ගැහැණු කම.....සරමක්ද?

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    ගැහැණු කම.....සරමක්ද?

    ගැහැණු කම.....සරමක්ද?
    කම්බායක්ද?.....අපෝ!.... පුතෙක් ඉපුදුනා නම් තමයි හොද!...-
    දුවේ ගේ අතුගාලා දාන්න.
    අක්කි මට තේ එකක් දානවද?
    නංගි.. සුදු නංගි වගේ මගේ ඇදුම් ටික හෝදලා දමන්න හොදේ.
    චූටි මැනිකේ මට උයන්න ටිකක් උදව් කරන්නකෝ
    ------------------------------------------------------
    ගැහැණු ළමයි වැඩ කරන්න පුරුදු වෙන්න ඕන
    ගැහැණු ළමයි ගෙදරට වෙලා ඉන්න ඕන
    ගැහැණු ළමයි හයියෙන් හිනාවෙන්න හොද නෑ
    ගැහැණු ළමයි සංවරව හැසිරෙන්න ඕන
    ...........................................................
    අලුත් මනමාලි ඉන්නවනේ දැන් ගෙදර වැඩ කරන්න
    ඔය රෙදි ටිකත් දාන්න. නෑනා සෝදයි.
    අලුත් ලේලි කෑම රසට උයයි.
    ලේලි ගේ අස් පස් කරලා අතුගාලා දමයි.
    ----------------------------------------
    කසාද බැදලද?
    ළගදි ප්‍රසූත නිවාඩු ගන්න අදහසක් නැහැනේ..
    එහෙම අය අපි මෙහාට බදවා ගන්නෙ නැහැ.
    --------------------------------------------
    බබාට සනීප නෑ....... මහත්තයාට සනීප නෑ..........
    ඕවා හරියන්නෙ නෑ රක්සාවත් එක්ක.
    .................................................................
    මගේ ඇදුම් අයන් කරලද?
    කෝ මගේ කෑම එක?
    කෝ මගේ බෑග් එක.
    මම එන්න පොඩ්ඩක් පරක්කු වෙයි.
    ඔයා ටිකක් කලින් ඇවිල්ලා මගේ කමිස ටික සෝදල දමන්න.
    -----------------------------------------------------------------
    වෙනසකටත් එක්ක ට්‍රිප් එකක් යමුද?
    උදේට කාලා යමු
    දවල් කෑම අරන් යමු
    මගදි කන්නත් මොනවා හරි හදන්න
    ඔය කඩවල් වල කෑම කන්න බෑ
    --------------------------------------
    ඔයාට ක්ලිනික් යන්න මම ඕන නැහැනේ.
    අම්මා හරි නංගි හරි එක්ක යන්න.
    -----------------------------------
    ඔයාට පුළුවන්නෙ තනියම ගිහින් බබාට ඉන්ජෙක්ෂන් එක දෙන්න.
    අපි දෙන්නම නිවාඩු දමන්න ඕන නැහැනේ.
    ------------------------------------------
    බබාට ඉදුල් කට ගාන්න නැකතක් හදන්න ඔයාට යන්න පුළුවන් නේ.
    පඩියට පස්සෙ දවසක් කියල හදාගන්න.
    අපි පාටි එකකුත් දමමු.
    ------------------------------------
    බබාගෙ පලවෙනි උපන් දිනේ නෙ අපි පාටි එකක් දමමු
    මම යාළුවන්ටත් එන්න කිව්වා
    හොදට කෑම ටිකක් හදන්න.. බයිට් ටිකකුත් එක්ක.. දන්නවනේ ඉතින්.
    -----------------------------------------------
    දැන් සර්වන්ට්ස් ලා ඕනෙ නැහැනේ.
    බබා ඩේ කෙයා එකකට දමමු
    ඔයාට පුළුවන්නෙ උදේට ගිහින් දමලා හවසට අරන් එන්න.
    ----------------------------------------------
    අම්මේ බඩගිනියි
    අම්මේ කට දනවා වතුර ඕනේ
    අම්මේ කක්ක බරයි
    අම්මෙ කලිසමේ චූ ගියා
    අම්මෙ අයියා ගැහුවා
    අම්මෙ මල්ලි කෙනිත්තුවා
    ---------------------------------
    අම්මෙ මගේ පැන්සල කෝ?
    අම්මෙ මගේ ඔළුව පීරන්න
    අම්මෙ මගේ ටයි එක ගැට ගහන්න
    අම්මෙ මගේ ලේස් ගැට ගහන්න
    --------------------------------
    අම්මෙ කෝ මගේ සපත්තු?
    අම්මෙ කෝ මගේ පනාව?
    අම්මෙ කෝ මගේ කෑම එක?
    අම්මෙ මගේ ඇදුම් අයන් කලාද?
    අම්මෙ හෙට මගේ යාළුවෝ ටිකක් එනවා කෑම ලෑස්ති කරන්න.
    ------------------------------------------------
    ළමයින්ට හොද නරක කියලා දෙන්න ඕන අම්මා.
    ළමයින් ට පොත් කියවන්න අම්ම හුරු කරන්න ඕන
    ළමයි යන්නෙ කොහෙද? ආශ්‍රය කරන්නෙ කවුද? කියලා අම්මා දැන ගන්න ඕන.
    ළමයින්ට ගේ දොර වැඩ හුරු කරන්න අම්ම දැන ගන්න ඕන.
    ----------------------------------------------------
    අම්මෙ අපි එනකොට හවස් වෙයි බබාට වෙලාවට කෑම දෙන්න.
    අම්මෙ බබා නෑව්වද?
    බබාට සනීප නෑ අම්මට පුළුවන්නේ ළග ඉන්න
    --------------
    ආච්චි මේ ගවුම අන්දන්න
    ආච්චි මගේ ඔළුව පීරන්න
    ආච්චි මට හෝම්වර්ක් කියලා දෙන්න
    ආච්චි මට කතාවක් කියලා දෙන්න
    ආච්චි මට කවියක් කියලා දෙන්න
    ආච්චි මට බඩගිනියි.
    ආච්චි මගේ ඇදුම් සේදුවද?
    ආච්චි මගේ ඇදුම් අයන් කලාද?.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් ඔහොම නෑනෙ... සමාජෙ වෙනස් වෙලා...ගෑනු ස්වාදීනව හිතනව...
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සිතන්නට යමක් තියෙනවා නේද..එත් පිරිමි ළමයි ඉපදෙනවට ගොඩක් අය කැමති පිරිමි කියන්නේ පරම්පාරව ගෙනියන්න පුළුවන් හින්ද නේ...ගැහැණු අයත් ලොකු වැඩ කොටසක් කරනවා තමා...:)
     

