ගැහැණු පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන එත්

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ගැහැණු පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන එත්

    ගැහැණු පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන එත් කවදාවත් පිරිමින්ට නොකියන අභිරහස් 5ක්




    අපි නම් අහලා තියෙන විදියට කාන්තාවෝ කියන්නේ බොහොම open කිසිම රහසක් රකින්න බැරි ඕනේ දෙයක් හැමෝමත් එක්ක කියවන කෙටියෙන්ම කිව්වොත් කට වහගෙන විනාඩියක් වත් එක දිගට ඉන්න බැරි අමුතුම මානව කොට්ටාසයක් විදියටනේ.එත් දන්නවද හැම ගැහැනියකගේම ජිවිතේ ඇතුලේ අභිරහසක් තියෙනවා කියලා.හැබැයි ඒවා මහා ලොකු දේවලුත් නෙවෙයි.එත් පිරිමින්ට හරිම අමාරුයි මේ ගැහැනුන්ගේ හිත් අස්සේ හැංගිලා තියෙන රහස් තේරුම් ගන්න.කෙටියෙන්ම කිව්වොත් හැම ගැහැනියක්ම තම පිරිමියාගෙන් බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා.හැබැයි ඒ දේවල් කවදාවත් තම පිරිමියාට කියන්නේ නෑ. ඒවා හැමදාම රහස් විදියට ගැහැණුන්ගේ හිත් අස්සේ හැංගිලා තියෙනවා.ඉතින් මේ අභිරහස් දැනගත්තු පිරිමි එක්ක ගැහැණු ගොඩක් සතුටින් ඉන්නවා.බැරි උනු අයට ඉතින් sorryම තමා.බය වෙන්න එපා අද විශ්ම ලෝකය තුලින් ගැහැණු පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන එත් කවමදකාවත් පිරිමින්ට නොකියන දේවල් ගැන ඔයාලාට කියලා දෙන්නම්.






    ගැනු කැමතියි ගෙදර පිරිමියා හැම වැඩකම මුලිකත්වය අරන් කරනවට


    ඔව් මෙන්න මේ කරුණ ගොඩක්ම වැදගත්. අපි ගෑනුන්ටත් සැම තැන දෙන්න ඕනේ කියලා හැම දෙයක්ම ඒ ගොල්ලෝ කියන විදීයටම කරනවට කාන්තාවෝ කොහොමත් කැමති නෑ.ඒ ගොල්ලෝ ගොඩක් ආසයි ගෙදර වැඩ හැම එකක්ම පිරිමියා මුලිකත්වය අරන් කරනවට.ඒ නිසා ගෙදරට ගෙන පුංචි බඩු ලිස්ට් එක උනත් ඔයා පොඩ්ඩක් විහිලුවට හරි පරික්ෂා කරලා බලලා ඒ හැම දෙයක් ගැනම තමුන් හොද අවබෝදයකින් කටයුතු කරන බව පෙන්වන්න.කවදාවත් ගෙදර වැඩ කටයුතු වල මුලිකත්වය කන්තාවන්ට දෙන්න යන්න එපා.ඒ දේට කාන්තාවෝ ඒ තරම් කැමති නෑ.පිරිමියා පිරිමියෙක් විදියට කටයුතු කරනවට තමයි ඒ ගොල්ලෝ හිත යටින් ආසා කරන්නේ.







    ගෑනු කැමතියි නොසිතු ලෙස විවිධ කරන පුදුම කිරීම් (surprices) වලට


    තමුන්ගේ සහකරුවා විසින් නිර්මාණාත්මක ලෙස සැලසුම් කරපු විවිධ දේවල් හරහා ඒ ගොල්ලෝ පුදුම කරනවට ගැනු අය ගොඩක් කැමතියි.එතකොට තමයි ගෑනුන්ට හිතෙන්නේ ඒ ගොල්ලෝ තමුන්ගේ සහකරුවාගේ සිත තුල විශේෂ කෙනෙක් කියලා තේරෙන්නේ.ඇත්තටම මෙහිදී නිතර නිතරම මහා ලොකු ඉතාමත් මිල අධික තෑගි බෝග දෙන්නම අවශ්‍ය නෑ.පුංචි රස කෑමක් හරි ඔබේ බිරිදට හෝ පෙම්වතියට ඉදලා හිටලා අරන් යන එකත් ඒ ගොල්ලොන්ගේ හිත් ඇතුලේ පිරිමින්ට ගොඩක් ලකුණු ලැබෙන දෙයක්.













    ගැනු ගොඩක් බයයි තමුන්ගේ සහකරු ඇසුරු කරන අනිත් කාන්තාවන් විසින් සහකරුගේ ආදරය සොරකම් කරයි කියලා


    ගොඩක් ගැනු අයගේ හිත යට තියෙන ලොකු බයක් තමයි තමුන්ගේ සහකරුවා වැඩ කරන office එකේ ගැනු අය , සහකරුවා ආශ්‍රය කරන මිතුරියෝ වගේ අය එයාගේ ආදරය හොරකම් කරයි කියලා.ඉතින් එක නිසා පිරිමි අය ගොඩක් පරිස්සමින් අනිත් ගැනු එක්ක වැඩ කරන්න.නිතරම තමුන්ගේ පෙම්වතිය හෝ බිරිද ලෝකේ ඉන්න ලස්සනම හා හොදම කාන්තාව බව එයාට අගවන්න ඕනේ.අනිත් ගැනු තමා සත පහකට මායිම් කරන්නේ නැති බව පෙන්වන්න.ඇත්තටම මේක බොරු රගපෑමක් විතරයි.හැබැයි ඔයාට ගොඩක් ලකුණු ලබා ගන්න පුළුවන්.









    ගැනු කැමතියි තමුන්ගේ පිරිමියා තමුන් ඉදිරියේදී ගොඩක් අවංක වෙනවට


    ඔව් මේ දේ ගොඩක්ම වැදගත්. බාහිර ලෝකයෙදී තමුන්ගේ පිරිමියා මොන වගේ කෙනෙක් උනත් තමුන් ඉදිරියේ අවංක වෙනවට ගැනු ගොඩක් කැමතියි.කවදාවත් ගෑනුන්ට අහු වෙන බොරු කියන්න එපා.ගැනු ගොඩක් අප්‍රිය කරනවා බොරු කියන අයව.තමුන්ගේ පෙම්වතියට හෝ බිරිදට බොරු කියනකොට ගැනු හිතනවා එයාලව දැන් විහිළුවක් වෙලා කියලා.ඒ ගොල්ලොන්ගේ වටිනාකම අඩු වෙලා කියලා.එතකොට ඔබේ ලකුණු ගොඩක් කැපෙනවා.සැලකිලි අඩු වෙනවා.බොරු කියන එක තමයි හේතුව.







    ගැනු කැමතියි තමුන්ගේ පිරිමියා පොඩ්ඩක් විතර යාලුවෝ එක්ක fun එකේ ඉන්නවට


    මේක හොදින් තේරුම් ගැනීම වැදගත්.යාලුවෝ ආශ්‍රය කරනවට ගැනු අය අකමැති කියන කතාව බොරුවක්.ගැනු අය කැමතියි තමුන්ගේ සහකරුවා පොඩ්ඩක් යාලුවෝ එක්ක fun එකේ ඉන්නවට.ඉදලා හිටලාපොඩ්ඩක් set වෙලා සින්දුවක් කියලා සතුටින් ඉන්නවට.හැබැයි ඕනෙවට වඩා නම් මේ දේවල් කරන්න ගියොත් නම් බඩුම තමා.නොකර හිටියත් පොඩ්ඩක් අවුල්.සමාජය තුල මොන තරම් සිමා තිබුනත් ඇත්ත කතාව මේක තමයි.







    තව පොඩි පොඩි දේවල් තියෙනවා.කමක් නෑ.ප්‍රධානම දේවල් 5ක් තමයි මේ තියෙන්නේ.හරි එහෙනම් මේ දේවල් වලට අවධානය දීලා ටික දවසක් තමුන්ගේ සහකාරියව test කරලා බලන්නකෝ.ඔයාට ලකුණු ලැබේවි බලන් ඉන්දැද්දී.එහෙනම් විශ්ම ලෝකය කැපෙන්න හදන්නේ.සුබ දවසක් ඔයාලට.
    http://wishmalokayasl.blogspot.co.uk/2015/05/5_8.html?m=1
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ටෙස්ට් කරන්න කෙල්ලෙකුත් හොයල දීපන්කො තරහ නැතුව.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    test කරලා බලන්න
    කවුරුත් නෑ :(

    ටෙස්ට් කරන්න කෙල්ලෙකුත් හොයල දීපන්කො තරහ නැතුව.
    ekane බන් මේවා හරිද කියලා අත්දැකීම් තින උන්න්ගෙන් දැන ගන්න තමා දැම්මේ :(:(:(:(
     
    Oct 13, 2014
    296
    16
    0
    ගැනු ගොඩක් බයයි තමුන්ගේ සහකරු ඇසුරු කරන අනිත් කාන්තාවන් විසින් සහකරුගේ ආදරය සොරකම් කරයි කියලා

    This is true,

     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ගැනු ගොඩක් බයයි තමුන්ගේ සහකරු ඇසුරු කරන අනිත් කාන්තාවන් විසින් සහකරුගේ ආදරය සොරකම් කරයි කියලා

    This is true,

    ම්ම් මේක හින්ඳා කොචර වලි යනවද
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ගැනු කැමතියි තමුන්ගේ පිරිමියා පොඩ්ඩක් විතර යාලුවෝ එක්ක fun එකේ ඉන්නවට

    meka nam sure neh machnla:lol::lol::lol::lol::lol::lol:

    anikwa hari wenna puluwan..but meka nam weradi ban:rolleyes::rolleyes: