ගී රස වින්දන 2 - මේ මැයි ගහ යට

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    ගී රස වින්දන 2 - මේ මැයි ගහ යට

    ගි රස වින්දන තෙරඩ් මාලාවේ දෙවෙනි කොටස - මේ මැයි ගහ යට ...



    ගි රස වින්දන තෙරඩ් මාලාවේ පළමු කොටස බලපු නැති අයට :rolleyes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1631238




    අද මම තෝරාගත්තේ ඉතාම ජනප්‍රිය ඔබ මම කවූරුත් ආදරය කරන ගීතයක්. :love::love:

    ගීපද රචනය - අජන්තා රණසිංහ
    ගායනය - මිල්ටන් මල්ලවාරච්චි



    මේ මැයි ගහ යට දවසක් දා
    වැස්සට අපි උන්නා :love::love:
    රතු කට වාගේ මැයි මල් පිපි පිපි
    අපට සෙවන දුන්නා
    අපට සෙවන දුන්නා ....

    මැයි මාසේ එක සැන්දෑ වරුවක
    සිතල වැහිපොද වැටෙන වෙලේ
    ආදර වියෝවක් සිතින් එබෙන සඳ
    වැහිපොද සේ නෙතු කඳුළු සැලේ
    වැහිපොද සේ නෙතු කඳුළු සැලේ ....

    වැහිපොද වැටුනත් ඉස්සර වාගේ
    මැයි මල් පිපුනත් රතට රතේ
    අප දෙදෙනෙකු නැත අද ම පමණයි
    මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ ....




    මේ ගීතය මතුපිටින් අත ගා බලන්නෙකුට අතට අසුවන ඉතාම සුලබ යෙදුම සහ අර්ථය තමයි මැයි මල් සහ විරහව..
    අපි ටිකක් ඊට වඩා මේ කියන කතාව රස විදිමු
    මම කියනවා මේ ගීතයේ කියවෙන ආදරවන්තයට ඔහුගේ දුක විරහ වේදනාව වැඩි කරන්න මැයි මල් සහ මැයි මාසය හේතු උන කියල...
    බලන්න ඔබ මා සමග එකග වෙනවද කියල

    මැයි මාසය කියන්නේ තරුණ තරුණියන්ට වසන්තය උදා කරන මාසය..ඒ කියන්නේ වැඩිම විවාහ මංගල ප්‍රමාණයක් පැවැත්වෙන මාසය , කාලය..අපිට මේ ආබාශය අවේ අපේ පැරැන්නනගෙන්.කොටින්ම මේක මගුල් මාසයක්.

    ඉතින් මේ ආදරවන්තයා තමන්ට වසන්තය උදාවෙයි කියල හිතන් හිටපු මාසයේම දුකක් ඇතිවෙයි කියල හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.එහෙම උනාම ඒ දුක දරාගන්න එක බොහොම අමාරු වැඩක්.

    තව දුරටත් මෙසේ ගීතය විස්තර කරන රචකයා කියනවා මේ විදියට තමන්ගේ ආදරවන්තිය සමග එක්ව එකට ගිය පාරක අද ආදරවන්තයා ඇය නැතිව තනිවම ගමන් කරනවා කියල..
    එදා ඇය හිටියා නමුත් අද ඇය නැහැ.

    කලින් මැයි මල් පිපිම සහ වැහිපොද හදවතට සමීප , ඉතා ආදරණිය , ලබැඳි අත්දැකීමක් උනත්.
    ඔහුට දැන් මැයි මල් සහ වැහිපොද ඉතිරි කරන්නේ ඇය ගැන මතකයක් පමණයි..
    මැයි මල් සෙවනේ අදුරු පෙතේ කියල ගීතය අවසන් කරන්නේ ජීවිතේ තමන්ට අහිමි වී ගිය ආදරනියම මොහොතක් ගැන දුකක් ඉතිරි කරමින්..


    අදත් එදා වගේ මැයි මල් පිපෙනවා
    අදත් එදා වගේ වැහිපොද වැටෙනවා
    නමුත් මට අද මෙය විදගන්න විදියක් නැහැ මොකද අද ඔයා මගේ ළඟ නැහැ.


    ජීවිතේ පෙම් කරපු දෙන්නෙකුට වඩාත්ම අමාරු දේ තමයි දෙදෙනා සමග එක්ව ගියපාරක තනියම යන එක.




    මැයි මල් පිපුණු පාරක තනියම ගිහින් බලන්න..








    මම ඔබට ආරාදනා කරනවා ගීතයේ කියවෙන කතාව කියවල දැන් නැවත ගීතය අහන්න..වෙනදට වඩා රහක් දැනේවි...




    මචන්ලා මහන්සි වෙලා මේ ත්රෙඅඩ් දන්නේ උබලට බලන්න..බලලා නිකන් යන්න එපන් බන් අදහසක් කියලම පලයන්...නැත්තම් දෑම්මටත් හිතට දුකයි බන්.. :no:
    හොදයි නම් අගය කරලා පලයන්... :love::love:




    මම බෙහෙවින් ආදරය කරන මගේ ගුරුතුමන්ලා දෙපලකගේ අදහස් සහ යෙදුම්ද සුළු වශයෙන් මම මෙම ත්රෙඅඩ් මාලාවට දායක කරගෙන තියනවා...
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    ගයන් ලක්මාල් සහෝදරයාගේ මේ comment එක වැටුනේ පලවෙනි ත්රෙඅඩ් එකට...


    දැනුනා සිතට මිහිරිය පෙරටත් වැඩිය
    සැලකුව උඔට රෙප් එකකින්, මදිය මට
    එනිසා පතමි තවදුරටත් මේ සැටිය
    ‍දහිරිය ලැබේවා දෑතට ඉදිරියට

    මේ වගේ අගය කිරීම් ලැබුනම සන්තෝසයි මචන්.තව දන්න හිතෙනවා..

    කිරි පැනි සහෝදරය ඇතුළු කීප දෙනෙක්ම අගය කරලා තිබ්බ..බොහොම ස්තුතියි..:love::love:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    මේ මැයි ගහ යට දවසක් දා වැස්සට අපි තෙමුනා :P
    ආසයිනේ.....................................හ් :D

    හොදට රස වින්දිනවා නෙහ්....:P
    උබ මගේ ත්රෙඅඩ් වලට පලවෙනි comment එක දන්නේ මම දානකල් රැකගෙන ඉදලද බන්..:D:D

     
  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    ඇත්තටම ගීතයක් තේරුම දැනගෙන අහනකොට ඒක හරිම සුන්දරයි. පිරිත් අහනකොට උනත් අපිට තේරුම දැනගෙන අහන්න පුළුවන් නම් හරිම ශක්තියක් දැනෙනවා.

    ස්තුතියි මචං

    මා අගය කිරීම ගැන සතුටුයි

    http://www.elakiri.com/forum/showpost.php?p=17064214&postcount=2
     
    Last edited:

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    සෙට් වෙන්න මොකුත් නැද්ද????? කෝ සින්දු?

    තියෙනවා තියෙනවා..මම දන්නා ඉන්නේ ලගදීම බජව් කාමරේ
    කට්ටිය එකට නම් පට්ට ආස වෙයි..
    " සොමියට වරෙන් පුතා අගුලු දාල නැ දොරේ "
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    තියෙනවා තියෙනවා..මම දන්නා ඉන්නේ ලගදීම බජව් කාමරේ
    කට්ටිය එකට නම් පට්ට ආස වෙයි..
    " සොමියට වරෙන් පුතා අගුලු දාල නැ දොරේ "