Rata winasai ban. Mata patta dukak danenne. Owa kewa kalayak. Eth hathurekta wat recommend karanne na. Pure ganja hoyan gahapan
අඩෝ මගේ කතාව අහපල්ලා. ගුලි පට්ට ආතල් තමයි, හැබැයි ඇබ්බැහි උනොත් වෙන දේ මගේ කතාව.
මම අරක්කු සිගරට් බොන්නේ නෑ. ඉදල හිටලා joint එකක් කොහෙන් හරි සෙට් උනොත් ගහන සීන් එකේ හිටියේ මම. එකත් තනියම. මම වගේ එකෙකුට joint එකක් හොයාගන්න ලේසි නැ තනියම ඉන්නේ සමාජයක් නැ. ගෙදර ඉදන් වැඩ. මට මස තුන හතරකට සැරයක් මස්සින ගෙදර අවොත් උ ගෙනත් දෙනවා සති දෙකකට විතර බඩු. ඕක ගෙදරම තියාගෙන ගහනවා රෑට ඔක්කොම වැඩ ඉවර වෙලා. කවුරුත් දන්නේ නැ. ගෙවල් වලින් කෙස් එකක් තිබුනෙත් නෑ. ඔහොම තමයි මගේ ඔය හබිට් එක තිබුනේ. හෙබෙයි මට මස ගානකට සැරයක් ඒ ලැබෙන රිලැක්ස් එකට මම පට්ට අසාවෙන් හිටියේ.
දැන් අවුරුදු දෙකකට තුනකට කලින් තමයි ඔය ගුලි ඔන්ලියින් විකුනන්න ගත්තේ. මට ගංජා වලට easy access හම්බ උනේ ඔය කාලේ ඔන්න ඔය ගුලියෙන්. ඔය ඇඩ් එකක් දැකලා මාත් order කළා. ඊට පස්සේ ඒක ඩේලි හබිට් එකක් උනා. මාසෙකට මම ගුලි order කරගෙන මගේ වැඩ ඔක්කොම ඉවර වෙලා රෑ කෑමට කලින් එක ගුලියක් කන පුරුද්දක් හැදුනා. හැබෙයි මාසෙට එක සතියක් sober හිටියා reset වෙන්න. හොද healthy කෑම කැවා. exercise කළා. ඔය හැබිට් එක මස 7ක් 8ක් තිබුණා ඔහොම වෙනස් නොවි ඒ විදියටම. ඔය අලුත් lifestyle එකත් එක්ක මගෙත් relationship එහෙමත් සැහෙන්න ස්ට්‍රොන්ග් උනා. ගුලිය නිකන් මගේ කෝකටත් බෙහෙත වගේ උනා. ගෙවල් වල අවුලක් තිබුනෙත් නෑ. මිනිහෙකුට කතා නොකර ලැප් එක දිහා බලාගෙන හරි පොතක් බදාගෙන ඉන්න මම ඔය මාස කීපේ තමයි ගෙවල් වල මිනිස්සු එක්ක සිරාවටම connect උනේ.
මම කර කර හිටපු project එකයි contract එකයි ඉවර උනා. ඔය ඉවර වෙන කිට්ටුව මම වෙන ඔලුව කොලොප්පන් වෙන subject එකකට බහින ගමන් හිටියේ. මට ජොබ් එකත් කොයි වෙළෙද ඉවර වෙන්නේ කියලා බල බල හිටියේ අර subject එකට ෆුල් බහින්න. කොහොමහරි contract එක ඉවර වෙලා ආයේ වැඩක් හෙව්වේ නෑ. මගේ කෙදවචාකේ පටන් ගත්තේ එතනින්. ඔන්න ඔය කාලේ වෙනකොටත් ගුලියේ ඇත්තටම තිබුනේ ගංජා තමයි බන්. මම ඒක ෂුවර් පිට කියන්නේ.
හැමෝම ගත්තේ සෙවනගල කහ. එකට තමයි ලොකුම demand එක තිබුනේ. ඉස්සල්ලම වෙන ජරාවක් එක්ක අවේ ඔය කහ එක. මට මේක කියන්න සාක්ෂි නැ. මම හිතන විදිය විතරයි සහ මම psychoactive plants ගැන study කරලා තියෙනවා, ඒවා අනුව මගේ ගෙස් එක තමයි ලංකාවේ ගංජා වෙනුවන්ට easy cheap alternative එක තමයි අත්තන ඇට. (Datura seeds). මේකට devils seed කියලත් කියනවා. මම හිතන්නේ මුන් දාන්නේ ඒක කියලා. මට හොදට මතකයි කහ එකක් කාලා ඉස්සල්ලම කැරීම bad ට්‍රිප් එකක් ගියපු දවස. එදා මම sure එකටම දන්නවා ඒ ගංජා නෙමෙයි, වෙන compound එකක් දෙවෙනි හෝ තුන් වෙනි පාරට මගේ ඇග ඇතුලට එක ගියේ කියල. එකේ effect සිරාවටම එදා දැනුන. ඇග එකට fight කරන්න දෙන effort එක දැනුනා. ඒ ට්‍රිප් එකත් ෆුල් hallucinogenic, ගංජා high එකක් නෙමෙයි ඒක.
