ගීතයක තේරුම ?

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සඳකඩපහණක කැටයම් ඔපලා

    සඳකඩපහණක කැටයම් ඔපලා

    හැත්තෑව දශකයේ මුල් භාගයේ සිට මෙරට රසික සවන් පත් සනහාලන "සඳකඩපහණක කැටයම් ඔපලා" ගීතය සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අධ්‍යක්ෂණය කළ 'මාතර ආච්චි' චිත්‍රපටයෙන් මෙරට සුවහසක් රසිකයන්ට පිදුණු මහඟු තිළිණයකි. සැබවින්ම මෙම ගීතය සිවු කුළුඳුල් ගීතයක් ලෙස නම් කළ හැක්කේ වොලී නානායක්කාරයන්ගේ පළමු ගීත රචනය වීමත් වික්ටර් රත්නායකයන්ගේ පළමු සංගීත අධ්‍යක්ෂණය වීමත් සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය වීමත් හැරුණු විට ප්‍රතිභා පූර්ණ ගායක සුනිල් එදිරිසිංහයන්ගේ ගායන ප්‍රවේශයත් මෙම ගීතය ඇසුරෙන් සිදුවීම නිසාය.

    ගීත කලාව පිළිබඳව උනන්දුවක් ඇති වූ අවධියේ සිටම මේ ගීතයේ අරුත් පාදා ගැනීමට මා කළ උත්සාහය සඵල වූයේ දිගු කලකට පසුවය. මා මේ පිළිබඳව මට වඩා දැන උගත් විවිධ පුද්ගලයන්ගෙන් විමසන ලදුව පිළිතුරු ලෙස ලැබුණු විවිධ අර්ථ කථනයන් එකිනෙකට පටහැනි විය. කිසියම් නිර්මාණයක රසය තම තමන් රිසි පරිදි හෝ තම තමන් සතු පරිකල්පන ශක්තිය මත කෙනෙකුට තීරණය කළ හැකි වුව ද එකී අරුත් දැක්වීම් පිළිබඳව සෑහීමකට පත් නොවීමි. විවිධ පුද්ගලයන් මෙය අරුත් සුන් පද රචනයක් ලෙස බැහැර කරන්නට දැරූ උත්සාහයන් ද වරින් වර දැකගත හැකි විය. එහෙත් පසු කලෙක චිත්‍රපටය නැරැඹූ පසු, මඳක් සංකීර්ණ වුව ද, 'සඳකඩපහණක' ගීතය, චිත්‍රපටයෙහි අන්තර්ගතය හා මනා ලෙස ආබද්ධ වූ පරිපූර්ණ 'අරුත් පුන්' ගේය පද රචනයක් බව අපට පිළිගත හැකි විය. මාතර ආච්චි චිත්‍රපටය දිගු කලක් අස්ථාන ගතව තිබීම ද මෙම ගීයෙහි අරුත සපුරා වටහා ගැනීමට කිසියම් බාධාවක්ව පවතින්නට ඇතැයි සිතිය හැකිය.

    මෙම චිත්‍රපටයට තේමා වන්නේ පෙම් පුවතකි. තරුණයා වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වූ පසු වෙනත් තරුණයෙකු හා විවාහ වන ලෙස තරුණියට ඇගේ පවුලෙන් දැඩි බලපෑමක් එල්ල වෙයි. තරුණියට ද අකමැත්තෙන් වුව ද එයට එකඟ වන්නට සිදුවෙයි. කලකට පසු ලංකාවට එන තරුණයාගේ සිතේ ඇය කෙරෙහි එතෙකුදු දැල්වෙන ඇල්ම සහ පවතින විරහ වේදනාව මේ ගීයට කැටිවෙයි.

    සඳකඩපහණක කැටයම් ඔපලා
    පාවෙන දේදුනු ලැගුම් ගනී
    කැළැතුණු රසයක පැන ආ බුබුළක්
    අකුරු වැලක් දෙහදක ලියැවේ

    සඳකඩපහණක කැටයම් සේම ස්ථීර යයි පෙම්වතා සිතූ ප්‍රේමය අද පාවෙන දේදුන්නක් තරමටම වෙනස් වන සිතුවිල්ලක් පමණකි. එදා ප්‍රේමය නිසා හදවතෙහි ඇතිවූ කැලතීමෙන් හටගත් ආදරය නැමැති අකුරු වැල අද දිය බුබුළක් වන් අස්ථීර තත්වයකට පත් වී ඇත. එහි පැවැත්මක් නැත.

    යුගයෙන් යුගයට නොමියෙන දහමක
    දිවියක පදනම මතුවෙද්දී
    නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
    සියුමැලි කැකූළක් මැළවෙද්දී

    ප්‍රේමයෙන් බැඳුණු කාල පරිච්ඡේදය එක්තරා යුගයක් නම් ප්‍රේමය මුහුකුරා ගොස් විවාහයට එළැඹීම යනු තවත් යුගයකි. එසේ දෙදෙනා එක්වීමේ කාලය එළැඹෙත්ම නොසිතූ විරූ ලෙස ඔවුන්ට වියෝ වන්නට සිදුවිය.

    එය, සංසාරගත බැඳීමක් තරමටම තහවුරුවී පැවතියා යැයි සිතූ ආදරය, පිපෙන්නට පෙර කැකූළු අවධියේදීම මැළවී යාමක් බඳුය. ඒ පිළිබඳ තැකීමක් හෝ නොමැතිව පෙම්වතිය වෙන තරුණයෙකුට විවාහ කර දී පෙම්වතා වෙතින් ඈත් කරනු ලැබ ඇත.

    දහසක් පෙති මත රහසක් කොඳුරා
    තුඩින් තුඩට ගෙන යන බිංදු
    ගව්වක් ඉහළක ගොනුකොට රඳවා
    පොපියන දෙතොළක් එහි කැන්දූ

    අහසක් ගුගුරා කළුවක් වපුරා
    ඒ හා මුහුවන වැහි බිංදු
    ඈ ගෙන යද්දී නටබුන් අතරෙක
    තවෙකෙක් ඈ වෙත හද රැන්දූ

    මී මැස්සා මලින් මලට ගොස් සුවහසක් පෙති මත දැවටෙමින් එකතු කර ගන්නා මල් පැණි තුඩින් තුඩ එක් කරමින් වදය වෙත ගෙන යයි. එසේ වෙහෙස ගෙන එක්රැස් කළ පැණි තැන්පත් කරමින් වදය බඳින්නේ ගවුවක් පමණ ඉහළ ස්ථානයකය. ප්‍රේමවන්තයා ද එසේ සිය ප්‍රේමයේ මල්ඵල දකිනු පිණිය එයට අදාල වන සම්පත් එක්රැස් කරයි. ඒවාට ලොබ බඳියි.

    කළුවක් වපුරා අසහක් ගුගුරා යාම අමිහිරි අත්දැකීමකි. වහින වැස්ස මී පැණිවල තත්වය බාල කරයි. එලෙසින් ඔවුන්ගේ ප්‍රේමයට බාධා මතුවෙයි. පෙම්වතාගේ අතීත ප්‍රේම ලෝකය නටබුන් වී අවසාන ය. ඒ වන විට ඔවුන්ගේ ලෝකයට පිවිසෙන අනෙකෙකු ඇය වෙත හදවත විවර කර ඇත.

    හද විල ඉපැදුණු කැකුළක් නොකලට
    නටුවෙන් ගලවා දුරක යවා
    මිහිලිය තෙත්කොට ගිලිහුණු කඳුළක්
    සත් සමුදුරකට මුහුව ගියා

    ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
    එක්ටැම් මැඳුරක කවුළු අරා
    රුවන් විමානෙන් පියඹා එනතුරු
    පොපියන හදවත සිටියි බලා

    ප්‍රේමය නමැති මල් කැකුළ ගසෙහි මෝදු වී කල් බලා පිපෙන්නට පෙර නටුවෙන් ගලවා, ඉන් නොනැවතී දුරක යවා ඇත. මේ නම් මිහිකත පවා නුහුලන වියෝ දුකකි. ඒ වෙනුවෙන් ගිලිහුණු කඳුළ සමුදුර කරා ඇදී යයි. ඒ කඳුළු සත් සමුදුරෙහි සැඟව ගිය කල එය වෙන් කර හඳුනාගන්නට කෙනෙකු නැති සේම පෙම්වතාගේ වේදනාව හඳුනාගන්නා අයෙකු ද නැත. පෙම්වතිය වෙනුවෙන් වැළපෙන පෙම්වතාගේ හදවත එක්ටැම් මැඳුරක් බඳුය. එහි බලාපොරොත්තු නමැති කවුළු පියන් පත් විවර කොට ඇත. ඇය වෙසෙන ලොව රුවන් විමානයක් විය යුතු යයි ඇගේ යහපතම පතන ඔහු සිතයි. ප්‍රේමවන්තයාගේ පොපියන හදවත ඇය වසන රුවන් විමානයෙන් මිදී පියඹා එන තුරු බලා සිටියි.

    මේ අනුව 'සඳකඩපහණක' ගීතය අරුත් සුන් ගීයක් නොව 'අරුත් පුන්' ගීයක් වන්නා සේම එය දුලබ ගේය පද රචනයක් ද බව අපේ හැඟීමයි. එය වදනින් වදන සීරුවෙන් අමුණමින් කැටයම් කළ පිරිපුන් සඳකඩපහණකි.
     
    lak3a1

    Member
    Nov 15, 2011
    86
    4
    0

    :yes::yes::yes::yes::yes::yes:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0

    හොඳ තේරුමක් තියෙන සිංදු අරගෙන ඒවයෙ අදහස ගැන කතා කරන්න කියලයි මේ ත්‍රෙඩ් එකේ තියෙන්නෙ

    නැතුව **ජ් ගෙ ගංජා සිංදු අරන් ඒව පුංචි ලමයින්ට පාට මතක තියාගන්න හදපු මොන්ටිසෝරි සිංදු කියල ඇඟ බේරගන්න නෙවෙයි :D

    ඒක දැක්කා,:rofl: ඒත් ඇත්තෙන්ම මේ සිංදුවේ හරය මොකක්ද කියලා දැන ගන්න ඕනාවෙලා තිබ්බා!! :confused:

    එතකොට මේ සිංදුවෙ තේරැමක් නැතිද? :rolleyes:
     
    ahpsampath

    Active member
  • Jun 6, 2007
    587
    51
    28
    oTHER sIDE oF tHE hELL
    ගහක මල් පිපිලා - කරුණාරත්න දිවුල්ගනේ

    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...

    කතරෙ වැලි කැට හිරුට පෙම්බැද ඇතත් ලෝ දහමින්
    සොදුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පණමෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
    ඒ වගෙයි මනරම්
    කරනුබැරි තහනම්

    සදට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම්
    හිරුටපෙම් බැදි එකද තරුවක් සිටිය නොහැකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්රෙමය
    ඒ වගේ මනරම්
    පුදුමවෙයි නුඹ නම්

    කොච්චරවත් අහලා තිබුනට නියම තේරුම දැන ගත්තේ මැතකදී :lol:

    hodata beluwama artaya terum ganna puluwan.
    me jathiye 1kai mama hitanne lanakawema tiyenne.

    :yes:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    සඳකඩපහණක කැටයම් ඔපලා

    හැත්තෑව දශකයේ මුල් භාගයේ සිට මෙරට රසික සවන් පත් සනහාලන "සඳකඩපහණක කැටයම් ඔපලා" ගීතය සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අධ්‍යක්ෂණය කළ 'මාතර ආච්චි' චිත්‍රපටයෙන් මෙරට සුවහසක් රසිකයන්ට පිදුණු මහඟු තිළිණයකි. සැබවින්ම මෙම ගීතය සිවු කුළුඳුල් ගීතයක් ලෙස නම් කළ හැක්කේ වොලී නානායක්කාරයන්ගේ පළමු ගීත රචනය වීමත් වික්ටර් රත්නායකයන්ගේ පළමු සංගීත අධ්‍යක්ෂණය වීමත් සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය වීමත් හැරුණු විට ප්‍රතිභා පූර්ණ ගායක සුනිල් එදිරිසිංහයන්ගේ ගායන ප්‍රවේශයත් මෙම ගීතය ඇසුරෙන් සිදුවීම නිසාය.

    ගීත කලාව පිළිබඳව උනන්දුවක් ඇති වූ අවධියේ සිටම මේ ගීතයේ අරුත් පාදා ගැනීමට මා කළ උත්සාහය සඵල වූයේ දිගු කලකට පසුවය. මා මේ පිළිබඳව මට වඩා දැන උගත් විවිධ පුද්ගලයන්ගෙන් විමසන ලදුව පිළිතුරු ලෙස ලැබුණු විවිධ අර්ථ කථනයන් එකිනෙකට පටහැනි විය. කිසියම් නිර්මාණයක රසය තම තමන් රිසි පරිදි හෝ තම තමන් සතු පරිකල්පන ශක්තිය මත කෙනෙකුට තීරණය කළ හැකි වුව ද එකී අරුත් දැක්වීම් පිළිබඳව සෑහීමකට පත් නොවීමි. විවිධ පුද්ගලයන් මෙය අරුත් සුන් පද රචනයක් ලෙස බැහැර කරන්නට දැරූ උත්සාහයන් ද වරින් වර දැකගත හැකි විය. එහෙත් පසු කලෙක චිත්‍රපටය නැරැඹූ පසු, මඳක් සංකීර්ණ වුව ද, 'සඳකඩපහණක' ගීතය, චිත්‍රපටයෙහි අන්තර්ගතය හා මනා ලෙස ආබද්ධ වූ පරිපූර්ණ 'අරුත් පුන්' ගේය පද රචනයක් බව අපට පිළිගත හැකි විය. මාතර ආච්චි චිත්‍රපටය දිගු කලක් අස්ථාන ගතව තිබීම ද මෙම ගීයෙහි අරුත සපුරා වටහා ගැනීමට කිසියම් බාධාවක්ව පවතින්නට ඇතැයි සිතිය හැකිය.

