ගැම්මෙන් ජොබ් එක කිරීම

Dean_winchester

Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    සිංහයා කැලේ කිං කියලා අපි දන්නවනේ
    ඔන්න සිංහයා ලග ලේනෙක් ජොබ් එකක් කරනවලු
    මූ තමා සිංහයාගේ එකවුන්ට්ටන්... (හම්මට කෝමද පෝස්ට් එකනේ...
    😎
    )
    මූ ඉතිං හෙන කැපවීමෙං ජොබ කරගෙන ඉන්නවලූ ඈ
    මුගේ සෙට් එකේ අනික් ලේන්නූ ෆුල් ෆන් එකේ ගස්උඩ දගල දගල පිස්සු නටනවා මුට පේනවලු.. ඒත් මූ බොක්කෙන්ම වැඩලු සිංහයා ලගනේ ජොබ කරන්නේ
    හෙන ගැම්මට..
    හැබැයි අනික් ලේන්නූ මූට කතා කරලා කියනවලූ
    "ඕයි එකවුන්ටන්
    🤣
    🤣
    එනවාකෝ පිස්සුවක් කෙලින්න..
    ඇයි අපි සෙට් නැද්ද..?
    🤣
    🤣
    උඹ ඉතිං සිංහයටම කඩේ පලයංකෝ" ගගා මූව අවුස්සනවලූ
    මුටත් ඉන්න බෑ කසනවා වැගේ ගැන්සියට වැටෙන්න.. වෙලාවකට ඔක්කොම දමලා ගහලා යන්න හිතෙනවලු..
    (ලේන්නු කෝමත් දඟලලා කරලා ඉන්න සත්තුනේ)
    ඉදලා ඉදලා මූ බැරිම තැන ගියාලූ සිංහයා ලගට...
    ගිහින් කිව්වලු ලොක්කා මේක හරියන්නේ නෑ මං අස් වෙනවා කියලා..
    සිංහයා කැමති නෑ මූව යවන්නත් අවංකව ජොබ කරනවානේ ගියොත් පොරට පාඩුයි..
    සිංහයා කිව්වලූ ලේනට..
    උඹ දිගටම ජොබ කරන් හොදට හිටියොත් පීනට් 1000ක් දෙනවා පෙන්ශන් යද්දි.. යන්නම ඕන නම් පලයන් අවුලක් නෑ කියලා..
    පීනට් කිව්වා ඇහුනා විතරයි ලේනගේ නැට්ට කෙලිං වෙලා ඇස් එලියට පැනලා සතුට දෝරේ ගලලා ලේනා ෆුල් හින්දුස්තාන් වෙලා ගිහින්
    "පී... පීනට්, පීනට් 1000ක් ඇ.. ඇත්තමද
    😳
    "
    මූට නිකම් මේක හීනයක් වගේ මූ දැං සිංහයා ගාව අයෙත් බොක්කෙන්ම වැඩලු ජොබ එපා වෙනකොට මුගේ ෆැන්ටසිය මුට කනට ගහලා ආයෙත් මූව ට්‍රැක් එකට ගන්නවාලූ..
    කෝම හරි අවුරුදු ගානක් ගෙවිලා ගිහින් ඌ පෙන්ශන් යන දවසත් ආවාලූ ඈ..
    සිංහයා කියන්නෙත් වචන දෙකේ පීචං ඩයල් එකක් නෙවේනේ..
    පට්ටම ෆෙයාවෙල් එකක් එහෙම අරන් ලේනට ස්තූතිත් කරලා දුන්නලු පීනට් 1500ක් ම..
    ලේනට හිටගෙන දිව්‍යලෝකේ ගියා වගේ ආතල්ලූ දැන්
    පීනට් 1500ක් එක්ක විශ්‍රාම ජීවිතයක් කියන්නේ ලේනෙකු
    😎

    අය මොනාද නේ ඉතිං..
    කෝම හරි ලේනා මේ ටිකත් අරං ගෙදර ආවලූ ඇවිත්
    කිට් චේන්ජ් එකටත් කලි පීනට් එකක් කාලම ඉන්නවා කියලා ගත්තලූ අතට..
    අහො දුකකි ඉරකි තිතකි..
    😔
    😔
    😔

    වයසට ගිහින් පැන්ශන් ලැබුනට වයසත් එක්කම මුගේ දත් ටික මූව දාලා යන්න ගිහින්..
    දැන් පීනට් මොන මගුලකටද...
    අපිත් අපේ ජිවිතේ සතුටු වෙන්න තියන හැම තැනක්ම අතෑරලා. යුතුකම් මගෑරලා...වගකීව අස්සෙම හිර වෙලා හීන පස්සේ දුවනවා ඒත් දවසක ඒ හීන හැබෑ වෙනකොට ජිවිතේ අපෙන් ගොඩක් ඈතට් ගිහින් ඉවරයි..
    මතක තියාගන්න අපි ජිවත් වෙන්නේ කන්නේ බොන්නෙ හැමදේම කරන්නේ සතුටක් වෙනුවෙන්..
    ඒ සතුට රාමුවකට කොටු කරලා ජීවිතේ මඟාරින්න එපා..
    දවසක පසුතැවෙන්න වෙයි
    -උපුටා ගැනීමක්-

    මේක කියවන් යද්දි මට මෙහෙම දෙයක් හිතුන.ඇත්තටම මේකෙ සතුටක් ගැන කීවට ඇත්තටම සතුටම නෙවෙ.ජීවිතේ අවසාන කාලෙ වාරු නැතිව සිල් ගත්තට බුදුදහමට අනුව අපි වයසට ගිහින් ජීවත් වෙන්න උත්සහ කරාට එයින්ද පලක් නැත.කලයුතුවන්නේ ගතේ හිතේ වාරු තියෙන මොහොතේ කලයුතු දේ කිරීමමයි කියල හිතුන...මේක මගේ අදහසක්.ගන්න එක නොගන්න එක කියවන පාඨකයට අයිති වැඩක්..
     

    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    ඔව් දැන් ඔය පීනට් වෙනුවෙන් බලාඉන්න ලේන්නු අඩුයි ගොඩක්... ලයිෆ්1 එන්ජෝයි කරන අය වැඩියි

    හැබැයි කවදාහරි තේරෙයි.එතකොට පමා වැඩී
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,933
    1
    60,938
    113
    Mother Earth
    මේක ඇත්ත කතාවක්ද බන් ? මට නිකන් ගොතපු බොරු කතාවක් වගේ කියල හිතෙනවා. :unsure:
     
    • Haha
    Reactions: dilann

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක ඇත්ත කතාවක්ද බන් ? මට නිකන් ගොතපු බොරු කතාවක් වගේ කියල හිතෙනවා. :unsure:

    naha ban atta matat kiwwe sinhayage malli kenek leena lagadi marila wayasata gihilla
    leenata dath set ekak gatta nam habay tawa tikak kal inna tibba kiwwa
     
    • Wow
    Reactions: Candid-B