මම සාමාන්යෙන් ගන්නේ සෙවනගල කොළ පාට එක. ඒක සැර අඩු නිසා. ඉදල හිටලා කහ ගන්නවා. අවුරුද්දකට විතර පස්සේ මම මේ කියන්නේ online ගුලි සීන් ඒක commercialize වෙලා එතකොට හොදටම. (දැනුත් එහෙම තමයි බලපල්ලා ඔය related groups වල පට්ට sales agent ල ගොඩක් ඉන්නේ. එක well planned marketing strategy එකක් එක්ක යන ලොකු වැඩක්). ඔකේ ඔය ගංජා වෙනුවට මොනවහරි උන් දාපු/දාන එක පට්ට addictive.
ඕකත් එක්ක, මම මොකුත් වැඩක් නෑ ගෙදර, contract එක ඉවරයි මම බ්රේක් එකේ. උදේම ගුලියක් කන්න පුරුදු උනා. ටික දවසක් යද්දී මම පය 24ම online. dose එක එන්න එන්න වැඩි උනා. ගෙදර ඉන්න බෑ දැන් මට. ගෙවල් වල උන්ට මීටර් වෙයි කියල. මට දැන් අර ට්‍රිප් එකට ගෙදර මිනිස්සු කන්න එන්න කියලා කතා කලත් වදයක් වගේ. ගෙදර ඉදන් වැඩ කරන්න බෑ කියලා පොඩි පරණ ගෙයක් රෙන්ට් එකට අරගෙන උදේ ඉදන් රෑ වෙනකම් ඒකට වෙලා හිටියා. දැන් ගෙවල් වල උන්ට පෙන්නේ නෑ. රැට ගිය පරණ වීදියට කව, මෙලෝ පණක් නැ දවස තිස්සේ high dose ඉදලා වැටිච්ච ගමන් නිදි.
ඔහොම හිටියා යකෝ මස 6ක් විතර. අර බහුබූත subject එකත් එක්කම කල්පනා කරන්න පටන් ගත්ත. පිස්සෙක් වගේ ලියනවා කල්පනා කරනවා මේ ටීක් වෙලා ඉද්දි. මට ගොඩාක් විස්තර ඔය කාලේ ගැන කියන්න බෑ. මගේ ඔලුව කෙලින්ම වෙනම පිස්සුවක් උනා. මම හිටියේ වෙනම මානසික රියලිටි එකක. ගෙවල් වලට මීටර් වෙනකොට මම ෆුල් අවුට්. ඊට පස්සේ rehab ඉදල, තව එක එක මගුල් ගොඩක් කරලා අන්තිමට මේ රටට ඇවිත් තමයි බන් මම ඒ addiction එක කඩාගත්තේ. මෙහෙ ඇවිල්ලත් මාස 6කට වඩා ගියා ෆුල් recover වෙන්න. මම ආයේ ජොබ් එකක් හොයාගෙන , වැඩක් කරන්න ඔලුව හදාගන්නකොට cost එක මගේ ජීවිතෙන් අවුරුද්දක්, ඉතුරු කරලා තිබුන සියලු මුදල් වත්කම් ඉවර වෙනකම් මම හිස් ගෙයක් අස්සේ ගුලි කකා කල්පනා කර කර හිටියා. මම 2015 පලවෙනි ජොබ් එක පටන් ගත්තේ, ඒ ඉදන් 2023 වෙනකම් මම හදාගත්තු හැම දෙයක් ම මම ඔය කියපු අවුරුද්ද ඇතුලත විනාස වෙනකම් ඔහේ කරබාගෙන ගුලි කකා වෙනම ෆැන්ටසි එකක හිටියා.
මොක උනත් මේකේ ගුලි වලට ඇබ්බැහි උන දිනපතා කන දෙක තුන කන එකෙක් ඉන්නවා නම් කියන්නේ අඩෝ කියන්නේ ජිවිතේ විනාසයි බන්. withdrawal එක තමයි අමාරුම. එකෙන් පස්සෙත් උඹ ෆුලි recover වෙන්නේ නැ. උඹේ focus, memory, adjusting reality ඔක්කොම අවුල්. ඒ නිසා ගානකට පරිස්සමින්. මම දැන් sobar ගිය අවුරුද්දේ april ඉදලා. හැබෙයි තාම මට පිස්සු
මම දන්නේ නැ වැරැද්ද ගුලියේද මගේ ද කියල. හැබැයි මගේ ගුලි experience එක ඕක.