ගැලීලියෝ ගැලිලි

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ගැලීලියෝ ගැලිලි

    img-thing.jpg
    1564 පෙබරවාරි 15 වැනිදා ඉතාලියේ ඓතිහාසික පීසා නුවර එක් සුවිශේෂි පිරිමි දරුවෙක් උපන්නා. විද්‍යාවේ පෙර ගමන සඳහා මේ කුඩා දරුවාගෙන් ලැබුණේ නොමඳ පිටුවහලකි. මේ දරුවාගේ නම වූයේ ගැලීීලියෝ ගැලීලියි. කුඩා වියේ පටන්ම ඔහු අතින් නිර්මාණය වුණු අපූරු උපකරණ වලින් හෙතෙම තම මිතුරන්වත් පුදුමයට පත් කළා. දරුවාගේ පියා වුණු විග්නිසියෝ ගැලීලි තම පුත‍්‍රයාගේ මේ වික‍්‍රමයන් දැක කෙදිනක හෝ මොහු මහා ප‍්‍රාඥයෙක් වන බව අවබෝධ කරගත්තා.
    galileohome.jpg
    ගැලීලියො ජීවත් උනා යැයි සලකන නිවස


    පාසල් ගමන1570 වර්ෂයේ මුල් භාගයේදී ගැලීලියෝ පවුල ෆ්ලෝරන්ස් නගරයට සංක‍්‍රමණය වුණා. ගැලීලියෝ තම අධ්‍යාපන කටයුතු ආරම්භ කළේ එහිදියි. ඔහුගේ පියාද ගැලීලියෝට නිසි අධ්‍යාපනයක් ලබා දීමට විශේෂ උනන්දුවක් දැක්වූවා . තමන් පොහොසතකු නොවුණද ගැලීලියෝව වෛද්‍ය පාසලට යවන්නයි පියාට උවමනා වුණේ.දිනක් පල්ලියේ දේශනයකට සවන් දෙමින් සිටි ගැලීලියෝගේ සිත පල්ලියේ සීලිමේ එල්ලා ඇති රිද්මයානුකූලව පැද්දෙන ලාම්පුවක් වෙතට යොමු වුණා. ගැලීලියෝ වහාම තම අතෙහි මැණික් කටුව පෙදෙස අල්ලා නාඩි වැටීම ගණනය කළා. ලාම්පුවේ දෝලන දෙකක් සඳහා ගතවන කාලය මනින්නටයි ඔහුට අවශ්‍ය වුණේ. මේ යුගයේ ඔර්ලෝසු තිබුණේ නැති නිසා කාලය මනින්නට භාවිතා කළේ හෝරා යන්ත‍්‍රයයි. ඕනෑම දෝලන දෙකක් සඳහා ගතවන කාලය එක සමාන බවයි ගැලීලියෝට දැන ගන්නට ලැබුණේ. තමන්ගේ ඒ සොයා ගැනීමේ ඇති වැදගත්කම ගැලීලියෝට ඒ වන විට තේරුම් ගියේ නැහැ. ඔහු සම්පූර්ණයෙන්ම පාහේ ගණිතය විෂය අතපසු කරලයි තිබුණේ. වසර ගණනාවක් ගත වීමෙන් අනතුරුවයි ඔහුගේ මෙම සොයා ගැනීම අනුසාරයෙන් රිද්මයානුකූලව පැද්දෙන බට්ටන් සහිත ඔරලෝසු නිර්මාණය වූයේ.ගැලීලියෝ පියාට අවශ්‍ය වුණේ තම පුත‍්‍රයාට වෛද්‍ය විද්‍යාව දෙසට යොමු කරන්නටයි . මේ නිසා ඔහුව පීසා විශ්වවිද්‍යාලයට ඇතුළත් කළා. ගැලීලියෝ එහි සිව් වසරක් අධ්‍යාපනය ලද අතර ඒ කාලයේදී ගණිත දේශන වලට සවන් දීම නිසා ගැලීලියෝගේ සිත ඒ වෙත ආකර්ශනය වුණා. ඒ නිසා ගණිත විෂය හදාරන්නට ගැලීලියෝ තීරණය කළා.
    ගණිත මහාචාර්යවරයකු වී1589 දී ගැලීලියෝට පීසා විශ්වවිද්‍යාලයේ ගණිත මහාචාර්යවරයකු ලෙස පත්වීමක් ලැබුණා. මෙහිදී ඔහු මහා පෙරළියක් කරන්නට සමත් වුණා. ඇරිස්ටෝටල් විසින් ප‍්‍රකාශ කරන ලද “ වස්තූන් බිම වැටීම කෙරේ ඒවායේ බර බලපාන්නේ යැයි “ යන මතය පරීක්‍ෂණාත්මක බිඳ දමන්නට ගැලීලියෝ සමත් වුණා. ගැලීලියෝ මේ සඳහා තෝරා ගත්තේ අසමාන බරැති වස්තු 2 කී. රාත්තල් 50 ක් සහ 100 ක් බර යකඩ බෝල දෙකක් ගත් ගැලීලියෝ පීසා කුළුනේ 7 වැනි මහලට නැග ගත්තා. එකල මහා දාර්ශනිකයකු ලෙස පිළිගෙන තිබූ ඇරිස්ටෝටල් ගේ මතයට අභියෝග කළ ගැලීලියෝගේ මේ පරීක්ෂණය බලන්නට බොහෝ දෙනෙක් පීසා කුලුන සමීපයට රැස්ව සිටියා. ගැලීලියෝ 7 වන මහලේ සිට අසමාන බරින් යුත් යකඩ බෝල දෙක එකවර බිමට අතහැරියා. පැමිණ සිටි දහස් දෙනා විස්මයට පත් කරමින් මෙම අසමාන බරැති වස්තු දෙකම එකවර බිම පතිත වුණා. ඇරිස්ටෝටල් ගේ මතය බිඳ දමන්නට ගැලීලියෝ සමත් වූයේ ඒ අයුරිනි.1592 දී ගැලීලියෝ පදුවා විශ්වවිද්‍යාලයේ මහචාර්ය ධූරයට පත්වුණා.
    Gleason_GalileoGalilei_CHAR.jpg

