ගුණසිරි බුල්ටෝ..😍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,115
    46,721
    113
    මතකද "ගුණසිරි බුල්ටො"🍬
    ඩී.එම්. සේසින් මහතා ..
    (ගුණසිරි බුල්ටෝ මුදලාලි)

    ශ්‍රි ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඩී.එම්. සේසින් මහතා හෙවත් ගුණසිරි බුල්ටෝ මුදලාලි මහතා වඩාත්ම ජනප්‍රියව සිටියේ ගුණසිරි බුල්ටෝ මුදලාලි මහතා ලෙසය.

    1961 වසරේදී බොරලැස්ගමුවේදී ඉතා සුළු වශයෙන් ආරම්භ කල ගුණසිරි බුල්ටෝ ව්‍යාපාරය 1970 සහ 1980 දශක වල මුලු රට පුරාම ඉතා ප්‍රචලිත රසවත් නිෂ්පාදනයක් ලෙස ව්‍යාප්ත විය .ගුණසිරි කන්ෆැක්ෂනරි ආයතනයේ නිර්මාතෘ වරයා ලෙස ඩී.එම්. සේසිංහ මහතා මෙරට ජනතාවගේ රසවින්දනය මැනවින් හඳුනාගෙන ගුණසිරි බුල්ටෝ නිපැයුම් සකස් කලේය.

    බලන්න එකල නිෂ්පාදන ප්‍රචලිත කිරීම සදහා පලකරන ලද පුවත්පත් දැන්වීමක් .ඒවා එකල පවා වර්ණ දැන්වීම් ලෙසද මුද්‍රණයට පත් කර ඇත.

    "පෙමිවතීට දෙන්න ත්..
    සොඳුර වෙත ගෙනයන්න ත් .....
    බබා නලවන්න ත්...
    ගන්නෙ බුල්ටෝ ටොපි ය කවුරු ත්....
    දිවයින පුරා පතල කීර්තියක් ඇති රසවත් ගුණසිරිගේ බුල්ටෝ ටොපි

    රසයෙන් ඔබ කුල්මත් කරවයි.

    ගුණසිරි කර්මාන්තායතනය
    මහරගම."

    අතරම බොහෝ සෙයින් ඔවුන් ඒ සදහා ගීත කොටස් සමග ගුවන්විදුලි ප්‍රචාර සඳහාද යොමු වී ඇත .

    දොයි දොයි දොයි දොයිය බබෝ දොයි..
    හැන්දැවට තාත්ත අද බුල්ටෝ ගෙනත් දෙයි. ...
    බයි බයි බයි බයිය බබෝ බයි...
    ගුණසිරි බුල්ටෝ බබාට තාත්ත ගෙන දෙයි...
    මෙලෙස ගීත ඛණ්ඩයක් ක්‍රිස්ටෝපර් පෝල් මහතා ගායනා කර ඇති බැවි ද මට දැනගන්නට ලැබුන අතර ගුවන්විදුලියේ ප්‍රචාරය වී ඇත.

    මෙලෙස කාන්තා කටහඩක් උපයෝගී කරගෙන ගුවන්විදුලි ගීත පචාරණයක් ද ඔවුන් ගේ නිෂ්පාදන රසිකයන් අතරට ගෙන යාමට යොදාගෙන තිබුනා..(ඇගේ නම සොයාගත නොහැකි විය)

    හා..හා..හා..ල..ල..ලා....
    අතුරු පසට කෙලි පිටියට අමුත්තන්ට නෑ ගෙදරට හරි පිරිසිදු රට පරසිදු ගුණසිරි බුල්ටෝ...
    හරි පිරිසිදු රට පරසිදු ගුණසිරි බුල්ටෝ...
    දිවට රසයි රසය අගෙයි ඇගට ගුණයි මිලද වටී..
    රස ගුණ පිරි ගුණසිරි බුල්ටෝ....
    මහරගමින් ගුණසිරි බුල්ටෝ........

    "ගුණසිරි "නාමය රසකැවිලි වලට ආදේශ වූ හැටි.

    මේ කොළඹ නාලන්දා විද්‍යාලයේ මගේ පන්තියේ මිතුරෙකු වූ "ගුණසිරි" ය.
    ඔහුගේ පියාට මිතුරෙකු සිටි අතර ඔහුගේ නම ආරම්භ වන්නේ "සිරි...." යන්නෙන් සිරිපාල, සිරිදාස හෝ වෙනත් දෙයක් විය හැකිය. ඒත් මට හරියටම මතක නෑ. කළු දොදොල් හදන්න හදනකොට වැරදීමකින් හදපු කැන්ඩි රෙසිපියක් මේ "සිරි..." එකේ තිබ්බා. පසුව ගුණසිරිගේ පියා සහ මෙම "සිරි" පර්යේෂණ සහ සංවර්ධන කටයුතු කිහිපයක් සිදු කර ඇති අතර පසුව ඔවුන් මෙම පුදුමාකාර කැන්ඩි "බුල්ටෝ" නිෂ්පාදනය කිරීමට සමත් වී ඇත.
    එහෙත්, මෙම නිෂ්පාදනය වෙළඳපොළට ප්‍රචලිත කිරීමට දෙදෙනාටම ප්‍රමාණවත් මුදල් නොතිබූ අතර, ගුණසිරිගේ පියාගේ “ගුණවතී” නැමති නැන්දා ඔවුන් සඳහා අරමුදල් සැපයීමට එකඟ විය.
    "ගුණවතී" සොයුරියගේ අරමුදල් වෙනුවෙන් සහ ඔහුගේ මිතුරා "සිරි" වට්ටෝරුව සඳහා කළ කෘතඥතාවක් ලෙස ගුණසිරිගේ පියා ඔවුන්ගේ නම්වල කොටස් සමඟ නිෂ්පාදනයට නම් කිරීමට තීරණය කර ඇත.
    බුල්ටෝ "ගුණසිරි බුල්ටෝ" ලෙස නම් කළේ එලෙසිනි. මේ ජනප්‍රිය නිෂ්පාදනය නිසා මගේ මිත්‍රයා සහ ඔහුගේ සහෝදරයන් තිදෙනාම පාසල් කාලයේ පමණක් නොව අදටත් මිතුරන් විසින් හඳුන්වනු ලැබුවේ "ගුණසිරි" යනුවෙනි.

    එතුමා 2011 සැප්තැම්බර් 28 වන දින දැයෙන් සමු ගත් අතර
    අවසන් වරට එතුමා පදිංචිව සිටියේ මහරගම දෙහිවල පාරේ අංක 159 දරණ නිවසේය.
    නිවන් සුව ඔබතුමාට

    ප්‍රියන්ත පෙරේරා මහතාගේ සටහනක්..


     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,631
    1
    51,355
    113
    ප*යාගල
    sorry.com
    ඉස්සර බුල්ටෝ සත 50 යි. උදේට අම්මා රු 20 ක් දෙනවා ඉස්කොලෙ ගෙනියන්න. ඉස්සර 20න් රොටි 2ක් කන්න පුළුවන් ලුණුමිරිස් එක්ක. ඉස්කොලෙ කැන්ටිමේ ලාබයි 😍

    සමහර දවස් වල හිතුනම ඔය 20ම බුල්ටෝ අරන් යනවා.බුල්ටෝ 40ක්. ගිහින් යාලුවන්ටත් දීල කනව
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,896
    1
    60,828
    113
    Mother Earth
    ලපකොටාගේ පුංචි අම්මත් බුල්ටෝ හදනවා නේද ? 🤷‍♂️

    ඉස්සර බුල්ටෝ සත 50 යි. උදේට අම්මා රු 20 ක් දෙනවා ඉස්කොලෙ ගෙනියන්න. ඉස්සර 20න් රොටි 2ක් කන්න පුළුවන් ලුණුමිරිස් එක්ක. ඉස්කොලෙ කැන්ටිමේ ලාබයි 😍

    සමහර දවස් වල හිතුනම ඔය 20ම බුල්ටෝ අරන් යනවා.බුල්ටෝ 40ක්. ගිහින් යාලුවන්ටත් දීල කනව
    පාන් කාල තමා අපි කන්නෙ. පරිප්පු දාල තියෙන්නෙ. රුපියල් 25ද කොහෙද. ඇන්ටි පාන් කාලක් දෙන්න කියලා තමයි ඉල්ලන්නේ කැන්ටිමේ ජනේලේ එල්ලිලා. 😄
    ------ Post added on Apr 12, 2025 at 10:07 AM
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    පාන් කාල and Chinese roll එකයි, දෙන්න කියලා තමයි ඉල්ලන්නේ කැන්ටිමේ ජනේලේ එල්ලිලා.;)
    ලපකොටාගේ පුංචි අම්මත් බුල්ටෝ හදනවා නේද ? 🤷‍♂️


    පාන් කාල තමා අපි කන්නෙ. පරිප්පු දාල තියෙන්නෙ. රුපියල් 25ද කොහෙද. ඇන්ටි පාන් කාලක් දෙන්න කියලා තමයි ඉල්ලන්නේ කැන්ටිමේ ජනේලේ එල්ලිලා. 😄
    ------ Post added on Apr 12, 2025 at 10:07 AM
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    එහෙම මතක නැ, හැබැයි පාන් එක්ක රසයි 😋
    එකට තිබ්බේ අර catering pack වලට හදන අමුතු පට්ට රසක් තියන item එකද 🧐🤔, අපේ තිබ්බ එක බම් හීනි දිග item එකක් ඇතුලත් මාර soft වගේම පට්ට රසයි ඒක. 🤗
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    එහෙම මතක නැ, හැබැයි පාන් එක්ක රසයි 😋
    අපේත් තිබ්බ ඔය chinese roll එකයි පාන් කාලයි කිරි වීදුරුවයි combo එකක්, ඒකේ තිබ්බ රෝල් එක පට්ටම රසයි බම් ඒ වගේ රෝල් එකක් මම තාම කාලා නෑ, මම food related job එකක් කරපු නිසා මම අඳුරන උන්ට කියලා ඒ රස match කරගන්න හැදුවා එක එක රෝල් ජාති හදාගෙන කාලා. තාම set උනේ නෑ ඒ රස බම් ☹️
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,896
    1
    60,828
    113
    Mother Earth
    එහෙම මතක නැ, හැබැයි පාන් එක්ක රසයි 😋
    අපි ඉසසර කැන්ටිමේ ඇන්ටිගෙන් පානුයි ලුකයි ඉල්ලනවා. ඇන්ටි අහනව ඒ මොනාද පුතේ කියල. අපිට නේද පට්ට හිනා. ගොං ආතල් තමයි ගත්තෙ. උබ පානුයි ලුකයි කාල තියෙනවද ? :love2:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,896
    1
    60,828
    113
    Mother Earth
    පොඩි උන්ටත් උගන්නල යවනව පානුයි ලුකයි ගේන්න කියල උන්ව කැන්ටිමට යවනවා. හම්මෝ පට්ට ආතල් තමයි ගත්තෙ. :rofl:
     
    • Haha
    Reactions: Asmodeus and saja

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අම්මේ... පැයක් විතර කතෑකි එකක්. දැනුත් සමහර කඩවල තියෙනවා. හැබැයි අර ඉස්සර එක තරම් හැරෙන්නවත් බෑ. :yes:
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,461
    113
    බුල්ටො හපන්න බෑ නේද, ගලක් වගේ හයියයි
    දැන්නං බුල්ටො හපන්න ගියොත් නාකි දත් ටික ඉවරයි
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ammo uba nam :lol:
    අපි ඉසසර කැන්ටිමේ ඇන්ටිගෙන් පානුයි ලුකයි ඉල්ලනවා. ඇන්ටි අහනව ඒ මොනාද පුතේ කියල. අපිට නේද පට්ට හිනා. ගොං ආතල් තමයි ගත්තෙ. උබ පානුයි ලුකයි කාල තියෙනවද ? :love2:
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,121
    11,998
    113
    මම දත් හැලෙන්න ඔන්න මෙන්න ඉන්න අපේ සීයා ට දුන්නා

    මම එදා සෑහෙන්න කුනුහබ්බ ඉගෙන ගත්තා