මහනුවර – කුණ්ඩසාල – නත්තරම්පොත ප්‍රදේශයේදී ගෑස් ආශ්‍රිතව ඇති වූ සිද්ධියකින් පිළිසුම් තුවාල ලබා රෝහල්ගතව සිට ජීවිතක්ෂයට පත් වූ කාන්තාවගේ ස්වාමිපුරුෂයා ඇතුළු පවුලේ ඥාතීන් අදාළ ගෑස් සමාගමට එරෙහිව නඩු පැවරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව රුපියල් කෝටි 10ක වන්දි මුදලක් ඉල්ලා මෙම නඩු ගොනු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.
සිද්ධියෙන් මියගොස් තිබුණේ 51 හැවිරිදි සිව්දරු මවක්. මාතලේ – විල්ගමුව ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව දරුවන්ගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා කුණ්ඩසාලේ ප්‍රදේශයට පැමිණ තාවකාලික ස්ථානයක පදිංචිව සිට ඇති අතර, එහිදී ගෑස් කාන්දුවක් සිදුවී පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කෙරුණේ.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජය හෝ කිසිදු වගකිවයුතු ආයතනයක් සොයා බැලීමක් සිදුකර නොමැති බවයි