ග්‍රීස් යක්කුන්ගේ මානසිකත්වය

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
ග්‍රීස් යක්කුන්ගේ මානසිකත්වය

මේ දිනවල ලංකාව පුර පැතිරී ඇති නවතම භිෂණය වන්නේ ග්‍රීස් යකුන්ය.ග්‍රීස් යකුන්ට එරෙහිව ගම්මුන් කෝපයට ලක්ව මරණයට පත් වූ පුද්ගලයන් පවා පසුගිය දිනවල වාර්තා වුනි.

මේ වන විට ග්‍රීස් යකුන් කියා නම් කල පුද්ගලයන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර සැබෑ ග්‍රීස් යකුන් ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් බව අපගේ විශ්වාසය වේ.

මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ සැබෑ ග්‍රීස් යකුන් සහ ග්‍රීස් යකුන් නමින් පෙනී සිටිමින් අපරාධ කරන පුද්ගලයන්ගේ වෙනස හදුන්වා දීමටයි.

ග්‍රීස් යකුන් රැල්ල එකවර මතු වුයේ කහවත්ත අභිරහස් ඝාතන පෙලින් පසු බව අප අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි.

කහවත්තේ ඝාතන එකින් එක වාර්තා කල මාධ්‍යය කහවත්තේ අභිරහස විසඳුනද එතින් නතර වුයේ නැත.

ඉන්පසු වාර්තා වූ මරණයන් අභිරහස් ඝාතකයන් ලෙස පෙන්වා දී අමුතු කුතුහලයක් මවා පෑමටද මාධ්‍යය ආයතන කටයුතු කළේය.

සැබවින්ම කහවත්තේ සිදුව තිබුනේ ද මානසික විකෘති තාවයක් තිබු එක තරුණයෙක් ගේ ඝාතන වලට මුවා වී අනෙක් ඝතකයන්ද කල එලි බැසීමයි.

අපරාධ කිරීමට මාන බලමින් සිටි ඔවුන්ට ග්‍රීස් යකුන්ගේ කතාව මනා පිටුවහලක් විය.

එසේ වර්ධනය වූ ග්‍රීස් යකුන්ගේ කතාව දේශපාලන කරලියටද පැමිණියේය.මර්වින් සිල්වා නම් කිව්වේ ග්‍රීස් යකුන් ලෙස පෙනී සිටින්නේ පැරදුනු ජේ.වී.පි කාරයන් කියාය.ඒ අතර ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ මෙය ආණ්ඩුවේ කුට සැලැස්මක් බවයි.

මේ අතර මේ දිනවල බොහෝ තැන්වල පැතිරී ඇති කටකතාවක් අපේ සවනටම අසන්න ලැබුනේ මෙසේය.

"ඕක ආණ්ඩුවේ වැඩක් නේ.ගෑණු 6000 කගේ පියයුරු කපලා ලේ ගන්න ඕනලු දුටුගැමුණු රජතුමාගේ කඩුව ගන්න.අපේ පැත්තේ ගැණු කෙනෙකුගෙත් මේ ලඟදි කපල තිබුන"

මේවා හුදෙක් කට කතා බව අප පසක් කරන්නේ දිවයිනේ කිසිදු පෙදෙසකින් එවන් සිදුවීමක් වාර්තා වී නොමැති හෙයිනි.

මේ අතර ග්‍රීස් යකුන්ගේ භීතිකාව නිසා ග්‍රීස් යකා යැයි බිය වී පෙම්වති පෙම්වතාට පහරදීම,බිරිඳ බිමත් සැමියාට පහරදීම,අලි සංගණනයට ගිය පොලිස් නිලධාරීන්ට පහරදීම වැනි සිදුවීම්ද පසුගිය දා වාර්තා වුනි.

ඇත්තෙන්ම ග්‍රීස් යකුන් කියා පිරිසක් අතීතයේ සිටම ගම්වල සිටියහ.ඔවුන් පැමිණෙන්නේ ග්‍රීස් හෝ තෙල් ගාගෙනය.ඒ හදිසියේ හෝ ගම්මුන්ට අසු වුවහොත් ලේසියෙන් ලිස්සා යාමටය.

ඔවුන්ගේ එකම අරමුණ වන්නේ කාන්තා යට ඇඳුම් සොරකම් කිරීම හෝ කාන්තාවන් නිදා ගැනීම හෝ නාන දර්ශන හොරෙන් නැරඹීම මිස කාන්තාවන්ට ලිංගික අතවර කිරීම නොවේ.

එසේ කරනවානම් ඔවුන් ග්‍රීස් හෝ තෙල් ඇඟ පුරා ගාගෙන එන්නේද නැත.

ග්‍රීස් යකුන් ලෙස හැසිරෙන්නේ මානසික රෝගීන් වේ.ග්‍රීස් යකුන් ප්‍රධාන වශයෙන් දෙකොටසක් වේ.එක කොට්ටාශයක් කාන්තා යට ඇදුම් වලට ප්‍රිය කරන අතරේ තව පිරිසක් කාන්තාවන් නිදා ගන්න අයුරු නානා අයුරු හොරෙන් බලා සිටීමට ප්‍රිය කරයි.

