මයිනාගෝගම’ නොනැවතී රතිඤ්ඤා දල්වති.. අගමැති කාර්ය මණ්ඩලය බඩු අස් කර ගනිති..
May 8, 2022 at 9:38 pm | lanka C news
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වූයේ යැයි වාර්තා වීමත් සමග අරලියගහ මන්දිරය ඉදිරිපිට කඳවුරු බැඳ සිටි පිරිස් රතිඤ්ඤා දල්වමින් සතුට පළ කරමින් සිටියි.
එම ප්රදේහයේ රැස් වී සිටින ප්රමාණයද ඉහළ ගොස් තිබේ.
අරලිය ගහ මන්දිරය ඉදිරියේ දින කිහිපයක සිට විරෝධතාකරුවන් රැඳී සිටින්නේ අගමැතිවරයා ඉවත් විය බව සඳහන් කරමිනි.
ඔවුන් එම ප්රදේශයේ වාඩිලාගෙන ‘මයිනාගෝගම’ ලෙස ගම්මානයක්ද නම් කරන ලදී.
මේ අතර වාර්තා වන්නේ අරලියගහ මන්දිරයෙන් අගමැති පෞද්ගලික කාර්ය මණ්ඩලය මෙන්ම අග්රාමාත්යවරයා දරන ලද සෙසු අමාත්යංශවලින්ද පෞද්ගලික කාර්ය මණ්ඩලය ඉවත් වීමට කටයුතු කරමින් සිටින බවය.