ගානියා_අංගොඩට
පැහැරගත් බව කියන මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්රැන්සිස් කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත යොමුකර තිබෙනවා. ඒ, ඇය අද (16) යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදීයි.
තානාපති කාර්යාල නිලධාරිනිය තවදුරටත් ප‍්‍රකාශයක් ලබාදීමේ අරමුණින් මෙලෙස අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. පෙරවරු 09.10 ට පැමිණි ඇය පෙරවරු 09.15 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ අධිකරණ වෛද්‍යවරයා හමුවට යොමු කෙරුණා.
පසුව ඇයව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යොමු කර තිබෙනවා. ඒ, විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් හමුවට ඉදිරිපත් කිරීම සඳහායි.
පැහැර ගැනීමකට ලක්වු බව කියන පැමිණිල්ලකට අනුව ඇය මීට පෙර අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප‍්‍රකාශ ලබා දුන්නා.
අදාල කාන්තාවට හෙට (17) දිනය දක්වා විදෙස් ගමන් තහන ම් කරමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය මීට පෙර නියෝගයක්ද ලබා දී තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව හෙට දිනයේ යළි කැඳවීමට නියමිතයි.
Neth news

Last edited:

යන්න ගියේ ස්විස්, යන්න උනේ අංගොඩ