කෙනෙකුගේ සිරුරේ කොටසක් (ලිංගේන්ද්‍රිය හැරෙන්නට) හෝ ඇය/ඔහු භාවිතා කරන ඇඳුමක් උපකරණයකට ආදරය කරමින් ලිංගික තෘප්තිය උදෙසා එය පසුපස හඹා යෑම හදුන්වන්නේ ෆෙටිසම් (FETISM ) හෙවත් පුජාලංජන භක්තිය යනුවෙනි.

අන් අයෙකුගේ නිරුවත හෝ ලිංගික හැසිරීම දෙස බලා සිටීමෙන් පමණක් ලිංගික තෘප්තියට පත්වීම හදුන්වන්නේ වොයෙවුරිසම් (voyeurism ) දර්ශනකාමිත්වය යනුවෙනි.බෝහි විට ගැහැණු නාන තැන්වලට හා නිදන කාමරවලට එබිකම් කරන්නේ මොවුන්ය.

මෙම රෝගී තත්ව දෙකම තිබෙන පුද්ගලයනුත් සිටින අතර මෙහි විශේෂත්වය වන්නේ එවන් සිතුවිල්ලක් පහල වුවහොත් එය කෙසේ හෝ සඵල කර ගැනීමට අදාළ මානසික රෝගියා ඕනෑම අවධානමක් ගැනීමට පෙළෙඹෙන හෙයිනි.

එබැවින් මෙසේ අල්ලා ගන්නා ග්‍රීස් යකුන් නම් මානසික රෝගීන්ට පහරදීමෙන් ඔවුන්ගේ රෝගය සුව කල නොහැකි අතර ඔවුන්ට මානසික වෛද්‍ය වරයෙකුගේ ප්‍රතිකාර ලබා දීම අත්‍යවශ්‍ය වේ.

මෙවැනි රෝගී තත්වයේ පෙලෙන රෝගීන් පිළිබඳව අපුරු හෙළි කිරීමක් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් රචිත 'මනුෂ්‍ය ප්‍රේතයන් සමග කල දුෂ්කර ක්‍රියාවක්' යන කෘතියේ මෙලෙස දක්වා ඇත

"වැල්ලවත්තේ ගෙවල් වලට පැන වැල වල්වල වනා තිබුණු කාන්තා යට ඇඳුම් ගෙන යන හොරෙක් විය.කෙසේ හෝ ඔහු සමග මිත්‍ර වූ මට ඔහු ගැන බොහෝ තොරතුරු දැනගන්නට ලැබුණි.

හෙතෙම අශාවෙන් ගෙන යන යට ඇදුම් තම්බා වතුර බොයි.ඔහුගේ එකම ආහාරය යට ඇදුම් තම්බාගෙන බිමය.

එක්තරා ස්ත්‍රී බෝඩිමක කටයුතු කරන ගැහැනියක මා සමග මිත්‍ර විය.ඒ බෝඩිමට ගැහැණු ප්‍රයෝජනයට ගන්නා වැසිකිලි පවිත්‍ර කිරීමට එන මිනිහා ගැන මට කීවාය.මම ඒ මිනිහා ඇඳින ගතිමි.

අන්තිම කිළුටු ඇඳගෙන විත් වැසිකිලි සුද්ද කිරීම ඔහුගේ සිරිතය.ඔහු ඒවායේ අපිරිසිදු වතුර බොයි.ඒ වැසිකිලි පෝච්චි ස්පර්ශ කරයි.ඔහු ලිංගික ව්කෘති අසහා ඇති මනුෂ්‍ය ප්‍රේතයෙකි.
විකෘති ලිංගික ආශා ඇති සාමන්‍යය මිනිසුන් මෙන් හැසිරෙන උසස් සමාජයේ අයද මට හමු වී ඇත.

මින් එක්කෙනෙක් එකල රට පුරා නමගිය සමාජ සේවකයෙකි.ඔහු විවාහක වුවද නැවතී සිටියේ ප්‍රසිද්ධ බෝඩිමකය.ඒ බෝඩිමේ ඔහුට අල්ලපු කාමරයේ සිටි මිත්‍රයෙක් මට ඔහු ගැන කීය. මම මගේ මිත්‍රයාගේ කාමරයට ගොස් එහි ඇති හිලකින් (කාමර වෙනකොට ඇත්තේ හීන් ලෑලි වලිනි.)බලා සිටියෙමි.

ඒ මිනිහා කරන්නේ රෑ කෑම එක ගෙන අල්මාරියෙන් ගන්නා කිළුටු ගැහැණු යට ඇඳුම් වල දමා තබා ගැනීමය.

ඒවා ඔහු විසින් විවිධ ගැහැණු ළමයින්ට මුදල් දී ලබා ගත් ඒවාය.ගැහැනුන්ට මුදල්දෙන,සමහරවිට රක්ෂා ලබා දෙන ඔහු,කිසි දවසක ඒ ඇය ලිංගික කටයුතු සඳහා යොදා නොගනී.