    මෙම චිත්‍රපටයට තේමා වන්නේ පෙම් පුවතකි. තරුණයා වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වූ පසු වෙනත් තරුණයෙකු හා විවාහ වන ලෙස තරුණියට ඇගේ පවුලෙන් දැඩි බලපෑමක් එල්ල වෙයි. තරුණියට ද අකමැත්තෙන් වුව ද එයට එකඟ වන්නට සිදුවෙයි. කලකට පසු ලංකාවට එන තරුණයාගේ සිතේ ඇය කෙරෙහි එතෙකුදු දැල්වෙන ඇල්ම සහ පවතින විරහ වේදනාව මේ ගීයට කැටිවෙයි.

    සඳකඩපහණක කැටයම් ඔපලා
    පාවෙන දේදුනු ලැගුම් ගනී
    කැළැතුණු රසයක පැන ආ බුබුළක්
    අකුරු වැලක් දෙහදක ලියැවේ

    සඳකඩපහණක කැටයම් සේම ස්ථීර යයි පෙම්වතා සිතූ ප්‍රේමය අද පාවෙන දේදුන්නක් තරමටම වෙනස් වන සිතුවිල්ලක් පමණකි. එදා ප්‍රේමය නිසා හදවතෙහි ඇතිවූ කැලතීමෙන් හටගත් ආදරය නැමැති අකුරු වැල අද දිය බුබුළක් වන් අස්ථීර තත්වයකට පත් වී ඇත. එහි පැවැත්මක් නැත.

    යුගයෙන් යුගයට නොමියෙන දහමක
    දිවියක පදනම මතුවෙද්දී
    නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
    සියුමැලි කැකූළක් මැළවෙද්දී

    ප්‍රේමයෙන් බැඳුණු කාල පරිච්ඡේදය එක්තරා යුගයක් නම් ප්‍රේමය මුහුකුරා ගොස් විවාහයට එළැඹීම යනු තවත් යුගයකි. එසේ දෙදෙනා එක්වීමේ කාලය එළැඹෙත්ම නොසිතූ විරූ ලෙස ඔවුන්ට වියෝ වන්නට සිදුවිය.

    එය, සංසාරගත බැඳීමක් තරමටම තහවුරුවී පැවතියා යැයි සිතූ ආදරය, පිපෙන්නට පෙර කැකූළු අවධියේදීම මැළවී යාමක් බඳුය. ඒ පිළිබඳ තැකීමක් හෝ නොමැතිව පෙම්වතිය වෙන තරුණයෙකුට විවාහ කර දී පෙම්වතා වෙතින් ඈත් කරනු ලැබ ඇත.

    දහසක් පෙති මත රහසක් කොඳුරා
    තුඩින් තුඩට ගෙන යන බිංදු
    ගව්වක් ඉහළක ගොනුකොට රඳවා
    පොපියන දෙතොළක් එහි කැන්දූ

    අහසක් ගුගුරා කළුවක් වපුරා
    ඒ හා මුහුවන වැහි බිංදු
    ඈ ගෙන යද්දී නටබුන් අතරෙක
    තවෙකෙක් ඈ වෙත හද රැන්දූ

    මී මැස්සා මලින් මලට ගොස් සුවහසක් පෙති මත දැවටෙමින් එකතු කර ගන්නා මල් පැණි තුඩින් තුඩ එක් කරමින් වදය වෙත ගෙන යයි. එසේ වෙහෙස ගෙන එක්රැස් කළ පැණි තැන්පත් කරමින් වදය බඳින්නේ ගවුවක් පමණ ඉහළ ස්ථානයකය. ප්‍රේමවන්තයා ද එසේ සිය ප්‍රේමයේ මල්ඵල දකිනු පිණිය එයට අදාල වන සම්පත් එක්රැස් කරයි. ඒවාට ලොබ බඳියි.

    කළුවක් වපුරා අසහක් ගුගුරා යාම අමිහිරි අත්දැකීමකි. වහින වැස්ස මී පැණිවල තත්වය බාල කරයි. එලෙසින් ඔවුන්ගේ ප්‍රේමයට බාධා මතුවෙයි. පෙම්වතාගේ අතීත ප්‍රේම ලෝකය නටබුන් වී අවසාන ය. ඒ වන විට ඔවුන්ගේ ලෝකයට පිවිසෙන අනෙකෙකු ඇය වෙත හදවත විවර කර ඇත.

