ගුගල් නැත්තම් මැරෙනවද?
edited : poll Question :ලන්කාවට ගුගල් එන එක හොදයිද ?
ගුගල් ගැන මෙ දවස් වල එකසිය ගානට කතාවය . එලකිරියෙත් මෙ ගැන නුල් කිපයක්ම ගියාය , එක ගැන ලියවුන පක්ශ විපක්ශ මතවාද 2ක් මට කියවන්නට ලැබුනිය
පෙන හැටියට මෙක ලෙසි පහසු ප්‍රශ්නයක් නොවෙය ,යුද්දෙ දිනපු ජනාදිපතිතුමාද ඉනියා බටහිර ගුගල්ද කියා තොරාගන්නට සිදුවෙතැයි මම මොහොතකටවත් නොසිතුවෙමි
ඇත්තටම ගුගල් ආවොත් ලන්කාවට ලැබෙනෙ මොනවද ? ගුගල් ආවොත් යුද්දෙ දිනපු ජනාදිපතිතුමාව අපිට නැතිවෙයිද ? මටනම් පිස්සු වගෙය ,වගෙ නෙවෙයිය
මෙක ලියල තිබ්බෙ ජන සෙනාව
මෙක ලියල තිබුනෙ සුජිව කොකාවෙල (jvp)
ඇත්තටම ගුගල් වගෙ සමාගමක් ලන්කාවට එන එක හොදයිද ? නැද්ද ?ඇත්තටම ගුගල් ලන්කාවට ඔනිද ?



edited : poll Question :ලන්කාවට ගුගල් එන එක හොදයිද ?
ගුගල් ගැන මෙ දවස් වල එකසිය ගානට කතාවය . එලකිරියෙත් මෙ ගැන නුල් කිපයක්ම ගියාය , එක ගැන ලියවුන පක්ශ විපක්ශ මතවාද 2ක් මට කියවන්නට ලැබුනිය

පෙන හැටියට මෙක ලෙසි පහසු ප්‍රශ්නයක් නොවෙය ,යුද්දෙ දිනපු ජනාදිපතිතුමාද ඉනියා බටහිර ගුගල්ද කියා තොරාගන්නට සිදුවෙතැයි මම මොහොතකටවත් නොසිතුවෙමි

ඇත්තටම ගුගල් ආවොත් ලන්කාවට ලැබෙනෙ මොනවද ? ගුගල් ආවොත් යුද්දෙ දිනපු ජනාදිපතිතුමාව අපිට නැතිවෙයිද ? මටනම් පිස්සු වගෙය ,වගෙ නෙවෙයිය
මෙක ලියල තිබ්බෙ ජන සෙනාව
Code:
http://janasenaa.blogspot.com/2014/06/blog-post_5.html
රාජපක්ෂවරුන්ට එරෙහි තවත් දැවැන්ත මඩ ව්‍යාපාරයක් දියත්ව ඇත. ඒකට අනුව ගූගල් සමාගම ලංකාවේ හුදී ජනයා ගැන මහා කරුණාවෙන් ලංකාවේ කාර්යාලයක් පිහිටුවන්නට ඇවිත් ඇත. ආණ්ඩුවේ ලොක්කෙක් උන්ගෙන් කොමිස් ඉල්ලීම නිසා උන් ආපහු ගිහින් ඇත.
ආණ්ඩුවේ බලවතා කර ඇත්තේ විශාල වැරැද්දකි. ගූගල් කාර්යාලේ ලංකාවේ පිහිටෙව්වානං මේක කිරියෙන් පැණියෙන් ඉතිරී හාල් මිල රුපියල් 40 ට බසිනු ඇත. සමෘද්ධිලාභී පවුල්වල තරුණ තරුණියන් ලක්ෂ 15 කට විතර මාසෙට ලක්ෂ එකහමාරේ පඩියට රස්සා ලැබෙනු ඇත. සියළු විදුලි බලාගාර කොළඹට ගෙනැවිත් එවායේ ටර්බයින් ගලවා ගූගල් එන්ජිමට හයිකොට ලංකාවටම නොමිලේ විදුලිය දෙන්නටද තිබුණි. ආන්ඩුවේ බලවතාගේ කැත වැඩේ හින්දා නැතිවෙලා ගියේ ඒ වගේ අනර්ඝ අවස්ථාවකි.
