ගැබිණි මව ලොරියේ ගැටී මරුට
නුවරඑළිය රම්බොඩ ප්‍රධාන මාර්ගයේ වෙදමුල්ල ප්‍රදේශයේදී ලොරියක ගැටීමෙන් ගැබිණි කාන්තාවක් මියගොස් තිබෙනවා.
එක්දරු මවක වන 32 හැවිරිදි මෙම කාන්තාව නුවරඑළිය සිට රම්බොඩ දක්වා අධික වේගයෙන් ධාවනය වු ලොරියක ගැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.
වෙළඳසැලක සේවයේ නියුතු තම සැමියාට දිවා ආහාරය රැගෙන එමින් සිටියදී මෙම ගැබිණි කාන්තාව අනතුරට ලක්ව තිබෙනවා.
ලබුකැලේ ප්‍රදේශයේ පදිංචි ඇය අද පස්වරු 3.30 ට පමණ ලොරියේ ගැටී ඇත්තේ නුවරඑළියේ සිට මහනුවර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයකින් පැමිණ සැමියා සේවය කරන වෙළඳසැලට යාමට උත්සාහ කිරීමේදීයි.
මියගිය ගැබිණි මවගේ සිරුර කොත්මලේ රෝහලේ තැන්පත් කර තිබෙනවා.
අනතුරට සම්බන්ධ ලොරියේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර කොත්මලේ පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.
සැමියාට දිවා ආහාරය ගෙනා ගැබිණි මව ලොරියේ ගැටී මරුට