අමාත්‍ය මණ්ඩල අනු කමිටුව මගින් යෝජනා කරන ලද අදියර දෙකකින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ගුරු වැටුප් වැඩි කීරීම එක් අදියරකින් සම්පුර්ණයෙන් වැඩිකිරීමට රජය සහ ගුරු සංගම් සමඟ පැවති සාකච්චාවකදී අද එකඟ වී තිබේ. ඒ අනුව එය අයවැයත් සමඟ ක්‍රියාත්මක වනු ඇත.
එමෙන්ම ස්ටාලින් සහ මහින්ද ජයසිංහ ඉල්ලීම් කරන සුබෝධනි කමිටුවේ වැටුප් යෝජනා කිසිසේත්ම ක්‍රියාත්මක නොකරන බවටද රජය මගින් පවසා තිබේ. අදින් පසු බොහෝ ගුරුවරුන් වෘත්තීය සමිති ක්‍රියා මාර්ග වලින් ඉවත් වන බවටද ප්‍රකාශ කර ඇති බවටද වාර්තා වේ.
එම වෘත්තීය සමිති වැඩි දුරටත් කියා සිටියේ ඔවුන් බහුතරයක් පසුගිය චන්ද වලදී පොදුජන පෙරමුණ ඇතුළු පාර්ශවයට චන්දය ප්‍රකාශ කලද ගුරු වැටුප් ප්‍රශ්නයේදී ඔවුන් බොහෝමයක් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට සහයෝගය දුන් බවය. නමුත් අදින් පසු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට 100% සහයෝගය දෙන බවටද ඔවුන් ප්‍රකාශ කර ඇත. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට සහය දුන්නේ ආණ්ඩුව අපහසු තාවයට පත් කිරීමට නොවන බවත් හුදෙක්ම තම වෘත්තීය අරගලය ජය ගැනීමට පමණක් බවත් වැඩිදුරටත් ඔවුන් ප්‍රකාශ කර ඇත.