ගුරුත්වාකර්ශණ_තරංග

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ගුරුත්වාකර්ශණ_තරංග

    ...අපි මේ ලිපියෙහි ඉතිරි කොටසෙහි ඊනියා ගුරුත්වාකර්ෂණ තරංග නිරීක්‍ෂණය කර ඇති බවට බටහිර විද්‍යාඥයන් කණ්ඩායමක් කරන ප්‍රකාශය කෙටියෙන් සලකා බලමු. මෙය ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොටරුවකි යන්න යටතේ සාකච්ඡා කළ යුතු වුවත් ඒ සම්බන්ධයෙන් ඇති වී තිබෙන කාලීන උනන්දුවත් සමග අපි එය මෙසේ සාකච්ඡාවට ගනිමු. පළමුවෙන් ම කිවයුතු කරුණු දෙකක් වෙයි. එකක් මේ ඊනියා ගුරුත්වාකර්ෂණ තරංග ගැන තවමත් බටහිර විද්‍යාඥයන් අතර එකමතයක් නොමැති වීම ය. මේ නිරීක්‍ෂණය කර ඇත්තේ ඊනියා ගුරුත්වාකර්ෂණ තරංග ද යන්න පසුව තීරණය කෙරෙනු ඇත. කෙසේ වෙතත් ඒ ඊනියා ගුරුත්වාකර්ෂණ තරංග යැයි අපි තර්කය සඳහා උපකල්පනය කරමු.

    දෙවනුව කිව යුත්තේ ගුරුත්වාකර්ෂණ තරංග යන්න වැරදි ව්‍යවහාරයක් බව ය. අවුරුදු සියයකට පමණ පෙර අයින්ස්ටයින් තම සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි සන්නිකර්ෂණ සමීකරණ යොදා ගනිමින් ඊනියා ගුරුත්වාකර්ෂණ තරංග ප්‍රචාරණය වන බව කීවේ ය. පසු කලෙක ජෝසප් වෙබර් මේ සංසිද්ධිය ගැන බොහෝ දේ එකතු කෙළේ ය. මෙහි දී කිව යුත්තේ ගුරුත්වාකර්ෂණ තරංග යනුවෙන් තරංග ප්‍රචාරණය (propagation) නොවන බව ය. අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතාවාදය අනුව ඊනියා ගුරුත්වාකර්ෂණයක් නැත. එසේ නැති විට ගුරුත්වාකර්ෂණ තරංග තිබිය නො හැකි ය. සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි ඒකජ සමීකරණ (linear equations) අනුව මෙහි දී සිදුවන්නේ ප්‍රමිතික ආතානකය (metric tensor) ප්‍රචාරණය වීම ය. ප්‍රමිතික ආතානකය මගින් අවකාශ කාලයෙහි ජ්‍යාමිතිය කියැවෙයි. ප්‍රමිතික ආතානකය ද්‍රව්‍ය හා විකිරණ මගින් නිර්ණය වෙයි. මෙය නිව්ටෝනීය කතන්දරයෙන් වෙනස් ය. නිව්ටෝනීය භෞතිකයෙහි අවකාශය දී ඇත. එහි කාලය ගලා යයි. අවකාශයෙහි ද්‍රව්‍ය හා විකිරණ පවතියි. එහෙත් අයින්ස්ටයින්ගේ කතන්දරයෙහි අවකාශ –- කාලය කල්තබා දී නැත. ඒ නිර්ණය කෙරෙන්නේ ද්‍රව්‍ය හා විකිරණ මගිනි.

