Saralava kivvoth accoustic guitar kiyanne nylon/thangus strings guitar. Box kiyanne steel strings guitar.
හරි. ඔයාට සරලව කියල දෙන්නම්. මෙහෙමයි.
ගිටාර් එකේ තියෙන්නෙ මහතින් එකිනෙකට වෙනස් කම්බි 6ක් යම් යම් ආතති (ටෙන්ශන්) වලින් ඇදලා ගැටගහලා. ඔය කම්බි කම්පනය වෙද්දි සවුන්ඩ් හෝල් (ඔය බොක්ස්/එකෝස්ටික්/සෙමි එකෝස්ටික් ගිටාර් වල ලොකු සිදුර එක්ක තියෙන කොටස ) එක ඇතුලට ගිහින් ඒකෙ කම්පනය වෙලා තමයි සද්දෙ එන්නෙ. ඉතින් ඔය ආතතියෙන් ඇදල තියෙන කම්බි වල දිග හෝ ආතතිය වෙනස් වෙනකොට ඒ උපදින කම්පන වල සංඛ්‍යාතය වෙනස් වෙනව. ගිටාර් එකක් ප්ලේ කරද්දි වෙන්නෙ කම්බි වල ආතතිය එකම විදියට තියලා (තේරුම් ගන්න ලේසි වෙන්න දැනට එහෙම හිතන්න. නැතිනම් බෙන්ඩිං වලදි, ට්‍රෙමොලෝ එකෙන් එහෙම ආතතිය තමයි වෙනස් වෙන්නෙ) ඒ කම්බි වල දිග වෙනස් කරනව. ෆ්‍රෙරෙට් දෙකක් අතරමැදින් කම්බියක් හෝ කීපයක් තදින් අල්ලපුවාම ඒ දක්වා විතරයි කම්බියෙ දිග තියෙන්නෙ බ්‍රිජ් එකේ ඉඳලා. එතකොට එහෙම අල්ලලා ඒ කම්බිය කම්පනය කලාම ඒකට අදාල නෝට් එක වදින්නෙ.
හරි. කීබෝඩ් එකේ සුදුපාට බොත්තම් වලින් නම් එක සප්තකයකට තියෙන්නෙ ස්වර 7යි නෙ. ස වල ඉඳල නි වෙනකම් ( C scale). ඒ සුදු බොත්තම් මැද තියෙන්නෙ තීව්ර හෝ කෝමල ස්වර කියලත් දන්නව නෙ. එතකොට සේරම ස්වර නම් 12ක් තියෙනව. සුදු පාට බොත්තම් වල 7යි. කලුපාට බොත්තම් වල 5යි. (C, C#, D, Eb, E, F, F#, G, Ab, A, Bb, B කියල සාමාන්යෙන් කියන්නෙ)
ගිටාර් එකේ හෙඩ් එකේ (කරකෝන් කී තියෙන පැත්තේ ඉඳලා නෙක් එක (ෆ්‍රෙරෙට් බෝඩ් එක) දිගේ පහලට එද්දි ඔය හරහට තියෙන්නෙ ෆ්රෙට්. ඒව දෙකක් අතරින් කම්බියක් තදින් අල්ලල ප්ලේ කලාම යම් නෝට් එකක් වදිනව. ගිටාර් එක ස්ටෑන්ඩඩ් ටියුනිං (E <මහතම කම්බිය>, A, D, G, B, E <හීනිම කම්බිය>) වලට ටියුන් කරල තියෙන්නෙ (සම්මත ආතති වලට කම්බි 6 ඇදලා තියෙන්නෙ හෝ සම්මත ආතති වලට කම්බි 6 ඇදලා තියාගන්න ඕන (ටියුන් කරගන්නෝන) ප්ලේ කරන්න කලින්.). ඕනෙම කම්බියක් ෆ්රෙට් බෝඩ් එකේ කොහෙන්වත් අල්ලන්නෙ නැතිව නිකන්ම ප්ලේ කරද්දි ඒකට කියනව ඕපන් ප්ලේ කරනව කියල. ඊලඟ ෆ්රෙට් දෙක අතරින් ඇඟිල්ලෙන් අල්ලගෙන ඒ කම්බිය ප්ලේ කලාම අර ප්ලේ කරපු නෝට් එකට වඩා එක සෙමි ටෝන් එකක් වැඩි නෝට් එකක් තමයි ප්ලේ වෙන්නෙ. ඒ කීවෙ ඔයා ගිටාර් එකේ හීනිම කම්බිය (E 1st) නිකන්ම ප්ලේ කලොත් වදින්නෙ E (ග) නෝට් එක. ඊලඟ ෆ්රෙට් දෙක අතර ඇඟිල්ල තියන් තද කරල ප්ලේ කලොත් වදින්නෙ එෆ් (ම) නෝට් එක. ඊලඟ ෆ්රෙට්...... F# (තීව්ර ම ) ඊලඟ G (ප ) ඊලඟ... G# හෝ Ab (තීව්ර ප හෝ කෝමල ධ) එහෙම එහෙම..
එතකොට තනි කම්බියෙ සේරම ස්වර ඕන නම් තියෙනව ඕන සිංදුවක් ගහන්න. නමුත් තනි කම්බියෙ ඔහොම ඈත ඈත ස්වර තියෙන නිසා අත උඩ පහල යව යව lead ප්ලේ කරන්නෙ නෑ. ඒක අමාරුයිනෙ. ඒ නිසා ලඟ තියෙන අනික් කම්බි වලින් නෝට් අල්ලනව.
එක එක පොසිෂන් තියෙනව. ස්කේල් තියෙනව ෆ්රෙට්බෝඩ් එක පුරාම. ඒ ස්කේල් ටික බලන්න. ඒ ටික බලපුවාම ඔයාට පුලුවන් ෆ්රෙට් බෝඩ් එක පුරාම කම්බි 6ටම අදාලව නෝට් ටික තියෙන්නෙ කොහෙද හොයාගන්න. ඒ අනුව ඔයාට පුලුවන් අවශ්‍ය ස්කේල් එකේ යන සින්දුව ඒ ස්කේල් එක තියෙන හරියෙන් ප්ලේ කරන්න ගිටාර් එකේ. ඔය කීවෙ ලීඩ් ගිටාර් වලට අදාලව.
කෝඩ් ප්ලේ කරනව නම් එක එක කෝඩ් වලට අදාලව ෂේප් තියෙනව. ඒව ටික හුරු කරගන්න.
මගෙ පැහැදිලි කිරීම අවුල් ඇති නමුත් යම් දැනුමක් එන්න ඇති කියල හිතනව.
mata therune ne machan kiyapu de.
me video eken idea ekak ganna puluwan wei kiyala hithanawa.
Hari name eka Acoustic Guitar machan.
habai lankawe kattiya godak kiyanne Box Guitar kiyala.
Acoutic Guitar eka AMP ekakata plug karanna puluwan nan eka Semi-Acoustic Guitar ekak.
Nylon string dala thiyenne Classical Guitars wala.
------ Post added on Jun 2, 2021 at 9:38 PM
12 strings and 6 strings acoustic guitars wala wenasa mokkda bn. String gaana tama.. play karaddi amaru mkkda? Or mkkda wenasa
)