ග්‍රීසියේ කැරලිකාරයා සමුගනී...

waligamaya

Well-known member
  • ග්‍රීසියේ කැරලිකාරයා සමුගනී...

    "සටන් කොට මිය, යාම බල්ලෙකු ලෙස මිය යනවාට වඩා වීරයෙකු ලෙස මියයාමක්ය"


    14729167_1837694923177294_6570363975039008324_n.jpg



    සියේ ඇති වූ ආර්ථික අර්බුදයට එරෙහිව එරට ජනතාව කළ විරෝධතාවන්හි සටන් සගයෙකු වූ ලොවුකානිකොස් නැමැති සුනඛයා මිය ගොස් ඇති බව විදෙස් පුවත් වාර්තා කර සිටී.

    මාස ගණනක් පුරා ග්‍රිසියේ පැවැති මෙම උද්ඝෝෂණවලදී එහි පෙරමුණේ සටන් සගයකු වූයේ ලොවුකානිකොස්ය. මේ සුනඛයා විරෝධාකරුවන්ගේ පාර්ශවයේ සිට ඔවුන් පහරදීමට පැමිණෙන පොලිස් නිලධාරීන්ට බුරා පනිමින් ද කදුළු ගෑස් එල්ල කිරීමේදී ඒවා විරෝධතා කරුවන්ගෙන් ඉවත් කරමින්ද විරෝධතාවන්ට නොබද සහයක් ලබාදුන්නේය.

    මේ හේතුවෙන් මෙම සුනඛයා ලෝ ප්‍රකට විය.ටයිම්ස් සගරාව විසින් 2011 වසරේ චරිත අතරට මෙම සුනඛයා එක් කර තිබුණි. වරින් වර පවත්වන උද්ඝෝෂණවල කදුළු ගෑස් ප්‍රහාරයන්ට නොබියව මුහුණ දී ජනතාවට සහයෝගය දැක්වීම හේතුවෙන් ග්‍රීසියේ ජනතාව තුළ නොබද ආදරයට මෙම සුනඛයා පත්විය.

    කෙසේ නමුත් මෙම සුනඛයාගේ මරණයෙන් පසුව ඒ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ සිදුකළ පශු වෛද්‍යවරු සදහන් කොට සිටියේ අධික ලෙස කදුළුගෑස් ප්‍රහාරයන්ට ලක්වීම හේතුවෙන් වූ ශාරිරික දුර්වලතා හේතුවෙන් ඌ මිය ගිය බවයි.
    මිය ගිය ලොවුකානිකොස් නගරයේ මධ්‍ය යේ ඇති වෘක්ෂයක් අසල භුමදානය කිරීමට ලොවුකානිකොස්ට ආදරය කළ පිරිස් කටයුතු කරනු ලැබීය.

    ජනතාවට පීඩාවන් දෙන පාලකයන්ට එරෙහිව සටන් වැදීම වෙනුවට දැන හෝ නොදැන ගුලිවී සීතලවන මිනිසුන්ට ලොවුකානිකොස් කදිම පණිවුඩයක් ලබාදෙන්නේය.
    එනම් ,
    "සටන් කොට මිය, යාම බල්ලෙකු ලෙස මිය යනවාට වඩා වීරයෙකු ලෙස මියයාමක්ය" යන්නය




    14725552_1837694936510626_7716553233856899901_n.jpg



    14724486_1837694973177289_911535123121450042_n.jpg



    14670789_1837694993177287_2523057659925790666_n.jpg



    14657398_1837695006510619_8178697755714180821_n.jpg




    14708248_1837695023177284_7778555020201608622_n.jpg




    14702366_1837695036510616_6731119790245263210_n.jpg




    14713718_1837695066510613_3364616345062308304_n.jpg




    14666072_1837695093177277_8520224562566323050_n.jpg



    14600876_1837695116510608_256627504604630435_n.jpg
     
    • Like
    Reactions: Vandetta and Ashman