ගාල්ලේ උන් වරෙන්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    අඩෝ උබල wedding එකක් ගන්නවා නම් කන්න බොන්න දීපං බන් එන උන්ට හරියට. :baffled:
    නැත්නම් කියපන් "අපි බදිනවා , දවල් කෑමට එන්න" කියලා............. 🥴
    පහුගිය මාසේ ඇතුලත දෙකකට ගියා. දෙකම කුජීතයි.

    පලවෙනි එකේ හවස දෙක වෙනකන් පිරිසියකට දාපු බයිට් පැකට් එකක් විතරයි. .
    දෙවැනි එකේ ඒකත් නෑ යකෝ. ආපු උන් බලාගත්ත අතේ බලන් ඉන්නව.

    පලවෙනි එකේ පිරිමි හොරකමේ යනවා වගේ හෝල් එකේ දාර දිගේ පිටිපස්සට ගිහින් මේස වගයක් දාල බොනවා , බයිට් කනවා. එහෙම කරල මුකුත් කරේ නෑ වගේ හොරෙන් එනව. වියදම් කරගෙන මේකප් දාගෙන ආපු ගෑනු ටික උඩ බලන් ඉන්නව. :rofl:

    දෙවැනි එකේ එහෙමත් නෑ . බීච් එක ලග තිබ්බ කිසි විදියකට maintain කරපු නැති පරණ සුද්දගේ කාලේ වගේ හොටෙල් එකක් . එළියේ හිටපු උන් එක එකා ගහක් අස්සට ගිහින් ග්ලාස් එකක් දාගෙන , පිරිසියක් අතින් අරන් එනව දැක්ක 🧐. ඇතුලේ දාඩියයි. ACනෑ ඕපන් නිසා. කුරහන් ගලක් වගේ සුද්දගේ කාලේ සීලින් ෆෑන් එකක් තිබ්බ මගේ ඔලුව උඩ තටු දෙකක් තියන, ඒක වැඩ නෑ 🥴 . සමහර ජනෙල් අරින්න බෑ . ගෙදරින් අඬු , නියන් ගේන්න ඕනේ .. 🥴 මාත් ගිය එලියට බලන්න.

    ගහක් අස්සේ මේසයක් තියාගෙන එකෙක් එතනට එන උන්ට අරක්කු කෝප්පේ කෝප්පේ දානවා යකෝ. 🥴 කුජීතයි..
    "අනේ අනේ මටත් ටිකක්.." කියලා කෝප්පෙට ටිකක් ඉල්ලන් එන්න තියෙන්නේ. :lol: ඒ මේසේ උඩ තිබ්බේ එකම එක red label බෝතලයයි , එක බියර් බෝතලයයි , එක ස්ප්‍රයිට් බෝතලයයි , බයිට් දාපු bowl එකකුයි . ඒක ඉවර උනාම තව එකක් ගෙන්වා. ග්ලාස් එකක් අරන් ඇවිත් ටිකක් අරූට කියලා දාගෙන , ඌට කියලා පිරිසියට චිකන් බයිට් ටිකකුත් බෙදාගෙන (වෙන කිසි බයිට් එකක් නැත) හිටපු තැනට ආයිත් ගිහින් ඉදගන්න ඕනේ. self service . 🥴 මොකටද යකෝ එහෙම ඉල්ලන් කන්නේ බොන්නේ.
    මම ඇතුලේ ඉදගෙන හිටපු ඒ පැත්තේ බාප්පා කෙනෙක්ට නොන්ඩියට කිව්වා " මුකුත් බිව්වේ නැද්ද, අර ගහ ලග බොන්න දෙනවා, කෝප්පයක් අරන් ගිහින් ටිකක් ඉල්ලගන්න " කියලා. මේ යකාට එක නෝන්ඩියක් විදියට තේරුනේ නෑ . ආ ඇත්තක්ද කියලා ඒ පැත්තට දිව්වා . 🙃