තමා කල උපකාරයට ඔහු පෙරලා ඉල්ලන්නේ එක ප්‍රති උපකාරයක් පමණි. එනම් ඒ ගැහැණිය අඳින කිළුටු යට ඇදුමය.

එය අපිරිසිදු වන තරමට ඔහු එයට කැමතිය.ඒ යට ඇදුම් පළමුවෙන් සිප වැළඳගන්නා ඔහු එට අනතුරුව ඒවා සිප ගනිමින්ම ආහාර අනුභව කරන්නේය.සමහර අදුම්වලින්ම ආහාරගෙන මුවගට තබයි.ආහාර ගැනීම ඉවර වන්න පැයක් පමණ වෙලා ගනියි."

ඒ අනුව අප තේරුම් ගත යුත්තේ අමානුෂික ලෙස පහර දීමෙන් ග්‍රීස් යකුන් මෙල්ල කල නොහැකි බවයි.

වර්තමානයේ ග්‍රීස් යකුන් සිටින්නේ ඉතා අල්ප ප්‍රමාණයකි.ඉන් වැඩිපුරම සිටින්නේ ග්‍රීස් යකුන් මෙන් වෙස්වලාගෙන අපරාධ කරන මිනිසුන්ය.

එයත් අවසන් වීමට කාලය පැමිණ ඇත්තේ අහිංසක මිනිසුන්ද ග්‍රීස් යකුන් යැයි හංවඩු ගසා කකුල් කඩා මරණයට පත්කිරිමටම තරම් ජනතාව ප්‍රකෝප වීම නිසාය.

ජනමාධ්‍යය මගින්ම පිම්බු ග්‍රීස් යකා, අතොරක් නැතුව ගුටිකන අයුරු ජනමාධ්‍යය මගින්ම පෙන්වූ නිසා ව්‍යාජ ග්‍රීස් යකුන්ද ඉබේම පහව යනු ඇති බව අපේ බලාපොරොත්තුවයි.


තමා සර් ජෝන් කොතලාවල බව කියන ග්‍රීස් යකෙක් හා වෙනත් යකුන්



මම මේක ගත්තේ ගොසිප්9 ඒකෙන...
මේ හොඳ නම් ඉතින් සැලකුවට කමක් නැ... නැත්තම් අනිත් අයත් දැනුවත් වෙන්න බුම්ප් එකක්වත් දල යන්න මොකද එකෙත් ග්‍රීස් යක්කු ඉන්න බැරි නැනේ...
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පිස්සෝ බන්..වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස වගේ මුහුදු පැති වලත් ඉන්නවා..කෙල්ලෙක් එක්ක ගිය ගමන් පදුරැ අස්සෙ හැංගිලා හොරෙන් බල බල ආතල් ගන්නවා..
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මෙහෙමයි කාට වුනත් අයිතියක් නැහැ තමන්ගේ අතට නීතිය අරගන්න..............
    බලන්න ගහලම මිනිහෙක්ව මරන්න තරං මිනිස්සු දරුණු වෙලා ප්‍රශ්න විසඳන්න පුළුවංද..........
    මිනිස්සු මීට වඩා බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන................
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    hmmmmm....mata oya manasika leddu kiyala balanne na...mata hambunoth awasane thamai....

    mata nam on kiyanna epa...okunge awasan gaman thamai...
    kalakanni.....

    අපේ රජය ඔච්චර සල්ලි වියදම් කරන එකේ....බල්ලෝ අල්ලනවා වගේ ඔකුන්ව අල්ලලා ප්‍රතිකාකර කරන්න බැරි ද???

    අපේ ලන්කවෙලුනේ හොද army සහ යුද කටයුතු කරන අය ඉන්නේ???
    මහලොකුවට කියන්නේ හොද හමුදාවක් ඉන්නවා කියල....

    එහෙම එකේ...ඕක මොකක්ද නේ....

    why ??????? බැරි මෙකුන්ව අල්ලන්න.....
    ඇයි???? උවමනාවක් නැත්තේ..??????

    මට එක දැනගන්න ඕනේ........මට ඕකුන්ව හම්බුනොත් විනාසේ තමයි..........
     

    lolcat

    Banned
    Jul 19, 2011
    62
    5
    0
    ගම් වල ඉන්නෙ කොහොමත් මොලේ අමාරු කාරයොනෙ. ඒ මදිවට කිසි විනයක් නැති කාලකන්නි හැත්ත. සත්තු වගේ. අනුන්ගෙ ඕපදූප හොයන එක තමය් ඕකුන්ගෙ වැඩේ. හොරෙක් හවු උනාමත් ගමම එකතු වෙලා උට ගහනව. මට පේන්න බෑ ඔය ගොඩයොන්ව.
     

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    ඕක ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ හැමතැනම තියෙනවා Search කරලා බලන්න Google වල
    lushstories.com
    ඒක එකා ලියපු කථා මේකේ තියෙන්නේ.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    badulla patthe greece yakek hamuwela...
    uuta allagena gahala policiyata call karama policiyen kiwwalu..hooow hoooow gahanna epa e ape kattiyak kiwwalu...
    mewa rajayen wena kuuta wiyapara wenna ona!