ඉතින් ඔහොම ඉන්නකොට කවුරුහරි ඇවිත් දොරට තට්ටු කරනව doctor patient කෙනෙක් ඇවිත්, එහෙම නැතිනම් ලෙඩාගෙ මොනවහරි ප්රශ්නයක් කියල.
ඉතින් ඔන්න ඔය වෙලාවට මට හිතිච්ච වාර අනන්තයි මේ සරම ඇඳගෙනම යන්න තියනව නම් නම් කියල
. ඇත්තටම ඒ වෙලාවට යුනිට් එකේ ඉන්නෙ රෝගීන් කීප දෙනෙකුයි හෙද හෙදියො, කාර්යමණ්ඩලය දෙතුන් දෙනෙකුයි මමයි විතරයි. සරම ඇඳගෙන ගියත් අවුලක් නැති මට්ටමට එයාලා ගොඩක් හිතවත්. ඒත් දඩ බඩ ගාල ආයෙ කලිසමට මාරු වෙලා තමයි ටී ෂර්ට් එක දාගෙන වාට්ටුවට යන්නෙ.
මොකද හදිසි ප්රතිකාර ඒකකයෙ නැතිනම් දැඩි සත්කාර ඒකකයෙ රෝගියෙකුට අමාරුවෙලා හාට් මසාජ් දෙනකොට ඇඳ උඩට නැගල දණිස් දෙක තියාගෙන තමයි පපු තෙරපුම දෙන්නෙ. ඉතින් මම ආසම ඇඳුම ඇඳගෙන ගිහින් ඒ වෙලාවට ඕක ගැලවෙලා බිම වැටුනොත් ආයෙ සරම ඇඳගෙන එනකොට ලෙඩා ජීවතුන් අතර නැති වෙයි. ලෙඩ නම් ලෙඩා කියලවත් කියමුකො.
ඒත් ඒක දැකල අර යසට ඉන්න මිසීලට හාට් ඇටෑක් එකක් වත් හැදුනොත් අපරාදෙ. ඒක නිසා කැමති ඇඳුම වෙනුවට හිත හදාගෙන හරි සුදුසු ඇඳුම අඳින්නෙ මම තවමත්.