ගෙදරට ඊ-මේල් ආවහම බෙල් ගහන්නේ කවුද?
ප‍්‍රධාන පෙළේ කාර්යාලයක නිලධාරි පිරිසක් වෙනුවෙන් පසුගිය දිනක පරිගණක පාඨමාලාවක් පැවැත්විණි.
එක්දිනක මෙම පාඨමාලාවට නිලධරයෝ පිරිසක් සහභාගි වූහ. ඒ අතර වැඩිදෙනා අද හෙට විශ‍්‍රාම යන වයසේ පසුවූවන්ය. ඔවුන් මෙයට සහභාගි වූයේ ප‍්‍රධානියාගේ බලකිරීම නිසා මිස කැමැත්ත ඇතිවද නොවේ.
උපදේශක පාඩම ආරම්භ කරමින් පරිගණකයෙන් ගතහැකි ප‍්‍රයෝජන පිළිබඳව එකින් එක කරුණු පැහැදිලි කරන්නට විය. අන්තර්ජාලය ගැන කරුණු කියාදුන් උපදේශක විද්‍යුත් තැපෑල පිළිබඳව දැනුම්වත් කළේය.
නිදිබරව සිටි නිලධාරිනියක් එක්වරම හඬ අවදි කරමින් සර්, ඊමේල් ආවම අපිට ඒ බව දැනගන්නට බෙල් ගහන්නේ කවුදැයි විමසුවාය. මේ ප‍්‍රශ්නයත් සමග උපදේශක අන්ද මන්ද වූයේය.
තැපෑලෙන් එන ලියුම් බෙදාහරින ආකාරයේ හා විද්‍යුත් තැපෑලේ වෙනස පිළිබඳව කරුණු පැහැදිලි කර දීමට උපදේශකට සෑහෙන වේලාවක් ගත විය.