කොටි හිතවාදී කටුගෙට හා වෙබ් අඩවියට කැනඩා රජයෙන් අවසර
ද්‍රවිඩ ජන සංහාරය නමින් කටුගෙයක් කැනඩාවේ ටොරොන්ටෝ නුවර ස්ථාපිත කිරීම සඳහා කැනඩා රජය අවසර දී ඇත.
මේ හැර තස්හුම් බානම් නමින් ද්‍රවිඩ ජන සංහාර වෙබ් අඩවියක් කැනඩාවේ සිට විකාශය කිරීමටද කැනඩා රජය ඉඩදී තිබේ.
කැනඩාවේ ටොරොන්ටෝ නුවර ආරංචි මාර්ග දක්වන අන්දමට යාපනයේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක ඒ සඳහා මුල්වී ඇත.
අඩයාලම් නමින් හඳුන්වන මෙම රාජ්‍ය නොවන සංවිධානය ශ්‍රී ලංකාවේ රජයේ ලියාපදිංචි වී නැති අතර හොර සංවිධානයක් ලෙසින් ක්‍රියාත්මක වේ.
මෙම ජන සංහාර කටුගෙය සහ ජන සංහාරය නමින් වෙබ් අඩවියක් කැනඩාවේ ස්ථාපිත කිරීම සඳහා එම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියට කැනඩාවට යැම සඳහා කොළඹ කැනඩා මහ කොමසාරිස් කාර්යාලය අවසර දී තිබේ.