ගුඩ් ලක්. ලංකාවට ජය වේවා! - ලංකාවෙ චන්ද දායකයන්ගෙන් බහුතරය බුද්ධිමත්

Chuti_Mahaththaya

Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    Gotabaya-Rajapaksa-new-1-667x375.jpg


    මං හිතන් හිටියට වඩා ලංකාවෙ චන්ද දායකයන්ගෙන් බහුතරය බුද්ධිමත්. ඒක හොඳින්ම පෙන්නුම් කරපු මැතිවරණය තමයි මේක. චන්ද ප්‍රතිඵල වලින් පැහැදිලිව පේන්නෙ මිනිස්සු ගෝඨාභය ගැන තියලා තියෙන විශ්වාසය. සාම්ප්‍රදායික දේශපාලකයින්ට වඩා ගෝඨා ප්‍රොමෝට් කරපු අලුත් ජොකියො ටික උඩින්ම ගොඩ. ඔව්... ආසන 145ක් විතර ලැබුනම සුපුරුදු හාල් කෑලි ටිකකුත් ඇතුලට යනවා තමයි. ඒත් සමස්තයක් වශයෙන් මනාප බෙදී ගිහින් තියෙන විදිහ බැලුවම තේරෙනවා මිනිස්සු ගෝඨාභය ගැන තියෙන විශ්වාසය මත සබුද්ධික විදිහට චන්දය පාවිච්චි කරලා තියෙන බව.

    දැන් ඉතිං "අච්චර කරපු හදුන්ව කපලා, ගීතා කියන ගොං ගහ යැව්වා" කියලා විස්සෝප වෙන එක හෙනම අදේශපාලනික වැඩක්. මොකද ප්‍රතිඵල දැක්කම ඉතාම පැහැදිලියි මිනිස්සුන්ට ඕනෙ ශක්තිමත් විපක්ෂයක් නෙවෙයි බහුතර බලයක් සහිත ශක්තිමත් ආණ්ඩු පක්ෂයක් බව. කලින් තිබ්බ ලොන්තපෝල් ආණ්ඩු නිසා කෙලෝ ගත්ත කෙල වීමත් එක්ක බැලුවම ඒක නිවැරදි තීරණයක්.

    මේ චන්දෙන් සිද්ධ වුනු හොඳම දේ තමයි කැපුවත් කොල, කැපුවත් නිල් සීන් එකේ හිටපු සොම්බි චන්ද දායකයො අහෝසි වෙලා ගියපු එක. ඒ කියන්නෙ රාජපක්ෂ කියන නමට ඇරෙන්න කිසිම පක්ෂෙකට කැට තියලා ශුවර් කරන්න පුලුවන් තරම් බලපෑම් සහගත ෆික්ස්ඩ් වෝට් බේස් එකක් තවදුරටත් නෑ. රාජපක්ෂට තියෙන වෝට් බේස් එක තියෙන්නෙත් ගෝඨාභය ගැන තියපු විශ්වාස මේ ආණ්ඩුව විසින් ආරක්ෂා කළොත් විතරයි. ඒක නිසා කලින් සැරේ කෙලපු පිස්සු මෙදා සැරේත් කෙලින්න ගියොත් රාජපක්ෂලටත් හිමිවෙන්නෙ නිදහස් පක්ෂෙටයි, යූ එන් පී එකටයි හිමිවුණු ඉතිහාසයේ කුණු බක්කියම තමයි.

    තවදුරටත් ලංකාවෙ ඉන්නෙ වහල්ලු නෙවෙයි පුරවැසියො කියන්න මේ චන්දෙ වැදගත් නිර්ණායකයක්. පුරවැසියො එක්ක ගණුදෙනු කරන කොට දේශපාලන පක්ෂ වලට කලින්ට වඩා බැරෑරුම් විදිහට හිතන්න වෙයි. සමස්ත ජනගහනයෙන් තුනෙන් දෙකක අභිලාෂයන් ආරක්ෂා කරනවා කියන්නෙ සෙල්ලං වැඩක් නෙවෙයි.

    ගුඩ් ලක්. ලංකාවට ජය වේවා! 🇱🇰 8-)(y)
    well said මචං. මේ පාර මිනිස්සු සෑහෙන්න වෙනස් විදිහට හිතල තියෙනවා. 0 ඉදන් එකපාර 100 යන්න බැහැ පොඩ්ඩ පොඩ්ඩ හැමෝම හිතන පතන විදිහ වෙනස් වෙන්න ඕනේ අපේ පැත්තෙන් මේ පාරත් රත්තරං select උනා එත් මේ පාර ගොඩක් චන්ද අඩු වෙලා
    විදුර එකට අවා කිසම publicity එකක් නැතුව තව මිනිස්සු අහලවත් නැති උනත් චන්දෙ දීල තිබ්බ වියත් මගේ අලුත් කෙනක් ට

    තව පොඩි දෙයක් හදුන්නෙති දැන් ඉස්සර තරම් හොද මිනිහෙක් නෙමේ.අනුර කුමාර මිනිහව වෙනස් කලා හැමෝම තමන් ගේ ජීවිතේට ආදරේ නේ .උ වෙනස් උනා කරගන්න දෙයක් නැතුව.එත් තාමත් ඉන්න ගොඩක් අයට වඩා හොද මිනිහෙක්.

    මාත් ගීත යැව්වට බැන බැන හිටියේ එත් අපි හිතනවට වඩා ගොඩක් දේවල් ඒකි කරලා තියෙනවා මාත් eye දැනගත්තේ ඕකිට garamnet 6ක් + tea factory 6ක් තියෙනවා. ඒවගේ සල්ලි වලින් ගොඩක් දේවල් කරලා තියෙනවලු .අපිත් මොනවත් හොයල බලන්නේ නැතුව මේකි ගොන් ෆිල්ම් වල රගපාන නිසා ගොනා ගානට දාල තියෙන්නේ
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Puka Thama 7laks reject karala 35lacks vote karala na ,labba bai logic


    පාර්ලිමේන්තු මැතිවරන වල reject වෙන ප්‍රමානෙ වැඩී බන්.. 2015 ත් 517 000 ක් චන්ද Reject උනා.
     
    • Like
    Reactions: neyohk