පුළුවන් නම් හදපන්
... කස්ටම්ස් එක්සෑම් ලියන අයට විශේෂයි ... උත්තරය ගත්ත විදිහත් දාන්න ඕනෙ ... 
අජිත්, කමල් සහ සුජිත් යනු අඹ යහළුවන් තිදෙනෙකි, ඔවුන් තිදෙනා ආදරය ඉල්ලා, ඉතා සුරූපී තරුණියන් තිදෙනෙකු වන නාමලී, සපුමලී සහ සමන්මලීට විටින් විට ඇවිටිලි කරයි
. අජිත් කැමති නාමලීට පමණි, කමල් කැමති සපුමලීට පමණි, සුජිත් කැමති සමන්මලීට පමණි. නමුත් ආඩම්බරකාර සුරූපී තරුණියන් තිදෙනා, සෑම විටම ඔවුන් මගහැර යාමට දක්ෂය
. එක් වරෙක, තරුණියන් පැමිණෙත්ම, කෙසේ හෝ, ඔවුන්ගේ දුරකථන අංක ලබාගනිමුයි කතිකා කරගත් ඔවුන්... පුරුෂ දහිර්ය දමා, ඔවුන්ගේ දුරකථන අංක ලබාදෙන මෙන් චාටු බස් දමා ඉල්ලා සිටියේය ... 
තමන්ගේ පසුපස මෙතරම් පරිශ්රමයක් දරා ආදරය ඉල්ලමින් පැමිණෙන පිරිමි ළමුන්ට අවස්ථාවක් ලබාදීමට සිතූ තරුණියන්, පිරිමි ළමුන්ගේ බුද්ධිය මැන බලා දුරකථන අංක ලබාදීමට තීරණය කලෝය ... ඔවුන් මෙසේ පවසමින් දුරකථන අංක ලබා දුන්නේය ...
තරුණියන්: අපි මේ කොලේ අපේ දුරකථන අංක තුනම ලියල තියෙනව, හැබැයි ඔයාලටම හොයාගන්න වෙනව ලියල තියෙන අංක තුන අපි තුන් දෙනාගෙන් කාට අයිති ඒවාද කියල, හැබැයි, එක්කෙනෙක් හරි වැරදි කෙනෙක්ට කෝල් කරල තිබුනොත්, තුන් දෙනාම අපේ පස්සෙන් එන එක නතර කරන්න ඕනෙ. ඔයාල හරි කෙනාටම කෝල් කලොත් අපි පොරොන්දු වෙනව ඔයාලත් එක්ක යාළු වෙන්න

ඔවුන්ගේ කොන්දේසි වලට එකඟ වූ තරුණයන් තිදෙනා, දුරකථන අංක ලියා තිබූ කොලය අතට ගෙන බැලූ විට මෙසේ සඳහන් වී තිබිණ.
දැන් යහළුවන් තිදෙනා මේ කපටි කෙල්ලන්ගේ ගැටය විසඳන්නේ කෙසේදැයි කල්පනා කරයි.

(සියළුම හිමිකම් ඇවිරිණි
)
හා, විසඳපල්ල බලන්න

... කස්ටම්ස් එක්සෑම් ලියන අයට විශේෂයි ... උත්තරය ගත්ත විදිහත් දාන්න ඕනෙ ... 
අජිත්, කමල් සහ සුජිත් යනු අඹ යහළුවන් තිදෙනෙකි, ඔවුන් තිදෙනා ආදරය ඉල්ලා, ඉතා සුරූපී තරුණියන් තිදෙනෙකු වන නාමලී, සපුමලී සහ සමන්මලීට විටින් විට ඇවිටිලි කරයි
. අජිත් කැමති නාමලීට පමණි, කමල් කැමති සපුමලීට පමණි, සුජිත් කැමති සමන්මලීට පමණි. නමුත් ආඩම්බරකාර සුරූපී තරුණියන් තිදෙනා, සෑම විටම ඔවුන් මගහැර යාමට දක්ෂය
. එක් වරෙක, තරුණියන් පැමිණෙත්ම, කෙසේ හෝ, ඔවුන්ගේ දුරකථන අංක ලබාගනිමුයි කතිකා කරගත් ඔවුන්... පුරුෂ දහිර්ය දමා, ඔවුන්ගේ දුරකථන අංක ලබාදෙන මෙන් චාටු බස් දමා ඉල්ලා සිටියේය ... 
තමන්ගේ පසුපස මෙතරම් පරිශ්රමයක් දරා ආදරය ඉල්ලමින් පැමිණෙන පිරිමි ළමුන්ට අවස්ථාවක් ලබාදීමට සිතූ තරුණියන්, පිරිමි ළමුන්ගේ බුද්ධිය මැන බලා දුරකථන අංක ලබාදීමට තීරණය කලෝය ... ඔවුන් මෙසේ පවසමින් දුරකථන අංක ලබා දුන්නේය ... තරුණියන්: අපි මේ කොලේ අපේ දුරකථන අංක තුනම ලියල තියෙනව, හැබැයි ඔයාලටම හොයාගන්න වෙනව ලියල තියෙන අංක තුන අපි තුන් දෙනාගෙන් කාට අයිති ඒවාද කියල, හැබැයි, එක්කෙනෙක් හරි වැරදි කෙනෙක්ට කෝල් කරල තිබුනොත්, තුන් දෙනාම අපේ පස්සෙන් එන එක නතර කරන්න ඕනෙ. ඔයාල හරි කෙනාටම කෝල් කලොත් අපි පොරොන්දු වෙනව ඔයාලත් එක්ක යාළු වෙන්න

ඔවුන්ගේ කොන්දේසි වලට එකඟ වූ තරුණයන් තිදෙනා, දුරකථන අංක ලියා තිබූ කොලය අතට ගෙන බැලූ විට මෙසේ සඳහන් වී තිබිණ.
1. 077-00001
2. 077-00002
3. 077-00003
නාමලී: මාගේ අංකය පලමු අංකය වේ
සමන්මලී: මාගේ අංකය දෙවැනි අංකය නොවේ
සපුමලී: මාගේ අංකය පළමු අංකය නොවේ
අපි තුන් දෙනාගෙන් ඇත්ත කියන්නෙ එක්කෙනෙක් විතරයි.![]()
දැන් යහළුවන් තිදෙනා මේ කපටි කෙල්ලන්ගේ ගැටය විසඳන්නේ කෙසේදැයි කල්පනා කරයි.

(සියළුම හිමිකම් ඇවිරිණි
)හා, විසඳපල්ල බලන්න

-------------------------------------------------------------------
ප.ලි
මෙන්න මේ අය සාර්ථකව උත්තර සපයා තිබුනා ... සුභපැතුම් ..
ප්රශ්නය හරියට තේරුම් අරන් නිවැරදි උත්තර පැහැදිලි කිරීම් සමග සැපයූ අය
1. madushankads
2. Pink panther
3. Tom Riddle
4. DJT_Online
ප්රශ්නයෙන් අසන්නේ කුමක්ද කියා හරියට තේරුම් නොගත් නිසා නිවැරදි පිළිතුර ළඟටම පැමිණි අය
5. ♥-Aurora-♥
Last edited: