ගෑස් ලිපේ කථාව

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    1639590039397.png


    දැන් තියන ගෑස් ලිප් තත්වය අන්තිමයි. පහුගිය අවුරුදු 10 ක විතර කාලයට ගෙදර ගෑස්ලිප් 6 ක් පාවිච්චි කරා. මුලින් තිබ්බෙ බාල ලිපක්. ඒක අවුරුද්දක්වත් තිබ්බේ නෑ. බර්නර්ස් පිච්චිලා දිරල ගියා. ආයිත් සාමාන්‍ය එකක් පිටකොටුවෙන් ගෙනවා. ඒකත් පලවෙනි එකම වගේ තමයි. අවුරුද්දක් වගේ. හැම අවුරුද්දෙම ලිප් ගේන එක කරදරයක් නිසා වයර්පූල් එකක් ගෙනාවා. 2012 - 13 විතර ඒ දවස් වල 30 ක් විතර උනේ. බර්නර් හතරයි ගෑස් අවන් එකයි තියනවා. අවුරුදු දෙකයි ගියේ බර්නර්ස් ඔක්කොම සවුත්තු උනා. පස්සේ බර්නර්ස් අලුතින් ගෙනාවා. ඒකට ගියා කොටුවෙ ලිපකට යනවට වඩා. ඉන් පස්සෙ ගත්තෙ දිගටම කොටුවෙ ලිප්. මේ ලගදි කොටුවෙ ගිය වෙලාවක මම 550 ට තියෙන බර්නල් 2 ක් ගෙනත් පරණ ලිපකට දැම්මා. අලුත් වගේ වැඩ.

    අලුතින් ලිප් ගන්න එක නම් බොරුම වැඩක්. ලිපක සවුත්තු වෙන්නේ ගෑස් කරාමයි බර්නර්ස්තුයි නේ.
    කරාමය ලයිටරයත් එක්කම 350. කරාම දෙකට 700. බර්නර් දෙකට 550 x2 = 1100
    සම්පූර්ණ වියදම 1800
    මේ ටික දැම්මම ලිප බ්රෑන්ඩ් නිව් වගේ. වගේ නෙවේ තමයි. ආයෙ ඉතින් තියෙන්නෙ තහඩු කෑලි විතරනෙ.

    මාකට් එකේ මිල අඩුම ලිප 3500 ක් විතර වෙනවා. අලුත් ලිපක් ගන්නවට වඩා එකට එකක් ලාබයි. කෑලි ෆිට් කරන්න විනාඩි 30 වත් යන්නෙ නෑ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,733
    1
    57,946
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය තරම් ගෑස් කුකර් සවුත්තු වෙන්නෙ සමහර විට පිටකොටුවෙන් ගන්න නිසා වෙන්නත් පුලුවන්. මම ගණන් බැලුව සාමාන්‍යයෙන් අවුරුදු 5ක්වත් කුකර් එකක් පාවිච්චි කරල තියෙනව.
     
    • Like
    Reactions: wpmanoj