    මෙයින් කියැවෙන්නේ ද්‍රව්‍ය හා විකිරණවල වෙනස්කම් සිදුවන විට අවකාශ - කාලය ද වෙනස් වන බව ය. එනම් ප්‍රමිතික ආතානකය වෙනස් වෙයි. එසේ වෙනස් වූ ප්‍රමිතික ආතානකය අභිශුන්‍ය භූමිතක (නඋලල ගඑඔඩඑසඉචස) ඔස්සේ ප්‍රචාරණය වෙයි. සාමාන්‍ය අංශු භූමිතක ඔස්සේ චලනය වන බව අමතක නොකළ යුතු ය. ඒ අංශු එසේ චලනය වන්නේ බලයක් (ඊනියා ගුරුත්වාකර්ෂණ බලයක්) නොමැතිව ය. නිව්ටන්ගේ කතන්දරයෙහි ඊනියා ගුරුත්වාකර්ෂණ බල වෙයි. ද්‍රව්‍ය හා විකිරණ වෙනස් වූ විට අභිශුන්‍ය ප්‍රමිතික ඔස්සේ ප්‍රචාරණය වන්නේ ප්‍රමිතික ආතානකය පමණක් නො වේ. රීමාන් ආතානකය (Reimann Tensor) ද එසේ ම අභිශූන්‍ය ප්‍රමිතික ඔස්සේ ප්‍රචාරණය වෙයි. රීමාන් ආතානකයෙන් අවකාශ කාලයෙහි වක්‍රතාව ගැන කියැවෙයි.

    මේ ආතානක දෙකම තරංග සමීකරණය සපුරාලයි. එනම් ආතානක දෙක අභිශූන්‍ය භූමිතික ඔස්සේ ප්‍රචාරණය වන අතර තරංග සමීකරණය සපුරාලයි. ඊනියා ගුරුත්වාකර්ෂණ තරංග යන්න පටබැඳෙන්නේ මේ හේතුවෙනි. ආතානක වෙනස්වීම හේතුවෙන් අංශුවල චලිතයෙහි ද වෙනසක් වෙයි. විද්‍යාඥයන් මැන බලන්නේ මේ වෙනස ය. අද කතාකරන ඊනියා ගුරුත්වාකර්ෂණ තරංග ඉතා ඈත අතීතයහෙි දී කළු කුහර දෙකක් ගැටීමෙන් ප්‍රමිතික ආතානකයෙහි සහ රීමාන් ආතානකයෙහි සිදු වූ වෙනස්කම් මේ වන විට පෘථිවියට ප්‍රචාරණය වීම නිරීක්‍ෂණයෙන් ලැබෙයි. ඒ තවදුරටත් නිරීක්‍ෂණය කෙරෙනු ඇත.

    මෙහි දී ඇතැමුන් කියන්නේ ඊනියා ගුරුත්වාකර්ෂණ තරංග නිරීක්‍ෂණය හේතුවෙන් අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතා ප්‍රවාදය සත්‍ය බව සාධනය කෙරෙන බව ය. අප කිහිප වතාවක් ම කියා ඇත්තේ කිසිම නිරීක්‍ෂණයකින් කිසිම ප්‍රවාදයක් සත්‍ය වන බව පෙන්නුම් නොකෙරෙන බව ය. පළමුවෙන් ම ප්‍රවාදයක් යනු වියුක්ත කතන්දරයකි.ඒ වියුක්ත කතන්දරයෙන් අපෝහනය (deduce) කළ හැක්කේ වියුක්ත නිගමන මිස සංයුක්ත නිගමන නොවේ. එහෙත් නිරීක්‍ෂණයක් යනු සංයුක්ත වූවකි. සංයුක්ත නිරීක්‍ෂණයක් වියුක්ත අපෝහනයක් හා සංසන්දනය කළ හැකි නො වේ. දෙවනුව එසේ කළ හැකි වුවත් එයින් වියුක්ත ප්‍රවාදය සත්‍ය යැයි ගම්‍ය නො වේ. එයින් කියැවෙන්නේ ප්‍රවාදයෙන් වැඩගත හැකි බව පමණ ය. ප්‍රවාදවලින් සත්‍ය දැනගත හැකි යැයි කියන අය සත්‍යය යනු කුමක් දැයි තේරුම් කර දිය යුතු ය. සත්‍යය යනු කුමක් දැයි නොදැන සත්‍යය ගැන කීම වංචාවකි.

