ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නියමුවන් පුහුණු කරන පී ටී 6 නැමැති සැහැල්ලු ගුවන් යානයක් කන්තලේ ජනරංජන වැව ඉස්මත්තේ ඇති ඇලකට කඩා වැටී ඇති බව ගුවන් හමුදාව කියයි.
මෙම ගුවන් යානය ගුවන් නියමුවා සමඟ චීන වරාය හමුදා කඳවුරෙන් පිටත්ව ගොස් ඇති අතර පසුව එය පාලක මැදිරියේ් ගිලිහී ගොස් තිබු බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය ..
දැනට විනාඩි 45 ක කාලෙක සිට මෙම ගුවන් යානය පාලක මැදිරියෙන් ගිලිහී ගොස් ඇති බවත් එවකට එය තිබී ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ බව ද හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා කීය .
මෙම ගුවන් යානය කන්තලේ ප්‍රදේශයේ පිහිටි ජනරංජන වැව ආසන්නයේ පිහිටි ඇළ මාර්ගයකට කඩා වැදී ඇති බවත් ගුවන් නියමුවා ගුවන් යානය තුළම සිර වී සිටින බවද පොලිසිය කියයි .
එනම් ඒ වන විට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් ද එම ස්ථානයට පැමිණ ඇති අතර පොලිසිය සහ ගුවන් හමුදාව එක්ව යානයේ සිර වී සිටි ගුවන් නියමුවා ඉවත් කිරීමේ කටයුතු වල නිරත වන බවද පොලිසිය සඳහන් කරයි .
යානය තුළ සිරවී සිටින ගුවන් නියමුවා මියගොස් ඇති බවට සැක කරන බව ද පොලිස් ආරංචි ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි .