බලන්න අවුරුද්දේ මාස 12ම ගැහැණු උදවියටනේ මුල් තැන....
හී...හී...කොච්චර හොදද.....

බලන්න අවුරුද්දේ මාස 12ම ගැහැණු උදවියටනේ මුල් තැන....
හී...හී...කොච්චර හොදද.....
පෙබරවාරි
Some one Like You සහ Twenty one ගීත ඇල්බමය සමග ඇඩිලේ වසරේ වඩාත්ම කතාබහට ලක්වූ ගායිකාව වන්නට සමත් වුණා. එපමණක් නොව Some one Like You ගීතය රටවල් 18 ක Top Chart වල අංක එක ස්ථානයේ රඳවන්නටත් Twenty one ගීත ඇල්බම අතරින් ඉහළ ස්ථානයක රඳවන්නටත් ඇයට හැකි වුණා.ඒවා ආදායම් අතින් වඩාත් සාර්ථක වූවා.2011 ග්‍රැමී සම්මාන 6 ක් සඳහා ඇය යෝජනා වීම විශේෂත්වයක්.
![]()
![]()
වසරක අවසානය කැලැන්ඩරයේ අවසන් කොළය කැඩී යාමත් සමග සටහන් වන්නක්.ගෙවී ගිය වසර පුරා විවිධාකාරයේ සැමරුම් දින තිබිය හැකියි.2011 වසර ගෙවී ගියේ ද එවැනි සමරු සටහන් සහ ඵෙතිහාසික සිදුවීම් රැසක් ද සටහන් කිරීමෙන් පසුවයි.එම වසරේ මාස 12 තුළ වඩාත් අවධානයට ලක්වූ කාන්තාවන් දොළොස්දෙනෙකු සිටියා.ලෝක ජනමාධ්‍ය වාර්තා කළ ඔවුන්ගේ පුවත්වල සංක්ෂිප්තයක් මේ.
ජනවාරි
2011 වසරේ ජනවාරි මාසයේ ඇමරිකානු ක්‍රොන්ග්‍රස් සාමාජිකා ගාබ්‍රියෙල් ගිෆෝර්ඩ්ස් ගේ හිස පසාරුකරගෙන යන්නට තුවක්කුකරුවෙකු විසින් මරණීය ප්‍රහාර එල්ල කළා.මොළය ඉතා අසීරු ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව ඇය අගෝස්තු මාසය වනවිට සම්පූර්ණ සුවය ලැබුවා.ඇය ඇමරිකානු ණය සීමා සම්බන්ධ විවාදයකට එක්වෙමින් අත්පොළසන් මධ්‍යයේ පවසා තිබුණේ තමන්ට සුවය ලැබීම ලෙහෙසි නොවූ බවයි.
![]()
![]()
නොවැම්බර්.
වර්ජනියා ප්‍රාන්තයේ වෙසෙන ඇමරිකානු නාවික නිලධාරිනියක වන කෝප්‍රල් කෙල්සි ද සැන්ටිස්ගේ සිහිනයක් පසුගිය නොවැම්බරයේදි සැබෑ වුණා.ඒ ජනප්‍රිය නළුවෙකු සහ ගායකයෙකු වන ජස්ටින් ටිම්බර්ලේක් ඇගේ ඉල්ලීමක් ඉටු කරමින් ඇයත් සමග වාර්ෂික නැටුම් උත්සවයකට සහභාගි වීමත් සමගයි.එවන් සුපිරි තරුවක් සමග සැන්දෑවක් ගත කිරීමට ලැබීම සුන්දර අත්දැකීමක් වූ බවත් ඇය මාධ්‍ය හමුවේ පැවසුවා.එය තමන්ට කිසිදා අමතක නොවන බව පවසන්නටත් ඇය අමතක කළේ නැහැ.
![]()
![]()
බලන්න අවුරුද්දේ මාස 12ම ගැහැණු උදවියටනේ මුල් තැන....
හී...හී...කොච්චර හොදද.....