    අප බොහෝ විට කියා ඇති පරිදි සිංහල බෞද්ධයනට “මම” යන්න බොරුවකි. එය ආත්මවාදී ය. මා යනුවෙන් කෙනකු නැති වුව ද ඒ සංකල්පයෙන් වැඩගත හැකි ය. මා, පුද්ගලයා ආදී සංකල්ප යොදාගෙන අසවලා අද රාත්‍රී ආහාරය ගන්නා බවත් එසේ නොවී නම් හෙට හෝ අනිද්දා හෝ එසේ කරන බවත් මට පුරෝකථනය කළ හැකි ය. ඒ පුරෝකථනය ඉටු වූ පමණින් මා යන සංකල්පය සත්‍යයක් යැයි කිව හැකි ද? සංකල්පයකින් වැඩ ගැනීමට හැකි වූ පමණින් ඒ සත්‍යයක් බවට පත් නො වේ. ඊනියා ගුරුත්වාකර්ෂණ තරංග මගින් අයින්ස්ටයින්ගේ ප්‍රවාදය සත්‍යය යැයි කිව නො හැකි ය.

    නලින් ද සිල්වා

    2016 පෙබරවාරි 15
     
    Last edited:

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    හැමදාම වගේ ලිපිය පටන් ගත්ත වෙලාවේ ඉදන්ම ඊනියා ඊනියා කියලා බනිනවා විතර. ඇයි මේක බොරුවක් වෙන්නේ කියලාවත් හරියට කියලා නැ.

    gravitational wave එකක් කියන්නේ ගුරුත්ව තරංගයක් නෙමේ නේ.
    space-time එකේ ඇතිවෙන රැල්ලක්.

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    හැමදාම වගේ ලිපිය පටන් ගත්ත වෙලාවේ ඉදන්ම ඊනියා ඊනියා කියලා බනිනවා විතර. ඇයි මේක බොරුවක් වෙන්නේ කියලාවත් හරියට කියලා නැ.

    gravitational wave එකක් කියන්නේ ගුරුත්ව තරංගයක් නෙමේ නේ.
    space-time එකේ ඇතිවෙන රැල්ලක්.

    උඹ comment කරන්න එපා මචන්. උඹට තාම මූලික තර්කය තේරෙන්නෙ නෑ. උඹ විද්‍යාවේ දර්ශණය කියන්නෙ මොකක්ද කියල මුලින් ඉගෙනගෙන වරෙන්. අනික ඊනියා කියන්නෙ බනින වචනයක් නෙමෙයි. "so called" වගේ අදහසක් තියෙන වචනයක්.
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    උඹ comment කරන්න එපා මචන්. උඹට තාම මූලික තර්කය තේරෙන්නෙ නෑ. උඹ විද්‍යාවේ දර්ශණය කියන්නෙ මොකක්ද කියල මුලින් ඉගෙනගෙන වරෙන්. අනික ඊනියා කියන්නෙ බනින වචනයක් නෙමෙයි. "so called" වගේ අදහසක් තියෙන වචනයක්.

    මෙයා කියන්නේ බන් අභිධර්මය. ඊනියා කියන්නේ "එසේ වන්නා යැයි කියන නමුත් එසේ නොවන" නලින්ගේම වචන :lol: අභිධර්මය ඉගෙනගන්න කොට මෙයා කියන්නේ මොකද්ද කියලා තේරෙනවා.

    බටහිර විද්‍යාවේ නිරීක්ෂණ මත නිගමන වලට එනවා. නමුත් ඒ නිරීක්ෂණය ඇත්තටම බැලුවොත් බොරුවක් කියලයි කියන්නේ.

    අපිත් නිකන් තම්බියෝ ගානට වැටෙනවා

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    මෙයා කියන්නේ බන් අභිධර්මය. ඊනියා කියන්නේ "එසේ වන්නා යැයි කියන නමුත් එසේ නොවන" නලින්ගේම වචන :lol: අභිධර්මය ඉගෙනගන්න කොට මෙයා කියන්නේ මොකද්ද කියලා තේරෙනවා.

    බටහිර විද්‍යාවේ නිරීක්ෂණ මත නිගමන වලට එනවා. නමුත් ඒ නිරීක්ෂණය ඇත්තටම බැලුවොත් බොරුවක් කියලයි කියන්නේ.