    දූරේක්ෂයක් නිපදවීමමේ වන විට ගැලීලියෝ අහසේ තරු නිරීක්ෂණය කෙරේ එතරම් උනන්දුවක් දක්වා තිබුණේ නැහැ. 1604 දී නව තරුවක් අහසේ දිස් වුණා. මේ හේතුවෙන් ගැලීලියෝද අහසට ආකර්ශනය වුණා. මේ කාලයේදී දූරෙක්ෂ නිර්මාණය වී තිබුණේ නැහැ. ඈත ඇති යම් වස්තුවක් දැක බලාගත හැකි උපකරණයක් ලිපර්ෂේ නමැත්තෙකු නිර්මාණය කර ඇති බව ගැලීලියෝට දැන ගන්නට ලැබුණා. මේ ගැන කල්පනා කළ ගැලීලියෝද අහස නිරීක්ෂණයට සුදුසු උපකරණයක් නිපදවූවා. 1604 දී අහසේ පෑයූ ඒ නව තාරකාව ගැලීලියෝ නිරීක්ෂණය කළේ ඔහු නිපද වූ අලුත්ම දූරේක්‍ෂයේ ආධාරයෙනි.


    images.jpg
    බ‍්‍රහස්පති ග‍්‍රහයා සොයා ගැනීමතමා නිපද වූ දූරේක්ෂය ගැන ගැලීලියෝද පසුවූයේ අපමණ සතුටකින්. ඔහු එම දූරේක්ෂය ක‍්‍රම ක‍්‍රමයෙන් දියුණුවට පත් කළා. මේ දූරේක්ෂයට යුරෝපයෙන් ඉතා ඉහළ ඉල්ලුමක්ද පැවතුණා. මෙම දූරේක්ෂය නම් කෙරුණේ ගැලීලියෝ දූරේක්ෂය නමින්. එය ආධාරයෙන් තව දුරටත් අහස නිරීක්ෂණය කළ ගැලීලියෝ නව සොයා ගැනීම් රැසක්ම සිදු කළා. චන්ද්‍රයාගේ මතුපිට පෘෂ්ඨයත් එහි කඳුවැටි සහ තැනිතලා භූමියත්, ක්‍ෂීර පථයත් ගැලීලියෝ ගේ නිරීක්‍ෂණයට බඳුන් වුණා. ගැලීලියෝගේ ඉතා වැදගත් සොයා ගැනීමත් වූයේ බ‍්‍රහස්පති ග‍්‍රහයායි. බ‍්‍රහස්පති ග‍්‍රහයා හුදෙකලා වී නැති බවත් ඒ වටා තවත් තාරකා හතරක් තිබෙන බවත් ගැලීලියෝ සොයා ගත්තා. මේවා බ‍්‍රහස්පති වටා ගමන් කරන බවත් ගැලීලියෝගේ නිරීක්ෂණයට හසු වුණා. ගැලීලියෝ විසින් කෙරුණු මෙවැනි නිරීක්ෂණ වලින් තහවුරු වූයේ පෘථිවිය සූර්යයා වටා භ‍්‍රමණය වන බව යන කොපර්නිකස්ගේ මතය නිවැරදි බවයි.ගැලීලියෝ තමන් මෙසේ සොයා ගන්නා ලද දේවල් අන් අයටද ප‍්‍රකාශ කරන්නට වුණා. කොපර්නිකස් මතය නිවැරදි බවද ප‍්‍රකාශ කළා.ගැලීලියෝ මෙලෙස ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ කිරීම හේතුවෙන් ඔහුට පල්ලියෙන් යම් යම් විරෝධතා වලට මුහුණ පාන්නට සිද්ධ වුණා.
    ආගමික විරෝධයඇරිස්ටෝටල් අනුගාමිකයන් , ටොලමි අනුගාමිකයන් සහ කතෝලික පල්ලිය ගැලීලියෝගේ තාරකා විද්‍යා මූලධර්ම සමග ගැටෙන්නට වුණා. පෘථිවිය කේන්ද්‍රගෙන හිරු ඇතුළු සියලුම ග‍්‍රහවස්තු භ‍්‍රමණය වන බවයි ඒ කාලයේ පිළිගත් මතය වුණේ. එහෙත් කොපර්නිකස්ගේ අදහසම දැරූ ගැලීලියෝ පවසා සිටියේ සූර්යයා වටා අනෙකුත් ග‍්‍රහ වස්තු භ‍්‍රමණය වන බවයි. කොපර්නිකස්ට තම මතය සනාථ කරන්නට අවශ්‍ය සාක්ෂි ඉදිරිපත් කරන්නට හැකිවූයේ නැහැ. එහෙත් ගැලීලියෝ ඒ වෙනුවෙන් අධ්‍යයන රැසක්ම කළ අතර එම මතය තහවුරු කිරීමට අවශ්‍ය සාධක ද සොයා ගත්තා. ගැලීලියෝ තමන් සොයා ගත් දේ ලිපි මගින් ප‍්‍රකාශයට පත් කළා. ගැලීලියෝගේ තරහකරුවන් මෙම ලිපි කතෝලික පල්ලියට යැවූ අතර ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ පල්ලිය ලවා ගැලීලියෝට දඬුවම් කරවීමටයි.පල්ලියෙන් ගැලීලියෝට කැඳවීමක් ලැබුණු අතර ඔවුන’තර තිබූූ සාකච්ඡාව පසුව බහින්බස් වීමක් තරම් දුරකට ගියා. 1616 දීඍවැනි පාප්තුමා ගැලීීලියෝට අවවාද කරමින් පවසා සිටියේ ඔහුගේ එම සොයා ගැනීම් ගැන තව දුරටත් ප‍්‍රසිද්ධියේ කතා බහ කිරීම තහනම් බවයි. ගැලීලියෝ මේ තහනම පිළිගත්තා.නිහඩ සාමකාමී කාල පරිච්ජේදයක් ගතවුණා. ගැලීලියෝ නිහඬවම තම කාර්යන්හි නිරත වුණා. ඒත් මේ නිහඬ බව පැවැතියේ ගැලීලියෝ තම ශ්‍රේෂ්ඨතම කෘතිය ලියා අවසන් වන තුරු පමණයි. 1632 දී ඔහු රචනා කළ එම කෘතිය වූයේ “ප‍්‍රධාන ලෝක දෙක අතර සාකච්ඡාව “ යන්නයි. ග‍්‍රහලෝක වල භ‍්‍රමණය ,ගුරුත්වය ආදි ක්ෂේත‍්‍ර ගණනාවක් ඔස්සේ මේ කෘතිය ලියා තිබුණා. ඇරිස්ටෝටල් ගේ ටොලමිගේ මත බැහැර කරමින් කොපර්නිකස් මතය ගැන එහි ඉහළින්ම විග‍්‍රහ කර තිබුණා. මේ ග‍්‍රන්ථය එළිදැක්වීමත් සමගම නැවතත් පල්ලිය ඉදිරියට යන්නටයි ගැලීලියෝට සිද්ධ වුණේ. තමන්ගේ දඬුවමට අවනත නොවීම නිසා මෙවර ගැලීලියෝව නිවාස අඩස්සියේ තබන්නටයි පල්ලියේ ජූරි සභාව තීරණය කළෙ. ඒ සමගම වාගේ ගැලීලියෝගේ දෙනෙත් අඳ බවටද පත්්වුණා. එහෙත් දිගටම තම අධ්‍යාපන කටයුතු වල නිරත වුණු ගැලීලියෝ 1642 ජනවාරි 8 වැනිදා මිය ගියා.