    මුන්ට සල්ලි නැති උනුත් නෙවෙයි... අඩුම ගානේ තමන්ගේ වෙඩිමට ඇවිල්ල ඉදගෙන ඉන්න උන් ගැන පොඩ්ඩක් හොයල බලන්න ඕනේ. ගෑනු, ළමයි උන් ටිකට lunch එක වෙනකන් කන්න බොන්න මොනව හරි දෙන්න ඕනේ. උන් නේ බන් මොනව උනත් වැඩියෙන්ම වියදම් කරගෙන, මේකප් දාගෙන තමන්ගේ වෙඩිමේ ලස්සනට ඉන්නේ. 🙃
    රස්නේ නිසා ටිකක් වෙලා ගිහින් මම ටයි පොල්ලත් ගලවල දැම්ම..ඒක මම මෙහෙන් ගිය අනිත් උන්ටත් බෝ කරල උනුත් ගලවල දැම්ම.
    දවල්ට කනකොට මට හිතුන මේක කාල පිගාන ගිහින් තියල හෝදලා එන්නත් වෙයිද කියලා. :rofl:

    ගාල්ලේ පැත්තේ වෙඩින් වල,
    - පවුල් පිටින් ගෑනු , පිරිමි එකට වාඩි වෙලා බොන්න කන්න තාම ඔලුව හදාගෙන නෑ .
    බොන එක පිරිමි හොරෙන් ගිහින් රා කට්ට ගහනව වගේ කියලා උන් තාම හිතන් ඉන්නේ.

    - මොන නැතත් මුන් වෙඩිමට කැවුම් , කිරිබත් දෙනවා උදේම.. අපි යද්දී 10.30 පහු වෙලා.
    එකෙක් කියනව අපරාදේ දැනුයි කිරිබත් ඉවර උනේ කියලා . කිරිබත් කන්නද යකෝ වෙඩිමකට යන්නේ .🥴

    - කන පැලෙන්න ටකරං සින්දු දානව

    - හවසට පණ්ඩිත, බාගෙට වෙරි නාකි සෙට් එකක් පැයක් විතර කතා පවත්වනවා. බැදලා ජිවත් වෙන්න ඕනේ හැටි කියලා දෙනව.
    ඕව ඉතින් උන්ට කලින් කියලා දෙන්න පුලුවන් නේ. සමහර උන් කවිත් කියනව ;-)

    මෙහෙ උන් ඔයිට වඩා හොදට පන්සලට දානේ දෙනවා බන් සිරාවට.
    birthday පාටි නම් ලොවෙත් ඊට වඩා හොදට දෙනවා.
    වෙඩින් කිව්වම ඇති තරම් කන්න බොන්න දෙනවා.

    ps : ගාල්ලේ සෙට් එකට හිත රිද්දන්න නෙවෙයි කිව්වේ හරි ...........
    ගාල්ල එක්ක අවුලක් නෑ මට. අපේ ගාල්ලේ නෑයෝ එක්කයි අවුල. ✌️
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,917
    113
    අඩෝ උබල wedding එකක් ගන්නවා නම් කන්න බොන්න දීපං බන් එන උන්ට හරියට. :baffled:
    නැත්නම් කියපන් "අපි බදිනවා , දවල් කෑමට එන්න" කියලා............. 🥴
    පහුගිය මාසේ ඇතුලත දෙකකට ගියා. දෙකම කුජීතයි.

    පලවෙනි එකේ හවස දෙක වෙනකන් පිරිසියකට දාපු බයිට් පැකට් එකක් විතරයි. .
    දෙවැනි එකේ ඒකත් නෑ යකෝ. ආපු උන් බලාගත්ත අතේ බලන් ඉන්නව.