    අපිත් නිකන් තම්බියෝ ගානට වැටෙනවා

    I won't comment.
    it took me a while to realize what science really is so i know how you feel about this.
    i've been reading nalin since 1998 ( i was in grade 8 back then) and until around second year in university i failed to understand his fundamental concept.. i still don't understand some of it.
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    දෙවනුව කිව යුත්තේ ගුරුත්වාකර්ෂණ තරංග යන්න වැරදි ව්‍යවහාරයක් බව ය. අවුරුදු සියයකට පමණ පෙර අයින්ස්ටයින් තම සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි සන්නිකර්ෂණ සමීකරණ යොදා ගනිමින් ඊනියා ගුරුත්වාකර්ෂණ තරංග ප්‍රචාරණය වන බව කීවේ ය. පසු කලෙක ජෝසප් වෙබර් මේ සංසිද්ධිය ගැන බොහෝ දේ එකතු කෙළේ ය. මෙහි දී කිව යුත්තේ ගුරුත්වාකර්ෂණ තරංග යනුවෙන් තරංග ප්‍රචාරණය (propagation) නොවන බව ය.

    වචනයක් අල්ලගෙන දැඟලිම නලින්ගේ සිරිතය. අයින්ස්ටයින් ගුරුත්වය ලෙස දුටුවේ ස්කන්දය මඟින් අවකාශ කාලය මත ඇතිකරන වක්‍රතාවක්. කුඩා ස්කන්ධයක් සහිත වස්තු කුඩා වක්‍රතාවක් ද විශාල වස්තු විශාල වක්‍රතාවක් ඇති කරයි ( කලු කුහර මගින් ඇතිවෙන වක්‍රතාව ඉතා විශාල නිසා ආලොකයටද ගැලවිය නොහැක) අයින්ස්ටයින් ගුරුත්ව තරංග ගැන සඳහන් කලේ විශාල වස්තු දෙකක් එකිනෙක වටා කැරකෙද්දි අවකාශ කාලයේ වක්‍රතාව තරංගයක් ලෙසින් ගමන් ගන්නා බවය. ගුරුත්වය සම්බන්ධ වූ අවකාශ කාල වක්‍රතාවේ තරංග ස්වරූපයක් නිසා ගුරුත්ව තරංග ලෙස කිව හැක.

    අපි එලෙවල් කරනකොට ජල තරංග ගැන කතා කරා. ඒ ලෙවල් පිසික්ස් කරපු උන් දන්නවා. සන්සුන් වතුර ටැංකියකට ගල දැම්මම ජල තරංග බලා ගන්න පුළුවන්. ඒවට අපි කිව්වේ ජල තරංග කියලා. දැන් ජල තරංග කියලා නම දාපු ගමන් ජලය තරංගයක් වෙනවද ?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Can someone explain metric tensors?
    i've touched it briefly under differential geometry but don't have a clear idea.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙහි දී ඇතැමුන් කියන්නේ ඊනියා ගුරුත්වාකර්ෂණ තරංග නිරීක්‍ෂණය හේතුවෙන් අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතා ප්‍රවාදය සත්‍ය බව සාධනය කෙරෙන බව ය. අප කිහිප වතාවක් ම කියා ඇත්තේ කිසිම නිරීක්‍ෂණයකින් කිසිම ප්‍රවාදයක් සත්‍ය වන බව පෙන්නුම් නොකෙරෙන බව ය. පළමුවෙන් ම ප්‍රවාදයක් යනු වියුක්ත කතන්දරයකි.ඒ වියුක්ත කතන්දරයෙන් අපෝහනය (deduce) කළ හැක්කේ වියුක්ත නිගමන මිස සංයුක්ත නිගමන නොවේ. එහෙත් නිරීක්‍ෂණයක් යනු සංයුක්ත වූවකි. සංයුක්ත නිරීක්‍ෂණයක් වියුක්ත අපෝහනයක් හා සංසන්දනය කළ හැකි නො වේ. දෙවනුව එසේ කළ හැකි වුවත් එයින් වියුක්ත ප්‍රවාදය සත්‍ය යැයි ගම්‍ය නො වේ. එයින් කියැවෙන්නේ ප්‍රවාදයෙන් වැඩගත හැකි බව පමණ ය. ප්‍රවාදවලින් සත්‍ය දැනගත හැකි යැයි කියන අය සත්‍යය යනු කුමක් දැයි තේරුම් කර දිය යුතු ය. සත්‍යය යනු කුමක් දැයි නොදැන සත්‍යය ගැන කීම වංචාවකි.

    ඇතමුන්ගේ කතා කිසි වැඩක් නැත.එක එකා එක් එක් මතයක සිටිය හැක. බටහිර විද්‍යාවේ (එහෙම කියමු නේ නලින්ගේ විද්‍යාවකුත් ඇතිනේ ) ඇදහීම් නැත. උපකල්පන පරික්ෂන නිරික්ෂන හරහා ලැබෙන නිගමන පමණි. ගුරුත්ව තරංග නිරික්ෂණය කීරිමෙන් වූයේ අයින්ස්ටයින්ගේ ගුරුත්ව තරංග පිළිබඳ උපකල්පන නිවැරදියැයි නිගමනය වීම පමණි. යමක් නිවැරදි වූ පමණින් එය සත්‍ය ඇදහීමක් ලෙස බටහිර විද්‍යාව කිසි දිනක සිතන්නේ නැත. උදාරණයකට ගුරුත්වය පිළිබඳ ප්‍රචලිත වාද දෙකක් ගමු.

    1 නිව්ටොනීය ගුරුත්වය
    2 අයින්ස්ටයිනියන් ගුරුත්වය.

    නිව්ටන් ඇපල ගෙඩියක් බිම වැටුණු එක පාදක කරලා ගුරුත්වය පිලිබඳ වාදයක් ගොඩ නැගුවා. ඒ වාදයෙන් බිම වැටෙන ඇපල් ගෙඩියක ඉඳලා සඳට යවන රොකැට්ටුවක චලිතය පැහැදිලි කරන්න පුළුවන්. නිව්ටන් වාදය නිවැරදියි ඒ තරම් වෙනකන්.

    ඒත් නිවටන්ගේ වාදයෙන් බුධ ග්‍රහයාගේ කක්ෂයේ තියෙන ආනත වීම පැහැදිලි කරන්න බෑ. එතැනදි නිව්ටන්ගේ ගුරුත්ව වාදය බිඳ වැටෙනවා.

    අයින්ස්ටයින්ගේ වාදයෙන් මේක පැහැදිලි වෙනවා. ඇයි කක්ෂ ආනත වෙන්නේ කියලා.
    සියවස් දෙකක හිටපු ශේෂ්ඨ්‍ර මොල දෙකක් ගොඩ නගපු වාද දෙකක්. අයින්ස්ටයින් කිව්වේ නෑ නිව්ටන් පට්ටපල් බොරු කාරයෙක් කියලා. අයින්ස්ටයින් වෙන විදියකට දැක්කා. එච්චරයි.

    නලින් කරන්නේ මොකද්ද අරු පට්ටපල් බොරු කාරයා මූ පට්ටපල් බොරු කාරයා කිය කිය ඉන්නවා මිසක් වෙන මොකුත් කරේ නෑ.

    නලියට අනුව පට්ටපල් බොරු යනු වියුක්ත ප්‍රවාද. අනික මිනිහට අනුව (සහ මම දැන් තේරුම් අරන් තියෙන විදිහට) යතාර්ථය කියල එකකුත් නෑ.

    නලින් පට්ටපල් බොරු ගොතල නැත්තෙම නෑ.

    http://cds.cern.ch/record/924065/files/0601536.pdf
    http://arxiv.org/pdf/1008.4213.pdf
     
    Kiri Toyya

    Active member
  • May 28, 2015
    202
    54
    28
    Home
    මේක විදුසරේ ගිය ලිපියක් නේද? මන් මේක කියෙව්වා. මගේ අදහස මචන් බුද්ධාගමයි බටහිර විද්‍යාවයි එකට ගලපන්න යන්න ඕනේ නෑ. බුද්ධාගමත් එක්ක බලද්දී බටහිර විද්‍යාව තාම ළදරු අවදියේ තියෙන්නේ. උන් උන්ගේ දර්ශනයට අනුව තාම දියුණුවෙමින් ඉන්නේ, ඒකට හරියන විදියට උන් හිතන්නේ.

    ඒ නිසා ගුරුත්ව තරංග හොයාගත්තා කියලා අපි කලබල වෙලා ඒක වැරදිකියලා බුද්ධාගම ඒක මැදට රිංගවන්න ඕනේ නෑ. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා වාදයට අනුව ඒක හරි වෙයි. බුද්ධාගමේ ඉගෙන්වීම් අනුව ඒක වැරදි වෙන්න පුළුවන්. තව ටිකක් කල යද්දී සාපේක්ෂතා වාදයත් බොරු වෙලා වෙන එකක් එන්න පුළුවන්. ඒ උන් දියුණු වෙන හැටි.අපි පාවිච්චිකරන තාක්ෂණික උපකරන හදල තෙයෙන්නේ ඒ දර්ශනයට අනුව, ඉංජිනේරුවන් වෙන්න ඉගෙනගන්නේ ඒ දර්ශය. අපිට ලෝකයත් එක්ක යන්න නම් ඒ දර්ශනයත් තේරුම ගන්න වෙනවා.

    බටහිර විද්‍යාවේ හොයන්නේ ලෝක විෂය පිළිබඳව, ඇත බුද්ධාගමේ අපි ඉගෙන ගන්නේ තමාව ජයගන්නේ කොහොමද කියලා. එහෙම වෙලත් අපි බටහිර විද්‍යාවේ මත බුද්දාගමත් එක්ක ගලපන්න ගියාම වෙන්නේ අග මුල පටලවගන්න ඒක. ඒ නිසා ඒ සොයාගැනීම් දිහා ඒ විදියට බලන්නත් බුද්ධාගම දිහා ඒ විදයට බලන්නත් තේරුම ගන්න ඕනේ කියන එකයි මගේ අදහස.
     
    Last edited:

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    12745842_826331110828553_3225967368405982916_n.jpg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මේක විදුසරේ ගිය ලිපියක් නේද? මන් මේක කියෙව්වා. මගේ අදහස මචන් බුද්ධාගමයි බටහිර විද්‍යාවයි එකට ගලපන්න යන්න ඕනේ නෑ. බුද්ධාගමත් එක්ක බලද්දී බටහිර විද්‍යාව තාම ළදරු අවදියේ තියෙන්නේ. උන් උන්ගේ දර්ශනයට අනුව තාම දියුණුවෙමින් ඉන්නේ, ඒකට හරියන විදියට උන් හිතන්නේ.

    ඒ නිසා ගුරුත්ව තරංග හොයාගත්තා කියලා අපි කලබල වෙලා ඒක වැරදිකියලා බුද්ධාගම ඒක මැදට රිංගවන්න ඕනේ නෑ. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා වාදයට අනුව ඒක හරි වෙයි. බුද්ධාගමේ ඉගෙන්වීම් අනුව ඒක වැරදි වෙන්න පුළුවන්. තව ටිකක් කල යද්දී සාපේක්ෂතා වාදයත් බොරු වෙලා වෙන එකක් එන්න පුළුවන්. ඒ උන් දියුණු වෙන හැටි.අපි පාවිච්චිකරන තාක්ෂණික උපකරන හදල තෙයෙන්නේ ඒ දර්ශනයට අනුව, ඉංජිනේරුවන් වෙන්න ඉගෙනගන්නේ ඒ දර්ශය. අපිට ලෝකයත් එක්ක යන්න නම් ඒ දර්ශනයත් තේරුම ගන්න වෙනවා.

    බටහිර විද්‍යාවේ හොයන්නේ ලෝක විෂය පිළිබඳව, ඇත බුද්ධාගමේ අපි ඉගෙන ගන්නේ තමාව ජයගන්නේ කොහොමද කියලා. එහෙම වෙලත් අපි බටහිර විද්‍යාවේ මත බුද්දාගමත් එක්ක ගලපන්න ගියාම වෙන්නේ අග මුල පටලවගන්න ඒක. ඒ නිසා ඒ සොයාගැනීම් දිහා ඒ විදියට බලන්නත් බුද්ධාගම දිහා ඒ විදයට බලන්නත් තේරුම ගන්න ඕනේ කියන එකයි මගේ අදහස.

    anna hari
    hari de mokakda kiyala hoyanawata wada prayojanawath de thamai matanam one :yes:
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    anna hari
    hari de mokakda kiyala hoyanawata wada prayojanawath de thamai matanam one :yes:

    ඔව්. උන් මොකාගෙ හරි වැරදි තියරියක් උස්සගෙන එකෙන් රොකට් යවනවා. අපේ උන් එකට බැන බැන වැද්දෝ වගේ හැසිරෙනවා