ගෙදරට මුලින්ම computer එකක් ගෙනාපු දවස ගැන මතකය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    P4, VGA 256MB, Hard eka 160GB එකක් අරන් දුන්නෙ ඕලෙවල් පාස් උනාම (2007). ගාණ 80ක් වගේ උනා මතක විදියට

    ඒ වෙනකන් 8 වසරෙ වගේ ඉදල හැමමාසෙම පරිගණක සගරා එකතු කරල කරල විස්තර බලල ගොඩක් දේවල් ඒක ගැන දැනගෙන හිටිය. ඒක අරගෙන මාසයක් යන්න කලින් හැදුන පැපොල. ආයෙ මොකවත් නෑ ගේම්ම ගැහුව ඒ මාසෙම. ඊට පස්සෙ සෙට් උනා ස්කොලෙ වෙබ් එකක් හදන්න. මොකවත් දන්නෙ නෑ පස්සෙ ඒ කාලෙ අදුරන අයිය කෙනෙක් ඉදල පොරගෙන් ඩ්‍රීම්විවර් එකයි ඒකට ඕනි වීඩියෝ ටිකකුයි නෝට් ටිකකුයි හොයනා වෙබ් එක හැදුව.
    මට තාම මතක් වෙනව ඒක ඒ කාලෙ සින්දු එහෙම ප්ලේ වෙනකොට. මුලදි බබා වගේ තියන හිටියට අන්තිමට කේසින් එක ඇරල කරන්න තියෙන හැම එක්ස්පෙරිමන්ට් එකම කරල තිබ්බෙ.

    ගත්ත කඩේ අයියත් මාරම සපෝට් එකක් දුන්නෙ අවුල් කරගන්න කරගන්න පාරට අරන් ගියාම.

    ලැප් එක අරගෙන කැම්පස් ගියාම ඒක මැරිල ගියා. :( :(

    ඊට පස්සෙ ආයෙ ඩෙස්ක්ටොප් එකක් ගත්තෙ ගිය අවුරුද්දෙ. අවුරුදු 10කට විතර පස්සෙ. ඒක නන් AMD Ryzen එකක්
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    මුලින්ම අපේ ගෙදරට ගෙනාවෙ 2002 වගේ computer එකක්. ඒකාලෙ ක්ලාස් එකක් තිබිල ඒක වහල දැම්ම ඕකෙ computer ටික විකුණල දාද්දි අඩුවට තාත්ත එකක් ගෙනාව. ඒකාලෙ දන්නෙ නෑ මොනවත් mario ගහන්ව dangerous dave ගහනව paint එකේ චිත්‍ර අදිනව.
    WWindows 98 තමා තිබ්බෙ.

    දෙවනි එක 2008 pentium 3

    ඒකෙන් තමා ගේම් ගැහුවෙ
    කිරියේ සාමාජිකයන්ගේ මුල්ම පරිගණකය පිලිබද අතිත මතක කෙසේද.

    @Solo Rider මට අලුත් එකක් අරං දෙනව කිව්ව ලගදිම
    Leading edge kiyana brand ekey DOS computer ekak. 2000 wage hambenna aththe. Maamage putha use karana uta aluth ekak (win 98) aran deepu nisada koheda mata uge parana eka dunna. monochrome screen eka.

    ekey HDD tibbe ne floppy 2k tama tiyenne. ekak OS eka antih eka mokakhari program ekak. wadi kaalayak tibbe ne mokada floppy 5 1/2 (umbala use karala aththe 3 1/2). e kaalema ewa hoyannath ne.
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    අපේ අයියා කැම්පස් එකේ තියාගෙන හිටිය එක ගෙනාව 2003 දී ,
    Pentium 1
    32MB ram
    1GB Hard disk
    Win 98se
    මට අල්ලන්නවත් දුන්නෙ නෑ ෆ්‍රෙන්ඩ්ස් :-( අයියා කොහෙහරි ගියාම හොරාට කාමරේට පැනල තමයි බලන්නේ😥 දවසක් අයියා කැම්පස් එකේ උත්සවයකට නුවර ගියා. එදා මම දවසෙම වැඩ ඉතින්. මම හාඩ් එකේ ඉඩ අඩු කරගන්න කියල program files ටිකක් delete කරා. ඉතින් හැන්දෑවේ shutdown කරලා නාල රෑට කලා 9.30ට විතර අයෙත් කාමරේට පැනල on කරා. එදා තමයි මම හොදටම බය වුන දවස. එත් මම රෑ 3.00 විතර වෙද්දී තිබුන වගේම 98 දාල ඔක්කොම software දාල හැදුව. කවදාවත් කවුරුවත් මට කියල දීල තිබුනේ නෑ. මම තනියම startup floppy , win 98 CD එක , DOS Commands( format c:, setup) මේවා ඔක්කොම බයට ගහල මටම හිතාගන්න බෑ කොහොම හරි ගියාද කියල. කොහොම හරි අයියට හොයාගන්න බැරි වුනා මගේ mission එක:-)
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    2002 අපේ අයිය යුනි ඉන්න කාලෙ මුල්ම කොම්පියුටරේ ගෙනාවෙ..
    AMD Duron එකක්.. 128mb RAM, 40gb hdd.. parts ටික unity එකෙන් අරං පඩිපෙළ ගාව ඉඳන් assemble කරගෙන ආව කිව්වෙ :P
    14" crt monitor එකක් තිබුනෙ ඉතින් මම මුලින්ම හිතුවේ ඒක තමයි කොම්පුයුටරේ කියල :P
    ඕකෙන් ඒකාලෙ delta force 2, nfs 2, Oni, gta 3 එහෙම ගැහුව ඇති වෙනකන්
    ATI rage 128 pro 32mb vga එකකුත් ගහල තිබුනෙ..

    කොහොමහරි ඕකෙ win98 තිබුනෙ මම සතියක් යන්න කලින් තනියම වින්ඩෝස් දාල සේරම කරලත් ඉවරයි ඉතින්
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,935
    2,073
    113
    2007 desktop
    2008 Toshiba laptop
    2010 Sony laptop
    2012 Mac Pro 13inch
    2015 acer 16GB ram i7
    2021 mac M1
    2022 Microsoft surface x 16GB ram (Office eken)
     
    • Like
    Reactions: RottenCOLT

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    2002 අපේ අයිය යුනි ඉන්න කාලෙ මුල්ම කොම්පියුටරේ ගෙනාවෙ..
    AMD Duron එකක්.. 128mb RAM, 40gb hdd.. parts ටික unity එකෙන් අරං පඩිපෙළ ගාව ඉඳන් assemble කරගෙන ආව කිව්වෙ :P
    14" crt monitor එකක් තිබුනෙ ඉතින් මම මුලින්ම හිතුවේ ඒක තමයි කොම්පුයුටරේ කියල :P
    ඕකෙන් ඒකාලෙ delta force 2, nfs 2, Oni, gta 3 එහෙම ගැහුව ඇති වෙනකන්
    ATI rage 128 pro 32mb vga එකකුත් ගහල තිබුනෙ..

    කොහොමහරි ඕකෙ win98 තිබුනෙ මම සතියක් යන්න කලින් තනියම වින්ඩෝස් දාල සේරම කරලත් ඉවරයි ඉතින්
    ගේන දවසෙ මම ට්‍රේන් ස්ටේෂන් එකටත් ගියා තියෙන අසාවට:yes:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    2006 di IBM Thinkpad ekak tibuna. win xp tibune. use karapu ekak hambune. mn awrudu 3k wada kara screen eka yanakn. e kale hadanna kawruwat hitiyet na. chithra adapu ekai game gahapu ekai kare. supiri rocksolid badu. touch pad na. mouse one na. keyboard eka mada rathu dot eken tama okkoma kare 😁🤭
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    maxresdefault.jpg