    lahiru2000

    Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    SUPIRI
    ඇත්ත කතාව.පිරිමි කෙනා හොඳ නම් මේ වැඩ ගොඩාක් අඩු වෙනවා.
    +10
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    sirama kathawa.. eth dan oka therum aran inne kello kiyen ki denada

    :lol::lol::lol::baffled: ඔව් බන්...සිරා...කෙල්ලෝ දැන් මේ වගේ දේවල් කරන්නේ නැහැනේ...උන්ගේ වටිනාකම තේරුම්ගන්න මේ වගේ නිර්මාණ කරන එක හොදයි...අඩු ගානේ ඔව්න් කරන දේ අගය කිරීමක් විදිහට මේවා වටිනවා..හැම කෙල්ලම මේ වගේ වෙනවනම් කොච්චර හොදයි ද...:):):):P
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,169
    24,807
    113
    tracing Geo-location.. ... ...
    ඇත්ත කතාව.. හිතන්න දෙයක් තියනවා.. මැද හරියට කියවන් එද්දී තමයි හොදටම ඔලුවට ගියේ.. තවවත් අම්ම නැතුව කිසි දෙයක් හොයාගන්න, තීරණයක් ගන්න අමාරුයි.. ගෙදර ආව ගමන් හොයන්නේ අම්මව.. පිරිමින්ට තියන වැඩ ඔක්කොම ලේසියි.. හම්බ කරලා පවුලක් නඩත්තු කරන එක අමාරු නෑ.. කෙල්ලෝ කාලේ වැඩක් නොකලත් බිරිඳක්, අම්මෙක් උනාම ගැහැණු අය තමයි වැඩිම වැඩ කොටසක් කරන්නේ.. මාස 9ක් දරුවෙක් බඩේ තියන් ඉදල මේ ලෝකෙට බිහි කරන එකම මදැයි.. අම්ම තමයි හැමදාම කලින්ම නැගිටින්නේ.. අන්තිමට නිදියන්නේ.. වැඩියෙන් බඩගින්නේ ඉන්නේ.. හැමෝගෙම වැඩ කරලා දෙන්නේ.. වැඩි වැඩියෙන් කතා කරන්න ඕනි මාතෘකාවක්..