ගායිකාවගේ නිවසේ කොටියෙක් ඉඳලා

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ගායිකාවගේ නිවසේ කොටියෙක් ඉඳලා

    හිටපු අමාත්‍යවරයෙකු සමග පැවති සම්බන්ධයක් හේතුවෙන් වඩාත් කතාබහට ලක්වූ ජනප්‍රිය ගායන ශිල්පිණියක් පොලිසිය විසින් ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බවට වාර්තා පළ වනවා.

    පසුගිය කාලයේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක්ට නවාතැන් ලබාදීමේ චෝදනාවට ඇය ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

    මෙම එල්.ටී.ටී.ඊ. සාමාජිකයාට නවාතැන් ලබාදීමෙන් ඇයට මුදලක් ලැබුණු බවට ද ඇතැම් පාර්ශ්ව මගින් තොරතුරු ලැබී තිබෙනවා.

    මෙම ගායන ශිල්පිණියගෙන් හෙළිවන තොරතුරුවලට අනුව හිටපු අමාත්‍යවරයා ද අත්අඩංගුවට ගැනීම පොලිසියේ අරමුණ වී ඇති බවයි පැවසෙන්නේ.

    එම එල්.ටී.ටී.ඊ. සාමාජිකයාව ඇගේ නිවසට ගෙනවිත් ඇති බව පැවසෙන්නේ ද අදාළ හිටපු අමාත්‍යවරයායි.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Samitha.jpg


    මෙයා ද ?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,646
    28,654
    113
    Johnny marata set wenna kalin una siddiyak meka.

    මහින්ද මරන්න හැදුවයි සමිතා CID යට
    29 July 2016

    479262b05e893e95e3968a9a7581362e_L.jpg


    ජනප්‍රිය ගායිකා සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මියට රහස් පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.

    ඇයට එසේ දන්වා ඇති බව සමිතා මේවන විට මාධ්‍යටද ප්‍රකාශ කර ඇත.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කොළඹට පැමිණි එල්.ටී.ටී.ඊ. සැකකරුවකුට නවාතැන්දීම සම්බන්ධයෙන් වන චෝදනාවකට ඇයට මෙසේ CID යට පැමිණෙන ලෙස දන්වා ඇති බවයි.

    අදාළ සැකකරු සමිතා හඳුනාගෙන ඇත්තේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාර්ගයෙන් බවද පැවසේ.


    - http://www.sinhala.srilankamirror.com/news/item/15538-mahinda-muder-and-samitha