    හද විල ඉපැදුණු කැකුළක් නොකලට
    නටුවෙන් ගලවා දුරක යවා
    මිහිලිය තෙත්කොට ගිලිහුණු කඳුළක්
    සත් සමුදුරකට මුහුව ගියා

    ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
    එක්ටැම් මැඳුරක කවුළු අරා
    රුවන් විමානෙන් පියඹා එනතුරු
    පොපියන හදවත සිටියි බලා

    ප්‍රේමය නමැති මල් කැකුළ ගසෙහි මෝදු වී කල් බලා පිපෙන්නට පෙර නටුවෙන් ගලවා, ඉන් නොනැවතී දුරක යවා ඇත. මේ නම් මිහිකත පවා නුහුලන වියෝ දුකකි. ඒ වෙනුවෙන් ගිලිහුණු කඳුළ සමුදුර කරා ඇදී යයි. ඒ කඳුළු සත් සමුදුරෙහි සැඟව ගිය කල එය වෙන් කර හඳුනාගන්නට කෙනෙකු නැති සේම පෙම්වතාගේ වේදනාව හඳුනාගන්නා අයෙකු ද නැත. පෙම්වතිය වෙනුවෙන් වැළපෙන පෙම්වතාගේ හදවත එක්ටැම් මැඳුරක් බඳුය. එහි බලාපොරොත්තු නමැති කවුළු පියන් පත් විවර කොට ඇත. ඇය වෙසෙන ලොව රුවන් විමානයක් විය යුතු යයි ඇගේ යහපතම පතන ඔහු සිතයි. ප්‍රේමවන්තයාගේ පොපියන හදවත ඇය වසන රුවන් විමානයෙන් මිදී පියඹා එන තුරු බලා සිටියි.

    මේ අනුව 'සඳකඩපහණක' ගීතය අරුත් සුන් ගීයක් නොව 'අරුත් පුන්' ගීයක් වන්නා සේම එය දුලබ ගේය පද රචනයක් ද බව අපේ හැඟීමයි. එය වදනින් වදන සීරුවෙන් අමුණමින් කැටයම් කළ පිරිපුන් සඳකඩපහණකි.

    අද කාලෙ මේවගේ කලා නිර්මාණයක් කරන්න කෙනෙක් නැති එක හාරිම කනගාටුවක්
    :baffled:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒක දැක්කා,:rofl: ඒත් ඇත්තෙන්ම මේ සිංදුවේ හරය මොකක්ද කියලා දැන ගන්න ඕනාවෙලා තිබ්බා!! :confused:

    එතකොට මේ සිංදුවෙ තේරැමක් නැතිද? :rolleyes:

    මේ සිංදුවෙ තේරුමක් තියෙනවද කියන එකයි හරි ප්‍රශ්නෙ ;)

    -----------------------------------

    සෝමතිලක ජයමහ ගෙ සිංදු අදටත් මිනිස්සු අහනව දකින්නත් සතුටුයි :D
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මේ සිංදුවෙ තේරුමක් තියෙනවද කියන එකයි හරි ප්‍රශ්නෙ ;)

    -----------------------------------

    සෝමතිලක ජයමහ ගෙ සිංදු අදටත් මිනිස්සු අහනව දකින්නත් සතුටුයි :D

    මටත් හිතාගන්න අමාරැයි ඒක එනිසාමයි ඇහුවෙ. සමහරවිට යම් චිත්‍රපට ජවනිකාවක් හා සම්බන්ධවෙන පරිදි කල නිර්මාණයක් වෙන්නත් පුළුවන්. ගි නිර්මාණ රස විදින නෙයෙක් ක්‍රම මටනම් තියෙනවා, එනිසා විශේෂත්වයකින් තොරව ගොඩක් සංගීත නිර්මාණ වලට ඇහුන් කන් දෙනවා (නව යුගයේ වචන හරඹ පමණක් තියෙන ගිත හැර). කෙසේ වෙතත් මේ ගී තනුවට නම් හරි ආසයි.
     
    lak3a1

    Member
    Nov 15, 2011
    86
    4
    0
    [FONT=&quot]සෝබාව දේ - රෝඩ්නි වර්ණකුල[/FONT]

    [FONT=&quot]පද - ලූෂන් බුලත්සිංහල[/FONT]
    [FONT=&quot]සංගීතය - ගුණදාස කපුගේ[/FONT]

    [FONT=&quot]සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ[/FONT]
    [FONT=&quot]සුසුදු වළා කැරලි පළසකි මේ මග දිග ඇතිරූ[/FONT]
    [FONT=&quot]අහස සූරන මැදුරු[/FONT]
    [FONT=&quot]පාර දෙපැත්තේ සොඳුරු සල්පිල් වල දෙව්ලොව නැති සැප විකුණන්නේ[/FONT]
    [FONT=&quot]නුවරු රිසි රිසි දේ ගෙන මසුරන් තඹයට දෙන්නේ[/FONT]
    [FONT=&quot]නිබඳ සිත ලතැවෙන්නේ[/FONT]

    [FONT=&quot]සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ[/FONT]
    [FONT=&quot]සුසුදු වළා කැරලි පළසකි මේ මග දිග ඇතිරූ[/FONT]
    [FONT=&quot]අහස සූරන මැදුරු[/FONT]

    [FONT=&quot]ජේත්තූකාර ලියන් ගත විලවුන් මුහුණ සිඹින්නා[/FONT]
    [FONT=&quot]සාටක දූල එරන් නාරිලතා මල් පූදින්නා[/FONT]

    [FONT=&quot]දෑසින් අමතන බස් වැසුනු දොරක් විවර කරන්නේ[/FONT]
    [FONT=&quot]එළිපිට ඇත අවකෙලි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ[/FONT]

    [FONT=&quot]සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ[/FONT]
    [FONT=&quot]සුසුදු වළා කැරලි පළසකි මේ මග දිග ඇතිරූ[/FONT]
    [FONT=&quot]අහස සූරන මැදුරු[/FONT]

    [FONT=&quot]සැණකෙළි පුරා හඳේ නිකිණි අවන්හල් පිබිදෙන්නා[/FONT]
    [FONT=&quot]ඇසුවන් දුක් සින්දන ගී සින්දූ සවණ පිනන්නා[/FONT]

    [FONT=&quot]සත හට සෙත සලසා අතකින් මධුවිත පුරවන්නේ[/FONT]
    [FONT=&quot]සව්දිය පුරන ලඳක් රකුසු නෙතක් පාළු කපන්නේ[/FONT]

    [FONT=&quot]සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ[/FONT]
    [FONT=&quot]සුසුදු වළා කැරලි පළසකි මේ මග දිග ඇතිරූ[/FONT]
    [FONT=&quot]අහස සූරන මැදුරු[/FONT]
    [FONT=&quot]සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ[/FONT]
    [FONT=&quot]සුසුදු වළා කැරලි පළසකි මේ මග දිග ඇතිරූ[/FONT]
    [FONT=&quot]අහස සූරන මැදුරු[/FONT]

    [FONT=&quot]සෝබාව දේ[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]සමාජයේ සිදුවෙන upset :rolleyes: වැඩ ගන කියවෙන ගීතයක්:P. පුලුවන්නම් කවුරුහරි පැහැදිලි කරන්න... :yes:
    [/FONT]
     
    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    bol-wee-ahuru-wel-hulage-giyasema-w-d-amaradewa.jpg

    බොල් වී අහුරු, වෙල් හුළගේ පාවී ගියා සේ ඇය ඔහුගෙන් නොකියාම වෙන් වී ගියත් ඔහුගේ ආලය ගැන ඇය නොදනී ..අජන්තා රණසිංහ ගේ උසස්ම පද වැල් නිරමාණයක් ...
     
    Last edited:

    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    සඳකඩපහණක කැටයම් ඔපලා

    හැත්තෑව දශකයේ මුල් භාගයේ සිට මෙරට රසික සවන් පත් සනහාලන "සඳකඩපහණක කැටයම් ඔපලා" ගීතය සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අධ්‍යක්ෂණය කළ 'මාතර ආච්චි' චිත්‍රපටයෙන් මෙරට සුවහසක් රසිකයන්ට පිදුණු මහඟු තිළිණයකි. සැබවින්ම මෙම ගීතය සිවු කුළුඳුල් ගීතයක් ලෙස නම් කළ හැක්කේ වොලී නානායක්කාරයන්ගේ පළමු ගීත රචනය වීමත් වික්ටර් රත්නායකයන්ගේ පළමු සංගීත අධ්‍යක්ෂණය වීමත් සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය වීමත් හැරුණු විට ප්‍රතිභා පූර්ණ ගායක සුනිල් එදිරිසිංහයන්ගේ ගායන ප්‍රවේශයත් මෙම ගීතය ඇසුරෙන් සිදුවීම නිසාය.

    ගීත කලාව පිළිබඳව උනන්දුවක් ඇති වූ අවධියේ සිටම මේ ගීතයේ අරුත් පාදා ගැනීමට මා කළ උත්සාහය සඵල වූයේ දිගු කලකට පසුවය. මා මේ පිළිබඳව මට වඩා දැන උගත් විවිධ පුද්ගලයන්ගෙන් විමසන ලදුව පිළිතුරු ලෙස ලැබුණු විවිධ අර්ථ කථනයන් එකිනෙකට පටහැනි විය. කිසියම් නිර්මාණයක රසය තම තමන් රිසි පරිදි හෝ තම තමන් සතු පරිකල්පන ශක්තිය මත කෙනෙකුට තීරණය කළ හැකි වුව ද එකී අරුත් දැක්වීම් පිළිබඳව සෑහීමකට පත් නොවීමි. විවිධ පුද්ගලයන් මෙය අරුත් සුන් පද රචනයක් ලෙස බැහැර කරන්නට දැරූ උත්සාහයන් ද වරින් වර දැකගත හැකි විය. එහෙත් පසු කලෙක චිත්‍රපටය නැරැඹූ පසු, මඳක් සංකීර්ණ වුව ද, 'සඳකඩපහණක' ගීතය, චිත්‍රපටයෙහි අන්තර්ගතය හා මනා ලෙස ආබද්ධ වූ පරිපූර්ණ 'අරුත් පුන්' ගේය පද රචනයක් බව අපට පිළිගත හැකි විය. මාතර ආච්චි චිත්‍රපටය දිගු කලක් අස්ථාන ගතව තිබීම ද මෙම ගීයෙහි අරුත සපුරා වටහා ගැනීමට කිසියම් බාධාවක්ව පවතින්නට ඇතැයි සිතිය හැකිය.

