reply to
Justin_Bieber
ඒක බර වචනයක් නෙවෙයි තනි වචනයක්. ඒකාකෘතිකරණය කියන්නේ හරි සරල දෙයක්. මිනිස්සු මේ ඒකාකෘතිකරණය ගොඩක් වෙලාවට ප්රයෝජනයට ගන්නවා තීරණ ගන්නකොට පවා.ඇත්තටම ඒක ගොඩක් වැරදියි. උදාහරණයකට හිතන්න දැන් ඔයා දකිනවා පාරේ යනවා දෙමළ මිනිස්සු 10 දෙනෙක් මොකක්ද ඔයාගේ ඔළුවේ ඇදෙන චිත්රය? කොටි කියලනේ එක පාරටම. සමහර විට එහෙම නොවෙනත් පුලුවන් නමුත් ගොඩක් මිනිස්සු හිතන්නේ මෙහෙමයි විශේෂයෙන්ම 2009 ට කලින් හිතුවේ මෙහෙමයි. මුස්ලිම් අය ගැන වුනත් මෙහෙමයි අද ගොඩක් සිංහලයන් සහා බටහිරයන් හිතන්නේ. මුස්ලිම් කිව්වම ඔක්කොම ත්රස්තවාදියෝ කියලා මේ අය හිතන්නේ. මේකට කියන්නේ ඒකාකෘතිකරණය හෙවත් Stereotype කියලයි. තව එකක් තියෙනවා ප්රභා එලය කියලා. මේකත් ඒ වගේම තමයි නමුත් මේක තනි පුද්ගලයාගේ එක ගති ගුණයක් මගින් ඒ පුද්ගලයා සමස්ථයක් වශයෙන් ඒ ගති ගුණය වගේ කියලා මැනීමටයි ඒක භාවිතා කරන්නේ.
මම දැන් මෙතන ඇත්තටම කිව්වේ මගේ comment එකෙන් මේ කථාව හරි කියලවත් වැරදි කියලවත් නෙවෙයි මේ කථාව ආදර්ශයට ගෙන හැම කාන්තාවම එකම ගොඩට දාලා හිතන එක වැරදි වැඩක් කියලයි. මොකද මේ වගේ ඒවා වෙන්නේ බොහෝම අඩුවෙන් අනික කාන්තාවන් විතරක් නෙවෙයි පිරිමින් පවා ඉන්නවා මේ වගේ නැති වුනත් අනුන්ව කොටවන සහා යටි කූට්ටු වැඩ කරන. විශේෂයෙන්ම සමහර පිරිමි ඉන්නවා කාන්තාවක් රැකියාවෙන් ඉහළට යනවා දකින්න අකමැති මේකට කියන්නේ නාරිද්වේශී මානසිකත්වය කියලයි. මේ හැම දේම සමාජේ තියෙනවා නමුත් එක උදාහරණයක් නිසා අපි අන් හැම සිද්ධියකටම මේ ඒකාකෘතිකරණය භාවිතා කිරිම වැරදියි. නමුත් ඒකාකෘතිකරණය වැදගත් වෙන අවස්ථාත් තියෙනවා. හිතන්න අපි යනවා කෑලෑවකට. සමාන්යයෙන් කැලෑවක් කියන්නේ භායානක තැනක් කියලයි පොදු මතය ඉතින් මේ පොදු මතය මෙතන උදව් වෙනවා අපිට ආරක්ෂාවෙන්න සත්තුන්ගෙන්. මේක තමයි මෙතන ඒකාකෘතිකරණය. ඉතින් අවස්ථාව අනුව ඒකාකෘතිකරණය යොදාගන්නවා නම් හෝ අතහරිනව නම් ඒක වැඩ දායිකයි. කොහොම නමුත් තමන් විවෘත මනසෙන් සමාජය දිහා බලන්න ඉගෙන ගන්නවා නම් තමන්ට අන් අයට නොපෙනෙන දේවල් ගොඩක් පෙනෙන්න පුලුවන්. ඒක නිසා ඒ විදියට ඉන්න පුරුදු වෙන්න. මේක තමයි අද ගොඩක් අය ළග නැත්තෙත්.