    පලවෙනි එකේ පිරිමි හොරකමේ යනවා වගේ හෝල් එකේ දාර දිගේ පිටිපස්සට ගිහින් මේස වගයක් දාල බොනවා , බයිට් කනවා. එහෙම කරල මුකුත් කරේ නෑ වගේ හොරෙන් එනව. වියදම් කරගෙන මේකප් දාගෙන ආපු ගෑනු ටික උඩ බලන් ඉන්නව. :rofl:

    දෙවැනි එකේ එහෙමත් නෑ . බීච් එක ලග තිබ්බ කිසි විදියකට maintain කරපු නැති පරණ සුද්දගේ කාලේ වගේ හොටෙල් එකක් . එළියේ හිටපු උන් එක එකා ගහක් අස්සට ගිහින් ග්ලාස් එකක් දාගෙන , පිරිසියක් අතින් අරන් එනව දැක්ක 🧐. ඇතුලේ දාඩියයි. ACනෑ ඕපන් නිසා. කුරහන් ගලක් වගේ සුද්දගේ කාලේ සීලින් ෆෑන් එකක් තිබ්බ මගේ ඔලුව උඩ තටු දෙකක් තියන, ඒක වැඩ නෑ 🥴 . සමහර ජනෙල් අරින්න බෑ . ගෙදරින් අඬු , නියන් ගේන්න ඕනේ .. 🥴 මාත් ගිය එලියට බලන්න.

    ගහක් අස්සේ මේසයක් තියාගෙන එකෙක් එතනට එන උන්ට අරක්කු කෝප්පේ කෝප්පේ දානවා යකෝ. 🥴 කුජීතයි..
    "අනේ අනේ මටත් ටිකක්.." කියලා කෝප්පෙට ටිකක් ඉල්ලන් එන්න තියෙන්නේ. :lol: ඒ මේසේ උඩ තිබ්බේ එකම එක red label බෝතලයයි , එක බියර් බෝතලයයි , එක ස්ප්‍රයිට් බෝතලයයි. ඒක ඉවර උනාම තව එකක් ගෙන්වා. ග්ලාස් එකක් අරන් ඇවිත් ටිකක් අරූට කියලා දාගෙන , ඌට කියලා පිරිසියට චිකන් බයිට් ටිකකුත් බෙදාගෙන (වෙන කිසි බයිට් එකක් නැත) හිටපු තැනට ආයිත් ගිහින් ඉදගන්න ඕනේ. self service . 🥴 මොකටද යකෝ එහෙම ඉල්ලන් කන්නේ බොන්නේ.
    මම ඇතුලේ ඉදගෙන හිටපු ඒ පැත්තේ බාප්පා කෙනෙක්ට නොන්ඩියට කිව්වා " මුකුත් බිව්වේ නැද්ද, අර ගහ ලග බොන්න දෙනවා, කෝප්පයක් අරන් ගිහින් ටිකක් ඉල්ලගන්න " කියලා. මේ යකාට එක නෝන්ඩියක් විදියට තේරුනේ නෑ . ආ ඇත්තක්ද කියලා ඒ පැත්තට දිව්වා . 🙃

    මුන්ට සල්ලි නැති උනුත් නෙවෙයි... අඩුම ගානේ තමන්ගේ වෙඩිමට ඇවිල්ල ඉදගෙන ඉන්න උන් ගැන පොඩ්ඩක් හොයල බලන්න ඕනේ. ගෑනු, ළමයි උන් ටිකට lunch එක වෙනකන් කන්න බොන්න මොනව හරි දෙන්න ඕනේ. උන් නේ බන් මොනව උනත් වැඩියෙන්ම වියදම් කරගෙන, මේකප් දාගෙන තමන්ගේ වෙඩිමේ ලස්සනට ඉන්නේ. 🙃
    රස්නේ නිසා ටිකක් වෙලා ගිහින් මම ටයි පොල්ලත් ගලවල දැම්ම..ඒක මම මෙහෙන් ගිය අනිත් උන්ටත් බෝ කරල උනුත් ගලවල දැම්ම.
    දවල්ට කනකොට මට හිතුන මේක කාල පිගාන ගිහින් තියල හෝදලා එන්නත් වෙයිද කියලා. :rofl:

    ගාල්ලේ පැත්තේ වෙඩින් වල,
    - පවුල් පිටින් ගෑනු , පිරිමි එකට වාඩි වෙලා බොන්න කන්න තාම ඔලුව හදාගෙන නෑ .
    බොන එක පිරිමි හොරෙන් ගිහින් රා කට්ට ගහනව වගේ කියලා උන් තාම හිතන් ඉන්නේ.

    - මොන නැතත් මුන් වෙඩිමට කැවුම් , කිරිබත් දෙනවා උදේම.. අපි යද්දී 10.30 පහු වෙලා.
    එකෙක් කියනව අපරාදේ දැනුයි කිරිබත් ඉවර උනේ කියලා . කිරිබත් කන්නද යකෝ වෙඩිමකට යන්නේ .🥴

    - කන පැලෙන්න ටකරං සින්දු දානව

    - හවසට පණ්ඩිත, වෙරි බාගෙට වෙරි නාකි සෙට් එකක් පැයක් විතර කතා පවත්වනවා. බැදලා ජිවත් වෙන්න ඕනේ හැටි කියලා දෙනව.
    ඕව ඉතින් උන්ට කලින් කියලා දෙන්න පුලුවන් නේ. සමහර උන් කවිත් කියනව ;-)

    මෙහෙ උන් ඔයිට වඩා හොදට පන්සලට දානේ දෙනවා බන් සිරාවට.
    birthday පාටි නම් ලොවෙත් ඊට වඩා හොදට දෙනවා.
    වෙඩින් කිව්වම ඇති තරම් කන්න බොන්න දෙනවා.​
    LOL adu kuley thambi wedding ekakata palayan.

    dansalata giya wage ban. Mesa tika daala okkoma ekata danne. Sawan ekey bathui chicken. bonnath ne. Gannu wenama. :lol: :lol: :lol:
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    යකෝ ඒක වෙඩින් එක ගනිපු එකාගෙ වැරැද්දක්නෙ. ආරාධනා එක කොහොමත් එච්චර ලොකු එකක් නෙවෙයි. ඒකට ගාල්ල මොනා කරන්නද? එන්නෙපා ඌබර් ගාල්ලට ටෝක් කරන්න :angry:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    යකෝ ඒක වෙඩින් එක ගනිපු එකාගෙ වැරැද්දක්නෙ. ආරාධනා එක කොහොමත් එච්චර ලොකු එකක් නෙවෙයි. ඒකට ගාල්ල මොනා කරන්නද? එන්නෙපා ඌබර් ගාල්ලට ටෝක් කරන්න :angry:
    ගාල්ල පැත්තේ බෑන්ක් මැනේජර් කාර මාමා කෙනෙක් නම් කිව්වේ ආරාධනා එක ගාල්ලේ තියන ඒවා වලින් ටිකක් හොද මට්ටමේ එකක් කියලා.
    ඒක වෙඩිම ටිකක් හරි ශේප් කියලා හිතුන මට දෙවැනි එකට ගියාම.

    මොනව උනත් ඒ පැත්තේ උන්ට ගෑනු පිරිමි එකට ඉදගෙන ඩ්‍රින්ක් එක දාන්න තාම ඔලුව හැදිලා නෑ වගේ මට නම් තේරුනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    දැන් මේ නූල අපිට ඒ වෙඩින් දෙකේම උන්ට පේන්න සලස්වන්න බැරිද?
    හිටපු උන්ටත් මම කියල ආවේ. යකෝ උන් අපේ පැති වල වෙඩින් වලට පාටි වලටත් ඇවිත් ඇති වෙන්න කාල බීල යන්නේ. ඒ වලින්වත් ඉගෙන ගෙන නෑ නේ.

    වවුලගෙ වෙඩිමට ගියා නන් එල්ලිල හිටපන් කියලනෙ කියන්නෙ :rofl: :rofl:
    ඊලග ඒ පැත්තේ වෙඩිමකට ගියොත් යන්නේ දවල් කෑම අල්ලලා කියලා හිතාගත්ත
    ------ Post added on Jun 9, 2023 at 12:35 PM
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    ඒ පැත්තේ උන්ට ගෑනු පිරිමි එකට ඉදගෙන ඩ්‍රින්ක් එක දාන්න තාම ඔලුව හැදිලා නෑ වගේ මට නම් තේරුනේ.
    ඒ අපේ සංස්කෘතිය හැදියාව. පලයන් යන්න බහුජාතික නිරාගමිකයා :angry:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    තොපි අඩුකුලේ වාහෙලා ආශ්‍රය කරලා ගාල්ලට මඩ ගහන්න එපා.
    ගාල්ලට මඩ ගහන්නේ නෑ . පට්ට පරිසරය උන්ගේ ගෙවල් පැති එහෙම.
    හැබැයි බන් ඉන්න උන් තාම එක විදියක්. :rofl:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    LOL adu kuley thambi wedding ekakata palayan.

    dansalata giya wage ban. Mesa tika daala okkoma ekata danne. Sawan ekey bathui chicken. bonnath ne. Gannu wenama. :lol: :lol: :lol:
    Apo thambi ekakata giya ape btch eke kellekge. Api set eka wedding hall eken eliye htiya athulta ktha krnakn. Wedime ekek awilla eliye putuwak pennala wadiwenna kiwane. Passe kanna giyama apita uda thattuwata katha kara. Pirimi wenama. Ethkota thamai seen eka therune. Kema sithalai. Ape dane gewal ita wadiya patta.
    Nikanma nikan hall ekaka mun wedima aran thibuneth. Kari salli karayo ewunata. Unta Agency ekakuth thiynwa.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    එක එක පැතිවල එක එක විදිහයි බන් වෙඩින් මළගෙවල්.

    අපිට අඩු කුලේ වගේ පෙනුනට උන්ට ලොකු දේවල් වෙන්නත් පුලුවන්. මේ ළඟදි කොළඹ එකෙක් බැන්ඳා තනිකරම ලෝභ විදිහට වෙඩිම තිබ්බෙ. අඩුම ඉන්විටේශන් ප්‍රින්ට් කරලත් නෑ ෆෝන් එකෙන් එන්න කියන්නෙ. සල්ලි නැති උනුත් නෙමෙයි.

    වැඩිය හිතන්නේ නැතුව ඉන්නයි තියෙන්නෙ. මටත් ඕනෙ තරම් ඔය වගේ කේස් වෙලා තියෙනවා.

    මට එපාම කරපු වැඩේ තමයි බත් එක බෙදන් එනකොට වෙන එකෙක් ඒ මේසෙ වාඩිවෙලා ඉන්න එක.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඕකුන් ඔහොම්මම තමයි බන්. මේකෙත් ඉන්නවා දකුණේ බර සෙට් එකක්. මමත් එකෙක්ගේ වෙඩිමකට ගියා. ඒ හෝල් එකේ පාකින් තියනවා. ඒත් ත්‍රීවිල් බයික් එහෙම ඇතුළට දාන්න දෙනෙන් නෑ. මහ උක්-කන හොටෙල් එක. අපි ගියේ කාර් වලඋනත් මම මේ ගැන සික්කගෙන් ඇහුවා. ඌ කියනවා මැනෙජ්මන්ට් එකෙන් දාන්න එපා කියලලු තියෙන්නෙ. වෙඩිමට ත්‍රීවිල්, බයික්වලින් එන උන් ඒ වාහන පාර දිගේ නවත්තලා එන්න ඔනිලු, ඒවා මහ #කේ ලොජික්. දැන් හෝල් එක ඇතුලටත් ගියා. මාළු වාඩීයකට ආවා වගේ මාලු ස්මෙල් එකකුත් එනවා සිංහලූ. කිරිබත් මේස එහෙමත් තිබුනා. ඒ පැත්තේ උට්ටලා කිරිබත් කෑලි තුන හතරක් දාගෙන ඒකට ලුණු මිරිස්, සීනි සම්බලත් දාගෙන, ඒමදිවට මීකිරිත් ඒකට දාගෙන අනාගෙන කනවා. ඒක කන හැටි දැක්කම පිස්සු හැදෙනවා. ටීක වෙලාවකින් මේසවලට ඇපල් ගෙඩි කෑලි ටිකකුයි, බයිට් තේ හැදි 5ක් විතර දාපු ඇබිත්තන් කෝප්පෙකුයි, ඒකෙම පැත්තකට කඩල ටිකකුත් දාලා මේසෙට ගෙනත් දුන්නා. ස්ප්‍ර්‍යිට් , කොකා කොලා මොකුත්ම නෑ. බොන්න දුන්නේ ගස්ලබු ජූස් එකක්. මේ මොන උට්ටක්දද් කියලා අපේ කොල්ලො සෙට් එක බාර් එක පැත්තට ගියා. ඒක ෂොට් බාර් එකක්. පෝලිමේ ගිහ්න් වීදුරුවට ඉල්ලගෙන බොන්න ඕනි. ස්ප්‍රයිට් එතන තිබ්බා. ඒක බොන්නත් වීදුරුවක් අරගෙන පෝලිමේ යන්න ඕනි. මාත් ස්ප්‍රයිට් උගුරක් බීලා පාඩූවේ හිටියා. දැන් ඔන්න කෑම වෙලාව ආවා. උයලා තිබුනේ වෙඩීමකට සෙට් වෙන කෑම නෙමෙයි බන්. පරිප්පුව දියාරුම දියාරුයි. රතු අල උයලා තිබ්බා, අමූතු කොළ මැල්ලුමක් තිබ්බා. කෙහෙල් මුවත් තිබ්බා. මාතර බත් කඩෙන් කෑවා වගේ ෆීලින් එකක් දැනුනේ බන්. :rofl: අන්තිමට ඒකෙනුත් ඇබින්දයි කෑවේ. ඊටවඩා උමන්දාවේ පන්සලේ කෑම එක හොදයි බන් .
    අන්තිමට වෙඩීම ඉවර වෙන්න කලින් නාකි ටිකක් පැයක් විතර කතා පැවැත්තුවා. හෙනම පම්පොරියක් ගැහුවේ.
    ආයෙත් නම් දකුණු රටේ වෙඩීමකට යන්නෙ නෑ කියලා හිත හදාගෙන එළියට බැහැලා අපි ආවා. එන ගමන් KFCඑකටත් ගොඩඋනා බඩගින්න නිවා ගන්න. ඒ තරමට අපි බඩගින්නෙ හිටියේ.

    මම ගිය හොදම වෙඩිම තිබ්බේ යාපනේ. ඌ අපේ කැම්පස් කොල්ලෙක්. දෙමළ අයගේ වෙඩීම් බහුතරයක්ම ගන්නේ කෝවිලේ තියන හෝල් එකක. කපල් එක කන්න පටන් ගන්නවත් එක්කම, අනිත් අයත් කන්න පටන් ගන්නවා. සීංහලුන්ගේ වෙඩීන් වල වගේ කපල් එක කාලා ඉවර වෙනකල් බලාගෙන ඉන්න ඕනි නැහැ. කෑම නම් සුපිරියි. ඩෙසට් එකට කැවිලි ජාති හෙන තොගයක් තිබ්බා. නම් දන්නේ නැති උනත් සේරම කෑවා.:P කෙසෙල් කැනකුත් පැත්තකින් එල්ලලා තිබුනා. කෑම කාපු උන් එතනට ගිහින් ගෙඩියක් කඩාගෙන කනවා. ඒකත් අපිට අමුතුම අත්දැකීමක්. හැබැයි මස් මාලු කැමට තිබ්බෙ නෑ. ඒත් කෑම ටික නම් සුපිරියි.

    Last edited: