ගෘහනියක් දුටු ආර්ය මාර්ගය...
ගෘහනියක් දුටු ආර්ය මාර්ගය...
http://www.printfriendly.com
උදේ මුහුණ සේදීමෙන් පසුව මගේ සැමියා විදුලි පහන් කිසිවක් off කර නැත, තව පැයක් පමණ ප්‍රමාද වුවා නම් ගිනියම් වූ විදුලි ඉස්තිරික්කය අපේ මුළු නිවසම අළු කර දමන්නට පවා ඉඩ තිබිණි.
මගේ කේන්තිය මෙතෙකැයි ගණනය කොට කියන්නට නොහැකි එය මතක් කරන මේ මොහොතේ පවා මගේ අගේ මාළු නටන නිසාය.
ඔහුට අතපසු වීමක් වන්නට ඇත. මෙය ඔහු නිවසට පැමිණි කල කියමි. නමුත් ඔහු එය නැවත නැවතත් අකුරටම කරවී යන පුර්ව නිගමන රහිතව...
මගේ පුංචි පුතු උදේ මඳක් අසනීපයෙන් කෑගැසූවේය. මෙය මට අලුත් අත්දැකීමක් නොවුවත් වෙනදාට වඩා ඔහු පීනසය නිසා සැදුනු දරුණු හිසේ රුදාවකින් කෑගහන අයුරු දුටු මගේ හිත මොහොතකට කම්පනය විය...
මට විශාල බියක් ද, දුකක්ද ඇති විනි....
රෝගී වීම සාමාන්‍ය දෙයකි, දුක් වී වැලපුනද මගේ කඳුළු වලින් ඔහුගේ පීනසය හෝ හිසේ රුදාව මඳකුදු අඩු නොවේ,
මන් කඳුළු පිසදා ඔහුට බෙහෙත් ගැනීමට යාමට සැරසුණි...
පාන්දර අවදි වන මට නිවසේ වැඩ සියල්ල කිරීමට සිදුවේ, නමුත් අය්යාගේ බිරිය සැපසේ නිදා සැපසේ අවදි වේ, අය කිසිවක් නොකරයි.
නමුත් නිවසේ සැමගෙන් ප්‍රශංසා ලැබෙන්නෙත් මහන්සි වී වැඩ කරන මට නොව අයටයි...
මගේ අය්යා, විවාහ වුයේ පසුගිය මාසයේය... ඔහු විවාහ වීමට පෙරත් ගෙදර සියලු වැඩ කලේ මමය, දැන් ඔහු තවමත් තනිකඩව සිටියා නම් මට කිසිත් දුකක් නැත...
අය්ය විවාහ වී වෙන ගෙදරක සිටියා නම් එත් මට දුකක් නැත...
බලන්න මගේ පටු චින්තනය. අය්යාග් විවාහය, ඔහුගේ බිරිඳ, ඔහුගේ දරුවන් ඔවුන්ගේ ඇවතුම් පැවතුම් මගේ කර උඩ තියාගෙන මන් ඇවිලෙන තරම්, මන් දුක් විදින තරම්, මන් පිච්චෙන තරම්.
මගේ පුංචි දියණිය කිසිදාක තේ බී කෝප්පය නොසොදයි, නමුත් අද අය කෝප්පය සෝදා නිවැරදි තැන තබා ගොස් ඇත. මට මහත් සතුටක් ඇතිවිය. අය ගැන මට අභිමානයක් ඇතිවිණි....
නමුත් අද කෝප්පය සේදු අය හෙට කෝප්පේ හෝදන්නට ගියොත් එක බිඳ ගෙන කකුල කපාගන්නට ද බැරි නැත...
මගේ සැමියා මට සාරියක් ගෙනෙල්ලා. එක මගේ කෝට්ටේ යටින් දාල ගිහින්. හොර ගෙඩියා මට කිව්වේ නැහැ, මන් තනියම සිතින් මුමුනමින් සතුටු විය... මාව ලස්සනට තියන්න උත්සාහ කරන්නේ ඔහු මට ඇති ආදරය නිසාමය....
නැත, මාව ලස්සනට තබා ඔහුට සතුටු වීමටය, ඔහුගේ party වලට ලස්සන බිරියක් සමඟ ගොස් සමාජයේ කැපී පෙනෙන්නට ඔහු තුල ඇති කැමැත්තයි...
කොච්චර රසවත් බත් එකක් උනත් අනලා දුන්නොත් කොච්චර අප්පිරියද?
ඒවගේ තමයි දැලි කුණු පෙරාගෙන, දත් මදින්නේ නැතුව මන් හිටියොත් මගේ සැමියා මට ආදරය කරාවිද?
කරාවි වෙනදා මෙන් ප්‍රසන්න අයුරින් නොවේ..
නමුත්, සම්මුතියේ ඔහු සැබෑම සැමියෙකි... එය මා හොදින් දනිමි, ඔහුට මම ගරු කරමි, නමස්කාර කරමි....
මගේ සැමියාගේ මව එනම් මගේ නැන්දනිය දරුණු කොන්දේ අමාරුවකින් පෙලේ. අයට දැන් වාරු නැත... අය මෙන්ම රෝගාතුර වූ මගේම මවත් සිටින්නේ අප නිවසේමය....
මගේ නැන්දනිය කාමරය කැත කොට ඇත. මම එය සුද්ද කලෙමි. මට යම් කේන්තියක් හිතට නැගිණි, මේ ගැනිගෙන් තියෙන කරදරයක්,
නමුත් මම සැමියා ඉදිරියේ මේ බව සඟවා ගනිමි.
කොස්සෙන් ගසා අය එලවා දමන්නට මට සිතුනු වාර ගණන අතේ ඇගිලි ගානට වඩා වැඩිය...
නමුත් ටික වෙලාවකට පසු දැනගන්නට ලැබුනේ කාමරය කැත කොට ඇත්තේ මගේ මව විසින් බවය... මගේ කේන්තිය තුනී විය..
ආ මගේ අම්මනේ කැත කොරල තියෙන්නේ, ආ මගේ අම්මා මගේ කැත කුණු කොච්චර අතගාල ඇත්ද?
මගේ සිතට තොර තෝංචියක් නැතුව ගලා ගෙන ආවේ එවැනි සිතුවිලිය...
බලන්න, මගේ පටු චින්තනය, එකම කැත කුණු, නැන්දනියගේ හෝ මවගේ වීම මගේ සිත වෙනස් අයුරින් කම්පනය වන හැටි....
මම සැමියාගේ පෙර දින අඳින ලද කමිසය සෝදන්නට සැරසුණි. එහි සාක්කුවේ වුයේ කාන්තා අත් ලේන්සුවකි.
මට එවෙලෙහිම ලෝකය කැරකෙන අයුරු දැක්කෙමි. මට හිතට දැනුනු වේදනාව, සංකාව වචන වලට කිව හැකි නම් බාගවිට එය ලෝකයේ දැනට ලියවී ඇති දිගම නවකතා පොත විය හැක....
සවස නිවසට පැමිණි මගේ වැඩිමහල් දියණිය
"අම්මේ, කෝ මන් තාත්තට ගෙන්න කිව්ව ලේන්සුව ගෙනත් නැද්ද තාම? කියා ඇසුණු විටයි එතෙක් වතුර වී තිබු ලේ ටික නැවත ලේ බවට හැරුනේ....
බලන්න පුර්ව නිගමන ගෙන විඳවන විදවිල්ලක්.... පිච්චෙන පිච්චිලක්, ඇවිලෙන අවිලිල්ලක්...
එදිනෙදා සිදුවන සිදුවීම්, අනපේක්ෂිත අත්දැකීම් අනුව අපේ සිත කම්පනය වන අයුරු....
අලාභ, අයස පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරන අප බලහත්කාරකමෙන් සැප ලන්කරගැනීමට දගලයි....
මම සතුටු විය යුතුය, හොඳ ඇසිය යුතුය, මා සිතන පරිදි ලෝකය තිබිය යුතුය....
මන් කොතරම් මෝඩද?
මන් හිතන හැටියට ලෝකේ තියාගන්න, මායි ලෝකෙයි අතර තියෙන ගිවිසුම කුමක්ද? නිත්‍යානුකුල බැඳීම කුමක්ද?
අත් හැරලා දාන්න මනසින්. නිදහසේ ජිවත් වෙන්න...
බස් එක එන්නේ බස් එකට ඕනේ වෙලාවට, බස් එකට බැන්නට ඒක එන්නේ ඒකට ඕන වෙලාවට මිසක් අපිට ඕන වෙලාවට නෙමෙයි.
බස් එක එනතුරු ලෝකය දෙස බලන්න. අසිරිය විඳින්න.... නොබැදෙන්න, විඳින්න නමුත් නොබදෙන්න ලෝකයට.
සලකන්න අන් හැමටත් වඩා සැමියාට දරුවන්ට, නමුත් නොබැදෙන්න, කිසිවක් නොපතන්න....
ලොකු වූ පුතු, දුව ඔබට පෙරලා සලකාවි කියා....
"දියණියනි, මා ඔබෙන් අසන්නේ දැන් ජිවිතයේ විඳවීමක් ඇතිද කියා...?"
නැත මුනිද්‍රයන් වහන්ස, සිහිනයක කවර විදවිමක්ද? "
ඒ ගෘහනියගේ පිළිතුරයි....
සාධු! සාධු!!සාධු!!!
By: Chinthaka Koorala
http://www.nirvanadhamma.com/lk/dam-asura/pannawantha-siwwanak-pirisa-udesa!/antharjalayen/gruhaniyakage-aarya-margaya/

Last edited: