දෙන්න කියලා.ඒක අහපු Cyclops ලා Olympians ලගෙ හැම දෙවිකෙනෙක්ට ම විශේෂ වුන ආයුධයක් ගානේ හදලා දෙනවා. Zeus ට හදලා දෙන්නෙ ලොකු බලයක් ඇතිව බොහොම දුරකට උනත් පාවිච්චි කරන්න පුළුවන් අකුණු සැරයක් (thunderbolt).:yes::yes:

Zeus
Zevs-superskiy.jpg


Poseidon ට ඕනෑම හතුරෙක් පරද්දන්න පුළුවන් බලගතු ත්‍රිශූලයක හැඩයේ ආයුධයක්. :yes:
476


Hades ට ලැබෙනවා magic helmet එකක්.Cronus ගේ සහ අනිත් Titansලගේ තියන අමරණීය දේව ඇස් වලට පවා නොපෙනී ඉන්න ඒකෙන් පුළුවන්.:yes:
Hades-And-The-Helm-Of-Darkness-the-heroes-of-olympus-19245521-423-640.jpg


විවිධ බලසම්පන්න ආයුධත් එක්ක සටනට ආපු Olympian දෙවිවරු සහ කොච්චර යුද්ධ කලත් වෙහෙසට පත් නොවෙන Hundred-handed Ones ලගෙත් එකතුව නිසා Titansල පසුබසින්න පටන් ගත්ත. ඒත් බොහොම දරුණු සටනකට පස්සේ. ලෝකයේ පාලන බලය ලබාගන්න සටන අවසාන කරන්න Zeus දෙවියො තමන්ගේ පියා වෙන Cronus ට අභියෝග කරනවා මල්ලවපොර සටනකට එන්න කියලා.එතනදි Zeus දෙවියො Cronus දෙවියන්ව තුන් වතාවක් පරාජය කරනවා. ඒකෙ අවසාන ප්‍රථිපලය වෙන්නෙ Titans ල Olympians ලට යටත් වෙන එක.:yes::yes:

Olympian දෙවිවරු තමන්ට යටත් වුන Titan දෙවි වරුන්ව Tarturus වල සදාකාලිකවම හිරකරනවා.ලෝකඩ ගේට්ටුවකින් Tarturus අගාධය වහලා එතන මුර කරන්න Hundred-handed Onesලව යොදවනවා.ඔතනදි Titansලගෙ පිලෙන් සටන මෙහෙයවපු Atlas දෙවියන්ට විශේෂ දඩුවමක් ලැබෙනවා. ඒ තමයි ලෝකය සදාකාලිකවම තමන්ගෙ උරහිස් උඩ ඔසවා තියාගන්න එක. ඒක Tarturus වල හිර වෙලා ඉන්නවට වඩා දරුණු දඩුවමක් කියලයි කියන්නෙ.
statue-god-atlas-portmeirion-13115787.jpg


Cronus තමන්ව ගිලදැම්මත් Olympians ල Cronus ව මරල දාලා ඒකේ පළිය ගන්න හිතුවේ නෑ.ඒ නිසා Cronus ව Island of the Dead වලට සදාකාලිකව පිටුවහල් කලා.මුලින් Olympian දෙවිවරුන්ව විනාශ කරන්න ඕනකමක් තිබුනත් පිටුවහල් කිරීමෙන් පස්සෙ Cronus හීන මගින් Zeus ට ලෝකය පාලනය කරන්න උදව් කලා.
තවත් අය කියනවා Cronus ව Tartarus වල හිරකලා කියලත්.ඊටපස්සෙ කාලෙක Cronus ව නිදහස් කරලා The Islands of the Blessed වල රජු හැටියට පත් කලා කියලත් කියනවා.

ඔක්කොම දඩුවම් ටික ලබාදුන්නට පස්සෙ Olympianලගෙ ප්‍රභලයෝ වුන Zeus, Poseidon සහ Hades ලෝකයේ බලය බෙදාගත්ත මේ විදියට. Hades මරණයේ සහ පාතාලයේ අධිපති දෙවියන් විදියටත්, Poseidon ජලයට (සියළු සාගර වලට ) අධිපති දෙවියන් විදියටත් හැදින්වෙනවා. තවත් පොතක තියන විදියට Poseidon අශ්වයන්ට අධිපති වගේම earthquakes ඇති වෙන්නත් බලපානව. ඒ නිසා “The Earthshaker” කියලත් Poseidonට කියනවා.සුප්‍රසිද්ධ ට්‍රෝජන් යුද්ධයටත් Poseidonගෙන් විශාල සහයක් ලැබුනාලු.

Zeus අහසට, අකුණුසැරයට අධිපති දෙවියන් විදියට බලය බෙදාගන්නෙ. Zeus දෙවියන්ට තමයි වැඩිම බලතල හිමිවෙන්නේ. සියළුම දෙවියන්ගෙ,අමරණීයයන්ගේ රජු වෙන්නෙත් Zeus. එහෙම උනේ Zeus දෙවියන්ට අයිති අහස, පොළවේ තියන හැම දෙයක්ම වහගෙන ඉහළින් ඉන්න නිසාලු.
ඔයවගේ වැදගත් තනතුරු ටික බෙදාගත්තට පස්සෙ ඉතුරු ඔක්කොම දෙවි දේවතාවියන්ටත් විවිධ කාර්යයන් පැවරුනා.

සමහර දෙවිවරුන්ගේ නම් සහ කාර්යයන් වල පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්.එක හේතුවක් තමයි රෝම සාහිත්‍යයෙදි එකම දෙවිවරුන්ව වෙනස් නම් වලින් හදුන්වපු එක.උදාහරණයක් විදියට Zeus දෙවියන්ව රෝමන්වරු හදුන්වන්නේ ජුපිටර් කියලා.Aphrodite දේවතාවිය වගේම වීනස් දේවතාවියවත් හදුන්වන්නෙ goddess of love and beauty හැටියට.

Demeter කෘෂිකර්මාන්තයට අධිපති දේවතාවිය විදියටත්, Hestia ගිනි උදුනට සහ නිවසට අධිපති දේවතාවිය විදියටත් පත් කලා. මුලදි Hera දේවතාවියත් නිවස ආරක්ෂා කරන දේවතාවියක් වෙලා හිටියත් පස්සෙ Hera Zeus ව විවාහ කරගත්තට පස්සේ එයා විවාහය සහ දරු උපත් වලට අධිපති දේවතාවිය වුනා.කොහොමවුනත් Hera ව ගොඩක් පොත් වල හදුන්වන්නේ ටිකක් මානුෂික ගතියෙන් අඩු කෙනෙක් හැටියට ලු.

Hera
137205-attachment.jpg


මේ Olympian දෙවිවරුන්ටත් දරුවන් ලැබෙන්න පටන් ගත්තා. සමහර ළමයි ඉපදුනේ බොහොම අමුතු විදියට.උදාහරණයක් විදියට Athena බිහිවෙන්නේ Zeus ගෙ හිසේ පැත්තකින්. ඇය ඥානයට අධිපති දේවතාවිය වගේම ඇතෙන්ස් වල ආරක්ෂිකාවත් වෙනවා. Hera තමන් විසින්ම ගැබ් අරගෙන Hephaestus කියන දෙවියන්ව බිහිකරනවා. Hephaestus කියන්නේ ගින්දරට අධිපති දෙවියන්. ඒ නිසා අනිත් සියළුම දෙවිවරුන්ගේ blacksmith එක වෙන්නෙ Hephaestus. Hera සහ Zeus ගෙ දරුවෙක් තමයි යුද්ධයට අධිපති Ares කියන්නෙ. (asylum, p990i සහෝ ලා දෙන්නට ස්තූතියි වැරද්ද පෙන්නුවට:yes::yes:)

Athena goddess
latest


Titan සොහොයුරු සොහොයුරියො වෙන Phoebe සහ Coeus ට ලැබෙන දෙව්දුව තමා Leto. Leto ට ලැබෙන දරුවන් වෙන්නේ Apollo සහ Artemis. Apollo ආලෝකයට සහ සංගීතයට අධිපති දෙවියන්.Artemis දේවතාවිය දඩයම් වලට සහ සඳටඅධිපති වෙනවා.
Aphrodite තමයි goddess of love and beauty වෙන්නේ. ඇය බිහිවෙන්නේ මුහුදු රැළි වලින්.(රෝමන්වරු පහුකාලෙක Venus දෙව්දුවව හදුන්වන්න පටන් ගන්නෙත් goddess of love and beauty කියලමයි)

Zeusගේ සහ ඇට්ලස් දෙවියන්ගේ දුවෙක් වෙන Maia ගේ දරුවෙක් වෙන Hermes පොඩි කාලේ ඉදන් බොහොම ඉක්මනට වැඩුන කෙනෙක්. පොඩි කාලේ ඉදන් Hermes ට බොහොම වේගෙන් ඇවිදින්න හැකියාව තිබුනා. ඒ නිසාම පස්සේ කාලේක දෙවියන්ගෙ පණිවිඩ හුවමාරු කරන්නා වෙන්නෙත් Hermes. ගොඩක් වෙලාවට චිත්‍ර ශිල්පියො Hermesව අදින්නෙ හිස් වැසුමෙයි, සෙරෙප්පු වලයි පිහාටු තියන විදියට.Hermesගෙ මේ වේගවත් ඇවිදීම සහ ඔහුට පැවරුන රාජකාරිය නිසා සංචාරකයන්ගේ ආරක්ශකයා විදියට Hermesව හදුන්වනවා.

Hermes
1473479_orig.jpg


මේ නම් සදහන් කරපු නොකරපු දෙවි දේවතාවියෝ හැමෝම Mount Olympus වල ඉදන් මේ ලෝකය පාලනය කලා.ඉතාම උස කන්දක් වෙන Mount Olympus වල ඉදන් පහළින් තිබුනු ග්‍රීසිය ඇතුළු මුළු ලෝකයේම දීර්ඝ කාලයක් පාලනය කරන්න Olympian දෙවිවරුන්ට පුළුවන් උනා.
කලින් ත්‍රේඩ් එකෙයි මේ ත්‍රේඩ් එකෙයි දෙවියෝ ගැනමනේ කතා කලේ..ඊළග ත්‍රේඩ් එකෙන් බලමු මිනිස්සු හැදුනේ කොහොමද කියලා.

ප.ලි. කලින් හිතන් උන්නේ ඔක්කොම දෙවිවරුන්ගෙ tasks දාල වගුවක් දාන්න.ඒත් කතාවේ පිළිවෙල නැතුව යන නිසා දැනට ඔය ටික විතරක් දැම්ම.අර වගුව පස්සේ දවසක දාන්නම්. family tree එකටත් හරියටම ගැලපෙන image එකක් හොයාගන්න බැරි වුනා.
එක සහෝදරයෙක් කලින් ත්‍රේඩ් එකේ comment කරලා තිබුනා Poseidon ගැන දාන්න කියලත්.ඒකත් දෙවිවරු ගැනම තියන වෙනම ත්‍රෙඩ් එකකින් දාන්න හිතාගෙන ඉන්නේ. දැනට කතාව continue කරගෙන යන්නේ.
 
Last edited:

Utumesh

Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    පට්ට සහෝ දිහටම කරගෙන යමු Demi God ල ගැන එහෙමත් තියෙනවද Percy Jacson වගේ​
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    thanx machan :yes::yes:
    පට්ට සහෝ දිහටම කරගෙන යමු Demi God ල ගැන එහෙමත් තියෙනවද Percy Jacson වගේ​
    එක එක දෙවියන්ගෙ, demi-godsලගෙ වෙන වෙනම තියන කතා (Theseus and the Minotaur වගේ ඒවා) දාන්න හිතාගෙන ඉන්නවා මචං.එතකොට Percy Jackson ගැනත් දාන්නම්.දැනට මං පිළිවෙලට යන්න ඕනේ ත්‍රෙඩ්ස් 5ක් plan කරලා තියෙන්නේ.ඒ ටික දාලා ඉවර වෙලා දාන්නම්.:yes::yes:
    thanx machan :yes::yes:
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ela machan anek thread ekath PM karapan.

    thawa podi deyak okata ekatu karapan kohomada Zuse Hades wa rawattana hati underworld eka palanaya karanna. :)

    Btw poseidon ge weapon eke nama trident. :)
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    machan podi printing mistake ekak tiyanawa eka hadapan

    Hera සහ Zeus ගෙ දරුවෙක් තමයි යුද්ධයට අධිපති Heras කියන්නෙ

    heras newei ban Ares thami uddeta adi pati kenage nama. :)
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    machan podi printing mistake ekak tiyanawa eka hadapan

    Hera සහ Zeus ගෙ දරුවෙක් තමයි යුද්ධයට අධිපති Heras කියන්නෙ

    heras newei ban Ares thami uddeta adi pati kenage nama. :)

    :yes::yes: Ares
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    එතකොට බන් අර Age Of Mythology ගේම් එකේ Expansion එකේ Kronos ව මරනවනේ Gaia ඇවිත්.. එහෙම සීන් එකකුත් වෙලා තියෙනවද ඔය කාලේදී.. අන්තිමට Kronos ට මොකද උනේ කියලත් කියපන්කො. නැත්නම් රේප් කපනවා.
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ela macho.
    ethakota Hercules kiyane Zeusgei Hera gei lamayekda?
    rep dena balu
    You must spread some Reputation around before giving it to IsuruP123 again.
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ela machan anek thread ekath PM karapan.

    thawa podi deyak okata ekatu karapan kohomada Zuse Hades wa rawattana hati underworld eka palanaya karanna. :)

    Btw poseidon ge weapon eke nama trident. :)
    ok machan..:) man thrishuulaya kiwwe eikata thama :yes::yes:
    Thanks machan :yes::yes:
    machan podi printing mistake ekak tiyanawa eka hadapan

    Hera සහ Zeus ගෙ දරුවෙක් තමයි යුද්ධයට අධිපති Heras කියන්නෙ

    heras newei ban Ares thami uddeta adi pati kenage nama. :)

    bohoma sthuthiyi machan..man eeka edit kalaa :yes::yes:
    Thanx mchn :yes::yes:

    Thanx mchn :yes::yes: