ගැමුණු අපිව පාවා දුන්නා

Classicsha

Member
Aug 14, 2007
122
14
0
Watford
ගැමුණු අපිව පාවා දුන්නා

පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද දිනයේ ක්‍රියාත්මක වූ බස් වර්ජනය පාවා දුන් බවට සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය චෝදනා කරයි.
Gemunu-Wijeratne.jpg

Source : RealGossipLanka.com
බස්නාහිර පළාත තුල අද දිනයේ ක්‍රියාත්මක වූ බස් වර්ජනයෙන් මගීන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දුන්නේය, එබැවින් අද දහවල් පැවැත්වූ විශේෂ සාකච්ඡාවෙන් පසු ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය හා සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පැවසුවේ සාකච්ඡා අසාර්ථක බවයි, කෙසේ නමුත් ජනතාව උත්සව සමයේ මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගෙන වර්ජනයෙන් ඉවත් වන බව එම සංගම් පැවසුවා.
ඉන් පසු ,
පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද දිනයේ ක්‍රියාත්මක වූ බස් වර්ජනය පාවා දුන් බවට සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය චෝදනා කළේය.
සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසුවේ,

මෙවැනි දෙයක් බලාපො‍රොත්තුවෙන් නෙමෙයි අපි ගැමුණු විජේරත්න මහත්තයත් එක්ක සම්බන්ධ වුණේ, ඇත්තටම මේ මෙතනින් අපිට දැනෙන්නේ බස් රථ කර්මාන්තය ගැමුණු විජේරත්න මහත්තයත් එක්ක අපි අත්වැල් බැද ගත්තේ, මේ අවස්ථාවේ මේ කර්මාන්තය බේරා ගැනීමට අවශ්‍ය නිසා හැබැයි දැන් සිද්ධවෙන්නේ විශාල පාවා දීමක් ද කියන එක අපිට වැටහෙනවා.
මේ වැඩවර්ජනය, මේ වෘත්තීය සමති ක්‍රියාමාර්ගය පටන් ගන්නකොට සමස්ත ලංකාවේම කරලා හරි මේක ජයග්‍රහණය කරමු කියලා හැබැයි,
අද දිනයේ එතුමා කියනවා මේ වැඩවර්ජනය නිමා කරන්න ඕනේ කියලා, එක තැනකදී එක දෙයක් කියනවා. තවත් තැනකදී තව දෙයක් කියනවා, අපිට පේන්නේ මේක කටුසු වෙස් ගැනීමක් ලෙසයි.
එක් අවස්ථාවකදී එක දෙයක් කියන තව අවස්ථාවකදී තවත් දෙයක් කියන පුද්ගලයෙක් එක්ක අපිට ගමනක් යන්න පුළුවන් ද කියලා අපිට තීන්දු කරන්න වෙනවා


Source : RealGossipLanka.com