    මෙම චිත්‍රපටයට තේමා වන්නේ පෙම් පුවතකි. තරුණයා වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වූ පසු වෙනත් තරුණයෙකු හා විවාහ වන ලෙස තරුණියට ඇගේ පවුලෙන් දැඩි බලපෑමක් එල්ල වෙයි. තරුණියට ද අකමැත්තෙන් වුව ද එයට එකඟ වන්නට සිදුවෙයි. කලකට පසු ලංකාවට එන තරුණයාගේ සිතේ ඇය කෙරෙහි එතෙකුදු දැල්වෙන ඇල්ම සහ පවතින විරහ වේදනාව මේ ගීයට කැටිවෙයි.

    සඳකඩපහණක කැටයම් ඔපලා
    පාවෙන දේදුනු ලැගුම් ගනී
    කැළැතුණු රසයක පැන ආ බුබුළක්
    අකුරු වැලක් දෙහදක ලියැවේ

    සඳකඩපහණක කැටයම් සේම ස්ථීර යයි පෙම්වතා සිතූ ප්‍රේමය අද පාවෙන දේදුන්නක් තරමටම වෙනස් වන සිතුවිල්ලක් පමණකි. එදා ප්‍රේමය නිසා හදවතෙහි ඇතිවූ කැලතීමෙන් හටගත් ආදරය නැමැති අකුරු වැල අද දිය බුබුළක් වන් අස්ථීර තත්වයකට පත් වී ඇත. එහි පැවැත්මක් නැත.

    යුගයෙන් යුගයට නොමියෙන දහමක
    දිවියක පදනම මතුවෙද්දී
    නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
    සියුමැලි කැකූළක් මැළවෙද්දී

    ප්‍රේමයෙන් බැඳුණු කාල පරිච්ඡේදය එක්තරා යුගයක් නම් ප්‍රේමය මුහුකුරා ගොස් විවාහයට එළැඹීම යනු තවත් යුගයකි. එසේ දෙදෙනා එක්වීමේ කාලය එළැඹෙත්ම නොසිතූ විරූ ලෙස ඔවුන්ට වියෝ වන්නට සිදුවිය.

    එය, සංසාරගත බැඳීමක් තරමටම තහවුරුවී පැවතියා යැයි සිතූ ආදරය, පිපෙන්නට පෙර කැකූළු අවධියේදීම මැළවී යාමක් බඳුය. ඒ පිළිබඳ තැකීමක් හෝ නොමැතිව පෙම්වතිය වෙන තරුණයෙකුට විවාහ කර දී පෙම්වතා වෙතින් ඈත් කරනු ලැබ ඇත.

    දහසක් පෙති මත රහසක් කොඳුරා
    තුඩින් තුඩට ගෙන යන බිංදු
    ගව්වක් ඉහළක ගොනුකොට රඳවා
    පොපියන දෙතොළක් එහි කැන්දූ

    අහසක් ගුගුරා කළුවක් වපුරා
    ඒ හා මුහුවන වැහි බිංදු
    ඈ ගෙන යද්දී නටබුන් අතරෙක
    තවෙකෙක් ඈ වෙත හද රැන්දූ

    මී මැස්සා මලින් මලට ගොස් සුවහසක් පෙති මත දැවටෙමින් එකතු කර ගන්නා මල් පැණි තුඩින් තුඩ එක් කරමින් වදය වෙත ගෙන යයි. එසේ වෙහෙස ගෙන එක්රැස් කළ පැණි තැන්පත් කරමින් වදය බඳින්නේ ගවුවක් පමණ ඉහළ ස්ථානයකය. ප්‍රේමවන්තයා ද එසේ සිය ප්‍රේමයේ මල්ඵල දකිනු පිණිය එයට අදාල වන සම්පත් එක්රැස් කරයි. ඒවාට ලොබ බඳියි.

    කළුවක් වපුරා අසහක් ගුගුරා යාම අමිහිරි අත්දැකීමකි. වහින වැස්ස මී පැණිවල තත්වය බාල කරයි. එලෙසින් ඔවුන්ගේ ප්‍රේමයට බාධා මතුවෙයි. පෙම්වතාගේ අතීත ප්‍රේම ලෝකය නටබුන් වී අවසාන ය. ඒ වන විට ඔවුන්ගේ ලෝකයට පිවිසෙන අනෙකෙකු ඇය වෙත හදවත විවර කර ඇත.

    හද විල ඉපැදුණු කැකුළක් නොකලට
    නටුවෙන් ගලවා දුරක යවා
    මිහිලිය තෙත්කොට ගිලිහුණු කඳුළක්
    සත් සමුදුරකට මුහුව ගියා

    ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
    එක්ටැම් මැඳුරක කවුළු අරා
    රුවන් විමානෙන් පියඹා එනතුරු
    පොපියන හදවත සිටියි බලා

    ප්‍රේමය නමැති මල් කැකුළ ගසෙහි මෝදු වී කල් බලා පිපෙන්නට පෙර නටුවෙන් ගලවා, ඉන් නොනැවතී දුරක යවා ඇත. මේ නම් මිහිකත පවා නුහුලන වියෝ දුකකි. ඒ වෙනුවෙන් ගිලිහුණු කඳුළ සමුදුර කරා ඇදී යයි. ඒ කඳුළු සත් සමුදුරෙහි සැඟව ගිය කල එය වෙන් කර හඳුනාගන්නට කෙනෙකු නැති සේම පෙම්වතාගේ වේදනාව හඳුනාගන්නා අයෙකු ද නැත. පෙම්වතිය වෙනුවෙන් වැළපෙන පෙම්වතාගේ හදවත එක්ටැම් මැඳුරක් බඳුය. එහි බලාපොරොත්තු නමැති කවුළු පියන් පත් විවර කොට ඇත. ඇය වෙසෙන ලොව රුවන් විමානයක් විය යුතු යයි ඇගේ යහපතම පතන ඔහු සිතයි. ප්‍රේමවන්තයාගේ පොපියන හදවත ඇය වසන රුවන් විමානයෙන් මිදී පියඹා එන තුරු බලා සිටියි.

    මේ අනුව 'සඳකඩපහණක' ගීතය අරුත් සුන් ගීයක් නොව 'අරුත් පුන්' ගීයක් වන්නා සේම එය දුලබ ගේය පද රචනයක් ද බව අපේ හැඟීමයි. එය වදනින් වදන සීරුවෙන් අමුණමින් කැටයම් කළ පිරිපුන් සඳකඩපහණකි.

    සඳකඩපහණක කැටයම් ඔපලා
    පාවෙන දේදුනු ලැගුම් ගනී

    සඳකඩපහණක කැටයම් සේම ස්ථීර යයි පෙම්වතා සිතූ ප්‍රේමය අද පාවෙන දේදුන්නක් තරමටම වෙනස් වන සිතුවිල්ලක් පමණකි?

    නැත ...පාවෙන දේදුනු සඳකඩපහණක කැටයම් ලෙස ලැගුම් ගනී .. අස්ථීර දෙයක් ..එනම් එම දෙදෙනාගේ ආදරය ... (පාවෙන දේදුනු) ස්ථීර ලෙස සිතීම (සඳකඩපහණක කැටයම් ලෙස ලැගුම් ගැනීම)
    මට මෙම ගීතයේ අර්ථය පිළිබද සැක මතුවේ....
     
    Last edited:

    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    129.jpg

    මේකත් නරක නෑ ...

    කෙටි කාලයකින් හමුවී
    මගේ ජීවිතයට පැමිණි
    ලස්සනම සිහීනයකි ඔයා

    --nice lyrics..
    she is loving some one who is belonging to some other..

    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මිහිරියි සුසුම් හමනා සුලඟේ සුපෙම්
    මිහිරියි සුසුම් හමනා සුලඟේ සුපෙම්
    දෑසේහි සැතපේ නෘත්යාන්ගනාවන්
    ස්වර්ගේහි රඟදේ සිහිනේ සිනා කැන්

    මිහිරියි සුසුම් සුවදේ ස්නේහේ උතුම්
    මිහිරියි සුසුම් සුවදේ ස්නේහේ උතුම්
    දෑසේහි සැතපේ සත්යාන්ගනාවන්
    ස්වර්ගේහි සැඟවේ සිහිනේ සිනාවන්

    පහසේ ගැලේවී තුරුල්ලේ වෙලී
    රහසින් බැඳී වරදේ සහනේ යදී.
    ? ලෙසේ සිරුරේ උන්මාද වේ නම්
    ස්වර්ගේහි සැඟවේ සිහිනේ සිනා කැන්

    අසන්වර වූ ස්නේහේ විඩාපත් නොවේ ලූ
    වංක කඳුලු සෝ ගංගා තාමත් පිරේලූ
    සුපෙම්වත් වසන්තේ අපූර්වත්වෙ දේ නම්
    ස්වර්ගේහි රඟදේ සිහිනේ සිනා කැන්
    :frown: