ගීතකලාව විනාශයට ගෙන යන 'අඬන සින්දු'
රසඥතාවය අතින් පහළ මට්ටමක සිටින බොහෝ තරුණ තරුණියෝ හුරු ව සිටිනේ වර්තමානයේ බිහිවන 'බස් සින්දු' නැත්නම් 'මල් සින්දු' ඇසීමට ය. වර්තමානයේ බිහිවන ගීතවල ගුණාත්මභාවය අඩු බව අමුතුවෙන් සඳහන් කළ යුතු කාරණයක් නොවේ. ඒවා ඒ තරමටම පහත් මට්ටමක පවතින බවට කදිම නිදර්ශන පමණටත් වඩා ඉදිරිපත් කිරීමට ද හැකි බැවිණි.
එම ගීතවල රසඥතාවය කෙබඳු වුවත් බොහෝ දෙනෙක් නිරන්තරයෙන් සවන් දෙන්නේ මේ එකකට එකක් සමාන ව බිහිවන ගීතවලටමවීම විශේෂත්වයකි. ඒ සඳහා ද එක් ප්‍රභල හේතු කාරකයක් ලෙස වත්මන් ගුවන්විදුලි මාධ්‍ය පෙන්වා දිය හැකි ය. මන්ද ගීත ඇසීමට වඩා ඇස්සවීමට ඔවුන් කටයුතු කරයි. සිතා බලන්න, ඔබ දිනපතා බස් රියෙන් රාජකාරී සඳහා ගමන් කරන්නෙකු විය හැකි ය. දුර පළාතක අමතර පන්තියකට ගමන් කරන්නෙකු විය හැකි ය. එසේත් නොමැති නම් කුමක් හෝ අවශ්‍යතාවයකට යම් ගමනක් බසයෙන් ගමන් කරනවා විය හැකි ය. එහි දී ගුවන්විදුලියට සවන්දෙන්නේ ඔබේ අවශ්‍යතාවයට නොවන බව පැහැදිලි ය.
බොහෝ ගීත දෙස අවධානය යොමු කිරීමේ දී දක්නට ලැබෙන්නේ සියළු ගීත එක ම ආකාරයකින් නිර්මාණය වූවා බව ය. බොහෝ ගීතවල අනන්‍යතාවය දෙස බැලීමේ දී ඒ සඳහා අත්ව තිබෙන ඉරණම පවතින්නේ ද ඉතා පහත් මට්ටමක ය. බොහෝ විට ඒවා ඉන්දියාවේ සංගීතයට අනුව නිර්මාණය වූ ගීත ය. ගීත 10 ක් ගත් විට ඉන් ගීත 06 ක් හෝ 07 ක් වෙනත් අභාෂයකට අනුව නිර්මාණය වූ ඒවා ය. එහෙයින් ඒවායේ ගුණ සම්බන්ධයෙන් කතා කිරීමට යමක් නොමැත.
music video සම්බන්ධයෙන් ද ඇත්තේ පහත් පෙළේ පිළිගැනීමකි. ඒ අන් කවරක් නිසා හෝ නොවේ. බොහෝ විට තරුණ පරපුර හාස්‍යට ලක් කිරීමට උත්සාහ කරන බවක් ඒවායෙන් පෙන්නුම් කරන බැවිණි. බොහෝ විට තරුණිය හැර යාමෙන් අනතුරු ව තරුණයා ඉකි ගසා හඬන video අන්නත ය, අප්‍රමාණ ය. එවන් සමාජ සංස්කෘතියක් අපේ ඉතිහාසය තුළ හෝ අප දැක නොමැත.
බොහෝ විට පෙම්වතා හෝ පෙම්වතිය හැර යාම වටා ගෙතුණු කතාවක් බොහෝ videoවල දැක්වෙයි. නො එසේ නම් විවාහයෙන් අනතුරු ව දරුවා සමග තනිවන පියා සම්බන්ධයෙන් වීඩියෝ නිර්මාණයවීම අතිශය බහුල ය. එසේ ම දෙදෙනා නොසෑහෙන්න ආදරය කිරීමෙන් අනතුරු ව පෙම්වතාගේ හොඳ ම යාළුවා සමග තම පෙම්වතිය විවාහවීමේ කතාවක් වටා music videoවල බොහෝ දැක ගත හැකි වෙයි. අනතුරු ව ඔවුන් නැවත හමුවන අවස්ථා මෙම music videoවලට අන්තර්ගත කර තිබේ.
මේ තරමටම ඇයි තරුණ තරුණියෝ පහත් කොට සළක්න්නේ. සත්‍ය වශයෙන්ම ඔවුන් මෙතරම් බොළඳ නොවේ. එහෙත් මෙවැනි නිර්මාණ කරළියට පැමිණීමත් සමග මෙවැනි බොළඳ පෙම්වතුන් දැක ගත හැකි වෙයි. එය මුළුමහත් සමාජයටම කෙරෙන නොමනා ක්‍රියාවකි. විවිධත්වයෙන් යුත් නිර්මාණ බිහි නොවන තරම් ය. එක් ගායකයෙක් මව හෝ පියා සම්බන්ධයෙන් ගීතයක් ගැයුවහොත් ඔහු අනුකරණය කිරීමට ගොස් බොහෝ දෙනෙක් එක හා සමාන ගීත බිහි කරයි. එක ගායකයෙකුගේ ගීත දෙස අවධානය යොමු කිරීමේ දී ඔහුගේ එදා දෙමා තුර බිහි වූ සියළු ගීතවල කුමන හෝ සමානකමක් දැකගත හැකි වෙයි. එසේ ම ගායකයා වීඩියෝව අතරතුර හැකි උපරිම දස්කම් පෙන්වමින් වීඩියෝවට මුහුණ පෙන්වීමේ ප්‍රවණතාවක් වත්මන් videoවල දක්නට ලැබෙන ඉතා හාස්‍යාත්මක සුලභ සිදුවීමකි.
බොහෝ අවස්ථාවල ගායකයින් ලෙස වර්මාන සමාජයේ ඉදිරියෙන් සිටින්නේ මෙම star වැඩසටහන් තුළින් කරළියට පැමිණ එක රැයකින් තරු වූ පිරිස් ය. එක් අතකින් ගුණාත්මයෙන් පහළ මට්ටමේ ගීත බිහිවන්නේ ඔවුන් නිසාවෙන් ද විය හැකි ය. මන්ද ඔවුන් මාධ්‍ය තුළින් උස්සා පුම්බා තැබීම වැඩි වශයෙන් සිදු කිරීම මීට එක් හේතුවකි. ඔවුන්ට ද අවශ්‍යවන්නේ ජනප්‍රියත්වය පමණි. එහි දි ඔවුන් ඉක්මනින් ගීතයක් නිරමාණය කිරීමට උත්සුක වෙයි. ඊටත් වඩා ඉක්මනින් music videoවක් නිර්මාණය කිරීමට කටයුතු කරයි.
දක්ෂයින් බිහි කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් මෙම ස්ටාර් වැඩසටහන්වලට අවශ්‍යතාවයක් නොමැත. මන්ද ඔවුන්ට අවශ්‍ය ව ඇත්තේ අදාල වැඩසටහනේ සහ ඔවුන්ගේ නාලිකාවේ ජනප්‍රියත්වය පමණි. එය එසේ නොවේ නම් මෙලෙස තරු තෝරන වැඩසටහන් මෙපමණ බිහිවීමේ ප්‍රවණතාවක් ඇති නොවෙයි. අද වනවිට බිහි වූ තරු දෙස අවධානය යොමු කිරීමේ දී මාධ්‍ය ආයතන සඳහන් කරන අන්දමේ දක්ෂතාවයෙන් පිරි පරපුරක් බිහි කිරීමේ අවශතාවයක් ඔවුන්ට නොමැති බවක් මනා ලෙස පෙනී යයි. සත්‍ය වශයෙන් ම ඔවුන් එක් රැයකින් බිහි වී එක් රැයකින් ම බැස ගිය තරු බවට පත් වී හමාර ය. එය එසේ නොවේ නම් මේ වනතෙක් තරු ලෙස බිහි වූ කලාකරුවන් විසින් කලා ක්ෂේත්රයට පවතින්න යමක් කළ යුතු ය.
බොහෝ විට ගීතයේ අදහසට කිසි සේත් ම නොගැළපෙන වීඩියෝවක් බිහි වෙයි. අද බිහිවන බොහෝ ගීත අතරින් ගීතය අර්ථවත් වුව ද ඒ සඳහා අදාල මියුසික් වීඩියෝව නොගැළපෙනවා විය හැකි ය. නොඑසේ නම්, මියුසික් වීඩයෝව ගැළපුන ද අදාල ගීතය ඒ සඳහා නොගැළපිය හැකි ය.
අඬන සින්දු ගායනා කිරීම අතින් නව පරපුරේ ගායකයින් කිහිපි දෙකෙන්ම ඉදිරියෙන්ම සිටී. ඒ බව facebook, youtube වැනි සමාජ ජාල වෙබ් අඩවි පරිහරණය කරන තරුණ පරපුරට අමුතුවෙන් කිව යුත්තක් නොවේ. වර්තමානයේ බිහි වී තිබෙන බොහෝ ගීත අකමැත්තෙන් වුව ද අඬන සින්දු ගණයට වර්ග කළ යුතු ය.
කෙසේ වුව ද ඉන් සිදුවන්නේ කාලාවේ පරිහානියයි. ගීත කලාව, ගායක ගායිකාවන් යනු කලා ක්ෂේත්‍රෙය් ඉහළින් සිටින පිරිසක් වුව ද මේ වනවිට වර්තමානයේ බිහිවන බොහෝ නිර්මාණ තුළින් කලා ක්ෂේතය අගාධයකට යන බවක් පෙනෙයි. එක ගීතයක් ගායනා කර ඒ සඳහා කුමක් හෝ මියුසික් විඩියෝවක් කළ පමණින් ගීතයක්, ගායකයන් බිහි නොවෙයි. එහෙත් මේ වනවිට සිදු වෙමින් පවතින්නේ ද එයයි. බොහෝ විට ඒ සියළු දේ මුදල් මත පදනම් වී සිදුවන්නකි.
මීට බොහෝ කාලයකට පෙර හොඳ යැයි සම්මත ගීත බිහි කළ නිර්මාණකරුවන් ද මෙම ගීත රැල්ලට හසු වී ඇත. ඔවුන් විසින් වර්තමානයේ හොඳ ගීත බිහි කළ ද ඒ සඳහා මියුසික් වීඩියෝවක් නිර්මාණය කිරීම තුළින් එහි ගුණාත්මභාවය හානි කරගත් ස්වරූපයක් දැකගත හැකි වෙයි.
ඒසේවීමට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස music video සඳහා නිරූපිකාවක් තෝරා ගැනීම පෙන්වා දිය හැකි ය. එක් ගීතයක් සාර්ථක ලෙස බිහි වූ විට එහි සිටින නිරූපිකව ම වෙනත් ගීතයක් සඳහා දායක කර ගැනීමේ බොහෝ සෙයින් දක්නට ලැබෙන්නකි. එය එම ගීතවල අසාර්ථකත්වට එක් හේතුවක් විය හැකි ය. මේ කියනා කාරණා පිළිබඳ පාඨක ඔබගේ සිතේ ඊට විරුද්ධ මතයක් දරන්නේ නම් sinhala new songs යනුවෙන් search කිරීමෙන් ලැබෙන ගීත 10 ක් දෙස අවධානය යොමු කරන්න. මෙකී කාරණා කොතෙක් සත්‍යක් ද යන්න එහි දි ඔබට ම වටහාගත හැකි ය. එමෙන්ම sinhala old song යනුවෙන් search කර ඒවාට සවන් දී පැරණි ගීත සමගින් වත්මන් ගීත සංසන්ධනය කර බැලීමෙන් එහි නියම වෙනස ඔබට ම වටහාගත හැකි ය.
දිනේෂිකා එදිරිසිංහ