ගැහැණියක්ව සොයා ගිය මිනිසකුගේ කතාවක්

sunil ayya

Active member
  • Jun 18, 2017
    419
    158
    43
    පහුගිය කාලයේ මම වර්තමාන කසාදය සහ ආදරය ගැන තරමක් වෙනස් පහේ පර්යේෂණාත්මක නාට්‍යයක් නිෂ්පාදනය කළා, ඒක තාමත් රංග ගත වෙමින් පවතිනවා. ඒ නාට්‍ය හදන්න අපි නාට්‍ය කණ්ඩායම කසාද බැඳලා ඉන්න අයගේ කසාද කතා එකතු කරලා, අපේම කසාද ද ඇතුළුව පොඩි රිසර්ච් එකක් කලා. එතනදී මට අහන්න ලැබුණු විවිධ අයගේ කසාද කතා වලින් එකක් මම හිතුවා ඔබත් එක්ක බෙදා ගන්න තරම් වටිනවා කියලා. කිසියම් මනෝ විද්‍යාත්මක පදනමක් තියෙන මේ කතාව ආදරය සහ පවුල් ජීවිතය සම්බන්ධ එක් යථාර්ථයක් විතරක් විදිහට හිතන්න. මේ කතානායකයා කියනා යථාර්ථයට පරිබාහිරව තවත් බොහෝ සත්‍යන් තියෙන්න පුළුවන්. මූලික වශයෙන් කසාදය සම්බන්ධයෙන් කියැවුණ ද පොදුවේ ඕනෑම මානව සම්බන්ධතාවකට මේ දහම අදාළ කරගන්නත් පුළුවන්.
    ඉතින් කතානායකයා දැනට වයස අවුරුදු 60 ක පමණ ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන මම ඇසුරු කරන සාමාන්‍ය සිංහල පුද්ගලයෙක්. ඔහු හා විවිධ අවස්ථාවල කතා බහ ඇසුරින් තැනින් තැන මතු වුණ මේ තොරතුරු ඔබගේ කියවීමේ පහසුව තකාත් ඔහුගේ අනන්‍යතාවය සැඟවීමටත් අන්තර්ගතයට හානියක් නොවන සේ සුළු ආටෝපයක් සමඟ සංස්කරණය කරලයි තියෙන්නේ. මෙන්න ඔහුගේ කතාව.
    මම මුලින්ම කසාද බැන්දේ අවුරුදු තුනක් විතර ආදරය කරලා අවුරුදු විසි අටේදී .නමුත් බැඳලා අවුරුදු තුනකින් විතර අපි ඩිවෝස් වුණා. සාමාන්‍යයෙන් මම බොහොම සාමකාමීව රණ්ඩු සරුවල් නැතුව ජීවත් වෙන්න කැමැති කෙනෙක්. නමුත් එදා මම ඒ බැන්ද ලේඩි එදිනෙදා ජීවිතයේ කිසිම වැදගත්කමක් නැති දේවල් වලට මං එක්ක රණ්ඩු වෙන්න, ගැටුම් ඇති කර ගන්න පටන් ගත්තා. ක්‍රමයෙන් මට ඉතා දරුණු විදිහට අපහාස කරලා කේන්ති ගියාම බණින්න ගත්තා. රණ්ඩු වෙන්ඩ එපා කියලා මම එයාව විවේචනය කළ එකට විතරක් එයා මට කාලකණ්නියා කියලා බැණලා තියෙනවා. මඟුල් ගෙදර දවසේ පවා ඇඳුම් ප්‍රශ්නයකට මට බල්ලා කියලා බැන්නා. කිසිම දෙයක් හරියට හොයන්නෙ බලන්නෙ නැතුව කලබල වෙලා ගැටුම් ඇති කරගන්නවා. කේන්ති ගියාම අනිත් කෙනාව පච කරන්න තියන හැම දෙයක්ම කියනවා. සාමකාමීව ඉඳිමු කියන එකට මගේම උවමනාවට කරපු සියලුම සාකච්ඡා වැඩසටහන් වැඩ කලේ නෑ. එයාට එයාගේ ස්වභාවය වෙනස් කර ගන්න බෑ කියලා මට තේරුණා. ක්‍රමයෙන් මමත් එයා නිසා රණ්ඩු වෙන කෙනෙක් බවට පත්වෙමින් තිබුණා. ඒගොල්ලොන්ගෙ ගෙදර අය කීවේ පවුල් ජීවිතය ඔහොම තමයි ඒකට තමයි දුක සැප කියන්නෙ ඒක බෙදාගෙන කන්ඩ කියලා.
    මේ විදිහට තේරුමක් නැතුව ගැටුම් දුරදිග යන කොට, එයා එයාගේ ගෙදර අයට සහ එයාගේ යාහළුවන්ට මගේ නැති වැරදි කියමින් මාව පාවා දීලා ආත්මානුකම්පාව ලබා ගන්න හදනවා. මේ හේතුව නිසා බැඳලා අවුරුදු දෙකක් යනකොට මට එයා ගැන කිසිම හැඟීමක් ගෞරවයක් නැතුව යන්න ගියා. ඊට පස්සේ මට එයාට කියන්න සිද්ධ වුණා මට ඔයා ගැන කිසිම හැගීමක් දැන් නම් නෑ කියලා. එහෙම ඉවසගෙන ජීවත් වෙන්න ගියා නම් මගේ ජීවිතය එකම අපායක් වෙන්න ඉඩ තිබුණා. වාසනාවට අපිට ඒ වෙනකොට දරුවන් හිටියේ නැහැ.
    අපි දික්කසාද වුණා.
    මම හිතුවා මම ආයෙ බඳින්නේ නෑ කියලා. ඊට පස්සේ මම අවුරුදු දහයක් විතර යනකන් තනිකඩයෙක් විදිහට හිටියා. අර වේදනාවෙන් ගැලවෙන්න මේ කාලයේ මම රටවල් කීපයක ඔහේ ඇවිදින්න ගියා.

    ඉතුරු ටික
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සාමාන්‍යයෙන් මිනිස්සු කසාදය විදිහට අවිඥ්ඥාණකව දකින්නේ තමන්ගේ දෙමවුපියන්ගේ කසාදයයි
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කාලෙකට පස්සේ කියවන්න ආස හිතෙන දේවල් තියෙන බ්ලොග් එකක්.දිගටම ලියන්න.ජයෙන් ජය
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ලෝකේ ලස්සනම කෙල්ල බදින්න පුළුවන් උනත් බදින්නේ නැහැ එකී කොයි වෙලෙත් රණ්ඩුවට බර එකක්නම්..
     
    • Like
    Reactions: TCB Rox and asylum