මේ වගේ බොරු ප්‍රචාරයක් ඇත්තම වගේ ප්‍රචාරය කරන ලංකා ඊ නිවුස් වැනි කාලකන්ණි ගොබ්බයින්ට කියන්න ඇත්තේ මේ ටිකය. ගූගල් සමාගම වැනි බහුජාතික ජාවාරම්කාරයින්ට ලංකාවේ මිනිස්සු ගැන මොනම කැක්කුමක්වත් නැත. උන්ට අවශ්‍ය ලාභය පමණකි. එසේ වුවත් නවීන දියුණු ලෝකය හා බද්ධ වීමට උන්ගෙන් ඇති ප්‍රයෝජනය සලකා උන්ට මෙහි කාර්යාලයක් අරින ලෙස ආරාධනය කලේ ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාය. ඒ ආරාධනය මත ගූගල් සමාගම ලංකාවට එවුවේ උන්ගේ පහලම ශ්‍රේණියේ නිලධාරින් තුන්දෙනෙකි. උන් ඇවිත් හෙව්වේ ලංකාවේ ආයෝජනය කිරීමෙන් උන්ට කොපමණ ලාභයක් ගරා ගත හැකිද යන්න පමණි. මහලොකු ලාභයක් කෙටි කලකින් ගරාගත නොහැකි බව දැනුනු විට උන් ගියේය. එපමණකි.
උන් ලංකාවේ කාර්යාලයක් ඇරියත් නැතත් ගූගල් කොහොමත් නොමිලේය. සිදුවූ එකම පාඩුව රස්සා 10 ක් නැතිවීම පමණි. රාජපක්ෂ ආණ්ඩුව වට්ටන්න ඕනෑම අසූචි ගොඩක් බදාගන්නා විපක්ෂයේ සූකරයන්ට ඕක මහ ලොකු බක්කක් උනාට ලංකාවේ පොදු ජනයාට එහෙම නැත. රාජපක්ෂලා කල එකම වරද ‘අනේ යන්න එපා’ කියමින් ගූගල් කාරයින්ගේ දෙපාවල එල්ලුනේ නැති එකය. ලංකාවේ සාමාන්‍ය මිනිස්සු ඒ වරදට කැමතිය. මොන අඩුපාඩු තිබුණත් ලංකාවේ සාමාන්‍ය මිනිස්සු රාජපක්ෂලා දිනවන්නේ ජාතිය සතු ඒ අභිමානය පර සුද්දන් හමුවේ පාවා නොදෙන අසමසම නායකත්වය නිසාය.
මෙක ලියල තිබුනෙ සුජිව කොකාවෙල (jvp)
Code:
http://slash-dev-slash-null.blogspot.com.au/2014/06/blog-post.html
ගූගල් සහ කළුගල්
ශ්‍රී ලංකා රජය හා ගූගල් සමාගම ගැන ආණ්ඩු විරෝධී මාධ්‍ය කිසියම් කතාවක් හෙළි කල අතර ඒ බව විශ්වාස නැති නිසා කතා කලේ නැත. එහෙත් දැන් ආණ්ඩුවට කඩේ යන පිරිස ගූගල් වගේ සමාගම් මොකට ගෙන්න ගන්නවද කියා මිදී තිත්ත බව කියන්නට පටන් ගත් නිසා කතාව සත්‍ය යයි සිතන්නමු.
ඒ නිසාම වෙනත් සමූහයක පලකල අදහසක් නැවත මෙහි පළකරන්නට සිත් විය.
වරක් එක්තරා දේශපාලකයෙකුට ගුවන් තොටුපලකදී විදේශ ධන කුවේරයකු හමු වූ විටෙක දේශපාලකයා කරන පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් නිසා එම ධන කුවේරයාගේ සමාගමේ පළමු විදේශීය ශාඛාව දේශපාලකයාගේ ප්‍රධාන නගරයේ ස්ථාපනය විය.
මේ දේශපාලකයා චන්ද්‍රබාබු නායිදු. හයිදරාබාදය මත ඉදිවන ඉන්දීය තොරතුරු තාක්ෂණ අධිරාජ්‍යයේ නියමුවා. ධන කුවේරයා බිල් ගේට්ස්.
බාබු ගේට්ස් හම්බු වුනේ 1997. මේ දෙවැනි හමුව 1998. මේ සියල්ලට මුල වෙන්නේ හදිසියේ ගේට්ස් ව දැකලා බාබු හදන පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකයි.
1995 දී ආන්ද්‍ර ප්‍රදේශ් කියන කෘෂිකාර්මික පසුගාමී ප්‍රාන්තයේ බාබු බලයට ඇවිත් සර්වේ එකක් කලාම දැක්කලු මුළු ප්රාන්තෙටම තියෙන්නේ කම්පියුටර් අසු දාහයි කියලා. මේ කෝටි අටක ජනගහනයකට. බාබු මේ ගැන ලජ්ජා වුනාලු.
ඒ අතරේ තමා බාබුට ගේට්ස් අහම්බෙන් හමු වන්නේ 97 දී. ගේට්ස් පිස්සු වැටෙන්නේ ආන්ද්රයේ ඇති කෙහෙම්මලකට නොවේ. එත් චීෆ් මිනිස්ටර්ගේ පරිගණක උනන්දුව හා ගේට්ස් වෙනුවෙන් දුන්නු කාලය ගැන. ඒ නිසා තමයි මයික්‍රොසොෆ්ට් වල පළමු පිටස්තර ශාඛාව හයිදරාබාදයට දෙන්නේ. එතනින් පටන් ගත්තු රැල්ල තමා හයිදරාබාදය ලෝකයේ අයි ටී හබ් එක දක්වා ගෙනගියේ. පහුගිය කාලේ ඇමරිකාව ආදී රටවල රැකියා හිඟයට පවා හයිදරාබාදය හේතුවක් කියා කියනවා. ඒ කාලේ ඉන්දියාවේ නොම්මර එකේ මිනිහා බාබු. ක්ලින්ටන් බ්ලෙයාර් වගේ මිනිස්සුත් ආවලු බාබු හම්බුවෙන්න. ලොව පුරා සම්මාන රාශියක් දින්නා වගේම නායිදු දිනය කියා දිනයක් පවා ඇමරිකාවේ සැමරුවා. නායිදු මොඩලය කියා ආර්ථික මොඩලයක් පවා තියෙනවා. බාබු තමන්ව හඳුන්වා ගත්තේ ආන්ද්රයේ මහා ඇමති ලෙස නොවේ. සයිබරාබාද් [cyber + hyderabad] සමාගමේ සී ඊ ඕ ලෙස.
මේ කතාවෙන් ගන්න තියෙන හරය මොකද්ද?
මේ බාබුලා තමා බටහිරට කත් අදින බටහිර සමාගම් වල ලාභ බැලන්ස් කරලා දෙන කාලකන්නි. ඕකුන් වගේ ද අපේ රත්තරන් දේශපාලකයෝ. ගූගල් ආවා ආපහු ගියා. අපි සැලෙයිද? අපි කළුගල් වගේ. හැමදාම එකතැන.
ඇත්තටම ගුගල් වගෙ සමාගමක් ලන්කාවට එන එක හොදයිද ? නැද්ද ?ඇත්තටම ගුගල් ලන්කාවට ඔනිද ?




Last edited:
kammeli ban Kiyawanna
+10




