ග්රේට් වෙස්ටර්න් - ලංකාවේ හය වෙනියට උස කන#
පසුගිය දවසක මම ලංකාවේ උසින් හයවැනි තැන ගන්න ග්රේට් වෙස්ටර්න් කන්ද නැග්ගා... මෙන්න විස්තරේ..
sobaroo.blogspot.com/2014/12/most-strenuous-hike-ever-part-i.html
ග්රේට් වෙස්ටර්න්...... The most strenuous hike ever... Part I
ජීවිතයේ තවත් එක හීනයක් පහුගියදා හැබෑ කරගත්තා. බදුලු දුම්රියේ ග්රේට් වෙස්ටර්න් දුම්රිය පොළ පහු කරගෙන යන වාරයක් පාසා දුම්රිය ස්ථානයට ඉහළින් පෙනෙන මේ උත්තුංග කඳු වැටිය තරණය කරන්න හීනයක් මගේ හිතේ තිබුණා. ඒ හැබෑ වු හීනයේ කතාවයි මේ....
ඒතරම් ප්රසිද්දියක් නැති උනත් ග්රේට් වෙස්ටර්න් කියන්නේ ලංකාවේ කඳු අතර උසින් හය වෙනියා... හරියටම කිව්වොත් මුහුදු මට්ටමේ ඉඳලා උස මීටර් 2216ක්. සුප්රකට බදුල්ල දුම්රිය මාර්ගයේ වටගොඩ හා රදැල්ල දුම්රිය ස්ථාන අතර ග්රේට් වෙස්ටර්න් දුම්රිය පොළ පිහිටා තිබෙනවා. නොඉඳුල් වනගහනයකින් හෙබි මෙම කඳු වැටිය ප්රදේශයේ ප්රධානතම ජල මූලාශ්රයද වනවා.
පුරුදු පරිදි මෙම චාරිකාවටත් අපි යොදා ගත්තේ කොළඹ කොටුවෙන් රාත්රී 8ට පිටත් වන තැපැල් දුම්රියයි. මෙවර ගමනට පරිසර ලෝලීන් අට දෙනෙක් එකතු වී සිටියා. ගී රසෙන් පිරුණු දුම්රිය ගමන අපූරු අත්දැකීමක්. අපි එක තැනකට එකතු වී සිහින් සරෙන් ගී ගැයූ නිසා නිදන මැදිරියේ නිදා උන් අයට එය බාධාවක් වුණේ නෑ. නැළවිල්ලේ ගමන් කල දුම්රිය ග්රේට් වෙස්ටර්න් දුම්රිය පොළට ළඟා වෙද්දී පාන්දර තුනට ආසන්න වුණා. පසුගිය චාරිකාවේදී පට්ටිපොළ දුම්රිය ස්ථානයේදී තරම් නොවුණත් දුම්රියෙන් බැස්ස වහාම දැනුනු සීතල තරමක් කටුක බව නොකියාම බැහැ.
මදක් එළිය වැටෙන තුරු දුම්රිය ස්ථානයේ විවේක කාමරයේ රැඳෙන්න අපි තීරණය කළා. හිරු එළිය වැටෙද්දීම අපි එළියට බැස්සේ උදෑසන හිරු කිරණින් බැබළෙන පරිසරයේ සුන්දරත්වය විඳ ගන්නටයි. දුම්රිය වේදිකාවේ හිඳ බලන විට පෙනෙන දර්ශනයේ සුන්දරත්වය වචනයට නගන්නට නොහැකි වීම ගැන මට සමා වන්න...
උදෑසන අසිරිය...
මිහිදුම් පටලයෙන් යාන්තම් වැසුණු කඳු පන්තියක් අප ඉදිරියේ විහිදී තිබුණා. රටේ මුදුන් මල් කඩ වුණු ශ්රී පාද කන්ද, හැටන් සානුව, සිංගිමලේ කඳු පන්තිය, කිරිගල්පොත්ත, තොටුපොළ කන්ද මනාව දර්ශනය වෙමින් රස කාමීන්ගේ මනදොල පිනවුවා .
සිරිපාදේ සමනල කන්ද පෙනේ...
අපේ මගපෙන්වන්නා වුණු මෝගන් ග්රේට් වෙස්ටර්න් දුම්රිය පොළ අසළම ජීවත්වන සරල සුහදශීලී ගැමියෙක්. ඔහු විසින් ගෙන අා උණු වඩේ සමග තේ පානය කල අපි උදෑසන 07ට පමණ දුම්රිය ස්ථානයෙන් ගමන් අාරම්භ කලා...
දුම්රිය ස්ථානයට හරි කෙළින් කඳු වැටිය පැතිරී තිබුණත් ඒහි සෘජු නැග්ම නිසා ඒතැනින් නැගීම කල නොහැකි වැඩක්. ඒ නිසා අපට කන්ද වටේ දුම්රිය මාර්ගය දිගේ කිලෝමීටර 2ක් පමණ යන්නට සිදු වුණා.
කන්ද වටේ...
හිමිදිරි උදෑසන මෙවන් සොඳුරු පරිසර පද්ධතියක් හරහා වැටුණු දුම්රිය මගක ගමන් කිරීම ඉතා අපූරු අත්දැකීමක්..
ටර්පන්ටයින්...
පරිසරයේ සුන්දරත්වය උපරිමව විඳිමින්, තැන තැන නතරවී ඡායාරූප ගනිමින් අපි හෙමින් හෙමින් අපේ ගමනේ අාරම්භක ස්ථානයට අාවා...
ගල් මුල් වල පය පැකිළී වැටි වැටි... හතර ගාතෙන් කන්ද නැග්ග හැටි ඊළග කොටසින්....
ඔන්න දෙවනි කොටස දැම්මා... මෙතන කොටන්න
පසුගිය දවසක මම ලංකාවේ උසින් හයවැනි තැන ගන්න ග්රේට් වෙස්ටර්න් කන්ද නැග්ගා... මෙන්න විස්තරේ..
sobaroo.blogspot.com/2014/12/most-strenuous-hike-ever-part-i.html
ග්රේට් වෙස්ටර්න්...... The most strenuous hike ever... Part I
ජීවිතයේ තවත් එක හීනයක් පහුගියදා හැබෑ කරගත්තා. බදුලු දුම්රියේ ග්රේට් වෙස්ටර්න් දුම්රිය පොළ පහු කරගෙන යන වාරයක් පාසා දුම්රිය ස්ථානයට ඉහළින් පෙනෙන මේ උත්තුංග කඳු වැටිය තරණය කරන්න හීනයක් මගේ හිතේ තිබුණා. ඒ හැබෑ වු හීනයේ කතාවයි මේ....
ඒතරම් ප්රසිද්දියක් නැති උනත් ග්රේට් වෙස්ටර්න් කියන්නේ ලංකාවේ කඳු අතර උසින් හය වෙනියා... හරියටම කිව්වොත් මුහුදු මට්ටමේ ඉඳලා උස මීටර් 2216ක්. සුප්රකට බදුල්ල දුම්රිය මාර්ගයේ වටගොඩ හා රදැල්ල දුම්රිය ස්ථාන අතර ග්රේට් වෙස්ටර්න් දුම්රිය පොළ පිහිටා තිබෙනවා. නොඉඳුල් වනගහනයකින් හෙබි මෙම කඳු වැටිය ප්රදේශයේ ප්රධානතම ජල මූලාශ්රයද වනවා.
පුරුදු පරිදි මෙම චාරිකාවටත් අපි යොදා ගත්තේ කොළඹ කොටුවෙන් රාත්රී 8ට පිටත් වන තැපැල් දුම්රියයි. මෙවර ගමනට පරිසර ලෝලීන් අට දෙනෙක් එකතු වී සිටියා. ගී රසෙන් පිරුණු දුම්රිය ගමන අපූරු අත්දැකීමක්. අපි එක තැනකට එකතු වී සිහින් සරෙන් ගී ගැයූ නිසා නිදන මැදිරියේ නිදා උන් අයට එය බාධාවක් වුණේ නෑ. නැළවිල්ලේ ගමන් කල දුම්රිය ග්රේට් වෙස්ටර්න් දුම්රිය පොළට ළඟා වෙද්දී පාන්දර තුනට ආසන්න වුණා. පසුගිය චාරිකාවේදී පට්ටිපොළ දුම්රිය ස්ථානයේදී තරම් නොවුණත් දුම්රියෙන් බැස්ස වහාම දැනුනු සීතල තරමක් කටුක බව නොකියාම බැහැ.
මදක් එළිය වැටෙන තුරු දුම්රිය ස්ථානයේ විවේක කාමරයේ රැඳෙන්න අපි තීරණය කළා. හිරු එළිය වැටෙද්දීම අපි එළියට බැස්සේ උදෑසන හිරු කිරණින් බැබළෙන පරිසරයේ සුන්දරත්වය විඳ ගන්නටයි. දුම්රිය වේදිකාවේ හිඳ බලන විට පෙනෙන දර්ශනයේ සුන්දරත්වය වචනයට නගන්නට නොහැකි වීම ගැන මට සමා වන්න...
උදෑසන අසිරිය... මිහිදුම් පටලයෙන් යාන්තම් වැසුණු කඳු පන්තියක් අප ඉදිරියේ විහිදී තිබුණා. රටේ මුදුන් මල් කඩ වුණු ශ්රී පාද කන්ද, හැටන් සානුව, සිංගිමලේ කඳු පන්තිය, කිරිගල්පොත්ත, තොටුපොළ කන්ද මනාව දර්ශනය වෙමින් රස කාමීන්ගේ මනදොල පිනවුවා .
සිරිපාදේ සමනල කන්ද පෙනේ...අපේ මගපෙන්වන්නා වුණු මෝගන් ග්රේට් වෙස්ටර්න් දුම්රිය පොළ අසළම ජීවත්වන සරල සුහදශීලී ගැමියෙක්. ඔහු විසින් ගෙන අා උණු වඩේ සමග තේ පානය කල අපි උදෑසන 07ට පමණ දුම්රිය ස්ථානයෙන් ගමන් අාරම්භ කලා...
දුම්රිය ස්ථානයට හරි කෙළින් කඳු වැටිය පැතිරී තිබුණත් ඒහි සෘජු නැග්ම නිසා ඒතැනින් නැගීම කල නොහැකි වැඩක්. ඒ නිසා අපට කන්ද වටේ දුම්රිය මාර්ගය දිගේ කිලෝමීටර 2ක් පමණ යන්නට සිදු වුණා.
කන්ද වටේ... හිමිදිරි උදෑසන මෙවන් සොඳුරු පරිසර පද්ධතියක් හරහා වැටුණු දුම්රිය මගක ගමන් කිරීම ඉතා අපූරු අත්දැකීමක්..
ටර්පන්ටයින්... පරිසරයේ සුන්දරත්වය උපරිමව විඳිමින්, තැන තැන නතරවී ඡායාරූප ගනිමින් අපි හෙමින් හෙමින් අපේ ගමනේ අාරම්භක ස්ථානයට අාවා...

Last edited: