*කාන්තාවන් සංඝයා වහන්සේලා ඇසුරු කල යුත්තේ කෙසේද?*
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානා අවස්තාවේ අනාන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් , 'ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන් පිලිබඳ අප පිලිපැදිය යුත්තේ කොයි ආකාරයෙන්දැ'යි විමසා සිටි අවස්තාවක භාග්‍යවතුන් වහන්සේ 'පින්වත් ආනන්ද, භික්ෂුවක් කාන්තාවන් නොදැක්ක යුතුමයි' යනුවෙන් පිළිතුරු දුන් සේක.
එහිදී කාන්තාව යනු නොදැක්ක යුතු නොබැලිය යුතු කෙනෙකු සැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ. එවිට ආනන්ද ස්වාමින් වහන්සේ නැවතත් 'ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, කාන්තාවක අපට දැකීමට සිදු වුවහොත් කුමක්ද කළ යුත්තේ?' යනුවෙන් විමසයි. 'එසේනම් පින්වත් ආන්න්ද, දැකීමට සිදු වූවට කම් නෑ නමුත් කතා කිරීමෙන් වැලකී සිටින්න' යනුවෙන් වදාළහ.
ආනන්ද ස්වාමීන් වහන්සේ නැවතත් භාග්‍යවතුන් වහන්ස, කාන්තාවක් හා යම් හෙයකින් කතා කිරීමට සිදු වුවහොත් කල යුත්තේ කුමක්ද' 'ආනන්ද ඔබට කාන්තාවක් සමග ඔබට කතා කිරීමට සිදුවුවහොත් ඒ කතා කරන්නේ ඔබේ මෑණියන්ගේ වයසේ කාන්තාවකට නම් මේ මාගේ මෑණියන් ය යනුවෙන් මාතෘ චිත්තය ඇත කරගෙන කතා කල යුතුයි. ඔබ කතාකරන්නේ ඔබගේ සහෝදරියගේ වයසේ කාන්තාවක සමගනම් මේ මාගේ සහෝදරිය යනුවෙන් භගිනි චිත්තය උපදවා ගෙන කතා කල යුතුයි. එසේම ඔබ කතාකරන්නේ ඔබගේ දියණියගේ වයසේ දැරියක් සමග නම් මේ මාගේ දියණිය යනුවෙන් දුහිතෘ චිත්තය ඇති කරගෙන කතා කල යුතුයි යනුවෙන් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ට දේශනා කල සේක.
Link