අය මචං අපි මොනවා හරි තෙල් වලින් බදිනවනම් මැටි වළං වලින් වළඳ රත් උනහම නෙමෙයිලු තෙල් දාන්නේ වළඳ සෝදලා ලිපේ තියෙද්දිම තෙල් දාලම ලිපේ තියන්න ඕනේ අර විදිහට තෙල් දැම්මොත් වළඳ පුපුරනවලු
ඕක ගොඩක් දේවල් වලට පොදුයි
වලඳ රත් වෙලා තියෙද්දි මුලු වලඳම එක ප්‍රමානෙට ප්රසාරනය වෙලා තියෙන්නෙ
වලඳ රත් වෙලා තියෙද්දි තෙල් දැම්මොතින්, තෙල් තියෙන්නෙ කාමර උෂ්නත්වයෙ,මේක නිසා වලඳෙ තෙල් ගෑවෙන පැත්තෙ උෂ්නත්වය ක්ශනිකව කාමර උශ්නත්වයට පත් වෙනවා තෙල් ටික නිසා, එතකොට ඒ පැත්ත ක්ශනිකව සංකෝචනය වෙනවා නමුත් වලඳෙ යට පැත්ත එහෙම සංකෝචනය වෙන්නෙ නැහැ ඒ පැත්ත ප්රසාරනය වෙලා තියෙන්නෙ දැන් මේක නිසා මේ ප්රසාරන දෙකේ වෙනස වැඩිම තැනකින් හරස් අතට පුපුරලා ලේයර් දෙකක් විදියට වෙන වෙනම ප්රසාරන සංකෝචනය වෙනවා, මෙහෙම උනාම වලඳ චිප් වෙලා වගේ අර හරස් අතට වෙන් උනු ලේයර් දෙකෙන් කැඩිලා යනවා
මැටි නෙමෙයි, ගොඩක් බාජන වලට ඕක වෙන්න පුලුවන්.
මහ ගල් කඩනවා ඔහොම, දවස් දෙක තුනක් එක දිගට ගිනි තියලා, එක සැරේ එක පැත්තකට වතුර හරි අයිස් වතුර හරි දානවා, එතකොට ඔය විදියට ගල ලේයර් විදියට පැලෙනවා.