කොලොන්නව රාජගිරියේ අපේ වැඩිහිටි සහෝදරයෙක් නැද්ද මේ ගැන දැනගන්න.ආසයි දැනගන්න ඒ කාලේ වෙච්ච සීන්
අපේ අම්මා ඒ කාලෙ IDH පැත්තෙ ඉදල තියෙන්නෙ.ඒ කාලෙ ගැටුම තිබිල තියෙන්නෙ ගොතටුවෙ මැරයොයි කොටියගොඩ මැරයොයි අතර.කොටියගොඩ කල්ලිය මෙහෙයවල තියෙන්නෙ කොටියගොඩ රංජි.තුම්මුල්ලෙ පද්මෙ කියන්නෙ කොටියගොඩ රංජිට අනුර හොරේෂ්ස් ගිනි අවි සහ ගිනි කෙලි පොතේ යොදාගත්ත අන්වර්ථ නාමය.ඒ කාලෙ අම්මල වැඩට යන්න පටන් ගත්ත කාලෙ ලු.කොටියගොඩ පාලම තමා බෝඩර් එක.පාලම දෙපැත්තෙ කල්ලි දෙකේ ම කට්ටිය ඉන්නවළු කඩු,තුවක්කු,බෝම්බ,මන්න තියාගෙන.බස් එක පාලම උඩින් යනකොට දෙපැත්තෙ ම කට්ටිය පාලමේ දෙපැත්තෙ දි නවත්තල බස් එකට නැගල බලනවලු ප්‍රතිවාදී කට්ටිය බස් එකේ හැංගිල ඉන්නව ද කියල.කෙල්ලො,ගෑනු පවා එනවලු මන්න,බෝම්බ එහෙම අරගෙන.