ගෑස් හිඟයක්

N sriyanthe

Banned
Jan 6, 2015
236
58
0
ගෑස් හිඟයක් හෝ ගෑස් මිල ඉහළ යාමක් නෑ: පසුගිය රජය කාලයේ ගැහිල්ල රුපියල් ලක්ෂ දස දහස් අටසීයයි - ලිට්රෝ සමාගම


ගෑස් හිඟයක් පවතින බවට සහ මිල ඉහළ යන බවට පැතිර යන කට කතා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව ලිට්රෝ සමාගම පවසනවා. සමාගමේ සභාපති ශලීල මුණසිංහ මහතා පවසන්නේ ගෑස් මිල ඉහළ යනු ඇතැයි පැතිර ගිය කටකතා හේතුවෙන් ඇතැමුන් ගෑස් තොග සැඟවීමට උත්සාහ දැරීම මෙම කෘත්‍රිම හිඟයට හේතුව බවයි. එසේ නොමැතිව සැබෑ ලෙස ගෑස් හිඟයක් රට තුළ නොමැති බව අවධාරණය කළ ඒ මහතා කියා සිටියේ අද දිනයේ ද සාමාන්‍ය පරිදි ගෑස් බෙදා හැරීම සිදු කළ බවයි.

ලිට්රෝ සභාපති ශලීල මුණසිංහ මේ බව කියා සිටියේ අද පැවැති මාධ්‍ය හමුවකදී ය.

එහි දී මාධ්‍යවේදීන් ගෑස් මිල ඉහළ යන්නේ ද පිළිබඳ විමසුමකට පිළිතුරු දුන් මුණසිංහ මහතා කියා සිටියේ එවැනි කිසිදු සූදානමක් නොමැති බවයි. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ පරිදි ම ගෑස් මිල ඉහළ නැංවීම මේ මොහොතේ සිදු නොවන බවද ඔහු අවධාරණය කෙළේය.

අවශ්‍ය පමණ ගෑස් තොග ලංකාවට ගෙන්වා ඇති බව කී සභාපති වරයා ලංකාවට වසරකට ගෑස් ටොන් ලක්ෂ දෙකක් ගෙන්වන බවද පැවසීය. පසුගිය රජය කාලයේ මෙම ගෑස් තොග ගෙන්වීමේදී ටොන් එකක් ලංකාවට ඩොලර් 115 ගණනේ ගෙන්වීමට හැකියාව තිබිවදී ගෙන්වා ඇත්තේ ඩොලර් 135 බැගින් යැයිද එහිදී සිදුවූ ඩොලර් 20 ගියේ කාටදැයි නොදන්නා බවද පැවසීය. එම පාඩුව වසරකට ලක්ෂ දස දහස් අටසියයක් වූ බව කී සභාපතිවරයා නව ආණ්ඩුව මගින් 115 බැගින් නව සැපයුම්කරුවකු සමග නව ගිවිසුමක් අත්සන් කිරීමට සියල්ල සූදානම් කර ඇති බවද ඔවුන්ගේ තොග එනතුරු අවශ්‍ය තරම් සංචිත පවතින බවද අවධාරණය කෙළේය. පසුගිය කාලයේ ගෑස් සිලින්ඩර් 50,000 ක් පමණද අවිධිමත් ලෙස ආනයනය කර තිබූ බවද ඔහු පැවසීය.

පසුගිය කාලයේ ලිට්රෝ සභාපතිත්වය දැරුවේ අංක එකේ දූෂිතයෙක් වූ ලංකා ඊ නිව්ස් මීට පෙර හෙලිකරන ලද පියදාස කුඩාබාලගේ නමැත්තා වන අතර ඔහු පරාජිත මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිනී සෙනරත්ගේ දකුණු අත ලෙස ක්‍රියා කළේය.
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගෑස් හිඟයක් හෝ ගෑස් මිල ඉහළ යාමක් නෑ......
    pending................
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ලංකා ඊ නිව්ස් :lol:

    මුන් සෑහෙන්න එලිකරනවනෙ. හැබැයි සයිට් එකේ විතරයි.අපාරාදේ ආන්ඩුවට ඔය සාක්ශි යැව්වනම් ලොකු කල්ලියක් ඇතුලට දාන්න තිබ්බ. ඇයි දෙන්නෙ නැත්තෙ? පවු කියලා හිතෙන්න ඇති