පසුගිය වසරේ ගාල්ලෙන් ළමා අතවර සිද්ධීන් 56 ක් හා බාලවයස්කාර ගැබ් ගැනීම් 46ක්
ගාල්ල දිස්ත්‍රික්කයේ 2013 වසරේ මුල් මාස දහය තුළ ළමා ලිංගික අපයෝජනයන් 56 ක් සහ බාල වයස්කාර ගැබ් ගැනීම් 46 ක් වාර්තා වී තිබේ.
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් හරහා ලබා ගන්නා ලද තොරතුරුවලට අනුව මෙම සංඛ්‍යා දත්තයන් සකස් කරනු ලැබ ඇත්තේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන අංශය මගිනි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ළමා අපයෝජනයන්ට දරුවන් 1361 දෙනෙකු මෙම වකවානුව තුළ ගොදුරු වී ඇති අතර පාසල් නොයෑවීම් 776 ක්, බාලවයස්කාර විවාහ හා ගැබ් ගැනීම් 46, කායික දණ්ඩන 104 ක්, ළමා ලිංගික අපයෝජන 56, වෙනත් 379 ක් වාර්තා වී තිබේ.
මෙම ළමා අපයෝජනයන් පිළිබඳව පැමිණිලි 123 ක් ජාතික ළමාරක්ෂක අධිකාරිය හරහාද 141 ක් දුරකථන ඇමතුම් මගින්ද, 1097 ක් වෙනත් ක්‍රම මගින්ද ලැබී ඇතැයි මෙම වාර්තාවේ දැක්වේ.
ගාල්ල - එස්. කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද
source:divaina

